අධිකරණයට අපහාස කළේයැයි සරත් එන් සිල්වාට පෙත්සමක් | දිනමිණ

අධිකරණයට අපහාස කළේයැයි සරත් එන් සිල්වාට පෙත්සමක්

අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් . එන් . සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ,මහාචාර්ය හේවා වඩුගේ  සිරිල් සහ ජේෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
 
එහි වගඋත්තරකරු ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා නම් කර තිබේ. 
 
පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් තුන් වනදා ජාතික එකමුතුව මඟින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි. එමෙන්ම  ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා ද ඔහු මේ ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර ඇති බවද පෙත්සම්වලට සදහන් වේ.
 
එම ප්‍රකාශ තුළින්  අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළ කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කළා. හිටපු අගවිනිසුරුවරයාගෙ  මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න