විභාග වංචා කළ 05කට ප්‍රතිඵල අහිමි වන ලකුණු | දිනමිණ

විභාග වංචා කළ 05කට ප්‍රතිඵල අහිමි වන ලකුණු

අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේදී විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ සිසුන් 05 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත සඳහන් කළේ, මෙවර විභායේදී සිදු වූ විභාග අක්‍රමිකතා පිළිබඳව විමර්ශන මේ වන විට විශේෂ කණ්ඩායම් මගින් සිදු වන බවයි.

එම සිදුවීම් අතරින් අපේක්ෂකයෙකු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු විභාගයට පෙනී සිටීම සහ ජංගම දුරකතනයක් භාවිත කරමින් තොරතුරු ලබා ගැනීම ප්‍රධාන බව ද සදහන්.

නව අදහස දක්වන්න