රන් භාණ්ඩ සොරාගත් 2ක් අත්අඩංගුවට | දිනමිණ

රන් භාණ්ඩ සොරාගත් 2ක් අත්අඩංගුවට

අනුරාධපුර මධ්‍යම විශේෂ

නිදන ඇඳේ මෙට්ටය අස්සේ ආරක්ෂාවට සඟවා තිබූ කාන්තාවක් සතු රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරා ගත් බවට සැකපිට තරුණයකු සහ ඔහුගේ මිතුරකු එප්පාවල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එප්පාවල පොලිස් වසමේ නල්ලමුදාව ප්‍රදේශයේ පදිංචි 51හැවිරිදි කාන්තාවක විසින් එප්පාවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සොරා ගත් රන් භාණ්ඩ තොගය මෙතෙක් පොලිසියට සොයා ගැනීමට නොහැකිවූ බව පොලිසිය පවසයි. පැමිණිලිකාර කාන්තාව දරු තිදෙනකු සමඟ නිවෙසේ සිටින බවත් ඇය ගොවිතැන් කටයුතු සඳහා ගිය අවස්ථාවේ නිවෙසේ පිටුපස දොර විවෘත කර නිවෙසට ඇතුළුවූ සැකකරුවන් ඇය නිදන ඇඳේ මෙට්ටය අස්සේ ලේන්සුවක ඔතා සඟවා තිබූ රන් ආභරණ පොට්ටනිය සොරා ගෙන ගොස් ඇති බවට සැකකරන බව පොලිසිය පැවැසුවේ ය. සැකකරුවන් විසින් ගෙවිලියට අයත් රන් මාලයක්, මොනර පෙන්ඩනයක්, විවිධ ප්‍රමාණයේ රන්මුදු හයක් හා කාන්තා අත් ඔරලෝසුවක් සොරා ගෙන ගොස් ඇති බව පොලිසිය පැවැසුවේ ය.

නව අදහස දක්වන්න