නවසීලන්ත සංචාරයේ නායකත්වය මාලිංගට හා දික්වැල්ලට | දිනමිණ

නවසීලන්ත සංචාරයේ නායකත්වය මාලිංගට හා දික්වැල්ලට

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත් කෙරේ.
 
උපනායක්වය හිමිව තිබෙන්නේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
 
කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වෙති.  මීට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය ද හිමිව තිබේ. 
 
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමට මීට පෙර මෙහෙයවනු ලැබූ අතර, එක් දින කණ්ඩායමේ නායකත්වයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. 
 
තුන් ඉරියව් ක්‍රීඩකයින් වන සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න ද නම් කළ කණ්ඩායමට ඇතුළත් වේ.  ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලිය එක්දින තරග 3කින් සහ 20-20 තරගයකින් සමත්විතයි.

නව අදහස දක්වන්න