අලුත් ආර­ම්භ­යක්! | දිනමිණ

අලුත් ආර­ම්භ­යක්!

අලුත් වට­ය­කින් දේශ­පා­ල­නය ආරම්භ කිරී­ම­ටත්, නව චින්ත­න­යක් ඔස්සේ යථා­ර්ථ­යට මුහුණ දීම­ටත් අව­ස්ථාව පැමිණ තිබේ. ඊට අවශ්‍ය ප්‍රවේ­ශය ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව යැයි කිව හැකි ය. අලුත් ආර­ම්භ­යක් හැම අතින් ම වැද­ගත් ය. දේශ­පා­ලන බෙදීම්, දේශ­පා­ලන ගැටුම් පම­ණක් නො ව; සිවිල් අර­ගල පැවැති රට­වල් පවා කේන්ද්‍රීය ස්ථාන­ව­ලට පැමිණ අලුත් දේශ­පා­ලන පරි­ච්ඡේද ආරම්භ කර ඇත. ඒවා බෙහෙ­වින් සාර්ථක ය. සංහි­ඳි­යාව හා සහ­ජී­ව­නය ඇති­ක­ර­න­සුලු ය. අපගේ වැට­හී­මට අනුව දේශ­පා­ලන පක්ෂ, ඒවා­යෙහි නාය­ක­යන් පම­ණක් නො ව; ජන­තාව පවා අලුත් ආර­ම්භය අව­බෝ­ධ­ය­කින් යුතුව පිළි­ගත යුතු ය.

‍රටේ දේශ­පා­ලන අර්බු­ද­යක් පව­තින බව රහ­සක් නො වේ. ජනා­ධි­ප­ති­ව­රයා පවා එය පිළි­ගෙන තිබේ. ඒ අවං­ක­භා­වය ගැන රටේ ජන­තාව සතුටු විය යුතුය. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ තීන්දු­වට අභි­යෝග නොකොට ජනා­ධි­ප­ති­ව­රයා එය පිළි­ගැ­නී­මත්; තීන්දු­වට අනු­කූල ලෙස ඉදිරි දේශ­පා­ලන කට­යුතු සැලැ­සුම් කිරී­මත් යහ­පත් ප්‍රව­ණ­තා­වක් සේ සැලැ­කිය හැකි ය. එසේ නො වූයේ නම්; අර්බු­දය හෝ ගැටුම හෝ තවත් උත්සන්න වීමට ඉඩ තිබිණි. මේ මොහොතේ ජාත්‍ය­න්ත­රයේ දැඩි අව­ධා­නය ශ්‍රී ලංකාව දෙසට යොමු වී ඇති බව ද අප අම­තක නො කළ යුතු ය. මෙබඳු අර්බු­ද­ව­ලදී ජාත්‍ය­න්තර අත­පෙ­වීම් සිදු­විය හැකි ය. ඊට ඇති හොඳම විසැ­ඳුම අභ්‍ය­න්තර ගැටුම් හැකි විගස නිරා­ක­ර­ණය කර ගැනීම ය.

ගෙවී ගිය සති හයක පමණ කාලය තුළ විවිධ දේවල් සිදු වී ඇත. අධි­ක­ර­ණ­යට පෙත්සම් ඉදි­රි­පත් කිරීම, පාර්ලි­මේ­න්තුව තුළ විශ්වා­ස­භංග හා තවත් යෝජනා සම්මත කර ගැනීම, අග­මැ­ති­ව­ර­යාගේ හා කැබි­නට් මණ්ඩ­ලයේ ක්‍රියා­කා­රී­ත්වය අත්හි­ටු­වීම, මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ ගෞර­ව­යට හානි වන ලෙස විවේ­චන ඉදි­රි­පත් කිරීම පම­ණක් නො ව අත-පය විසි­කළ සුළු - සුළු ගැටුම් ද වාර්තා විය. මේවා එක්තරා ක්‍රියා­දා­ම­ය­කට අයත් එකි­නෙ­කට සම්බන්ධ සිදු­වීම් ලෙස හැඳි­න්විය හැකි ය. ඒවා අනු­මත කළ නොහැකි’මුත් නැවත - නැවත ඒවා සිහි­පත් කර­මින් ප්‍රති­වා­දීන් කුලප්පු කිරීම මේ මොහොතේ නො සිදු­විය යුතුය.

දේශ­පා­ල­නයේ දී සදා­කා­ලික සතු­රන් ඇති­ක­ර­ගත යුතු නැත. දේශ­පා­ලන තන­තුරු - පදවි හා තවත් දේවල් තාව­කා­ලික ය. මහ­ජන නියෝ­ජි­ත­ය­කුට එම තාව­කා­ලික කාලය ලැබෙන්නේ මහ­ජ­නයා වෙනු­වෙන් වැඩ කිරී­මට ය. බණ්ඩා­ර­නා­යක මහතා තමන් හඳුන්වා දුන්නේ මහ­ජන සේව­කයා යන නාම­යෙන් ය. එය පුළුල් අර්ථ­යක් සහිත වච­න­යකි. මහ­ජන සේව­කයා පොදු ජන­යාගේ හැඟීම් හා වුව­මනා වටහා ගත යුතු ය. මහ­ජ­න­යාට කොකා­පෙ­න්වීමේ අව­ස­ර­යක් කිසිදු දේශ­පා­ල­ක­ය­කුට නැත. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය සිය තීන්දුව ලබා දී ඇත්තේ ද මහ­ජ­නයා ගැන කල්පනා කර­මින් යැයි සිත­න්නට පුළු­වන. දේශ­පා­ලන අර්බු­දය උත්සන්න වූයේ නම්; ජන­තා­වට එහි ප්‍රති­ඵ­ලය දැරී­මට අප­හසු වනු ඇත.

අප අත්ද­කින දේශ­පා­ලන අර්බු­ද­යෙන් මතු වූ වැද­ගත් අද­හස් හා යෝජනා පවතී. එලෙස ම සැලැ­කි­ල්ලට ගත යුතු විවේ­චන ද පවතී. මෙහිලා සංවා­ද­යට ගැනුණු එක් වැද­ගත් මාතෘ­කා­වක් වූයේ Òදහ­නව වන සංශෝ­ධ­නයÓ යන්නය. කෙන­කුගේ මතය වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය රටේ විශාල අවු­ලක් නිර්මා­ණය කළ බව ය. තව කෙන­කුගේ අද­හස වූයේ දහ­නව වන ව්‍යවස්ථා සංශෝ­ධ­නය ප්‍රති-සංශෝ­ධ­න­ය­කට ලක්කළ යුතු බව ය. තවත් කෙන­කුගේ මතය වූයේ අලුත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් නිර්මා­ණය කළ යුතු බව ය. මේවා වැද­ගත් දේශ­පා­ලන යෝජනා ලෙස සැලැ­කිය හැකි ය. කුමක් වුව මේ අර්බු­දය නිසා ව්‍යව­ස්ථාව ගැන අව­ධා­නය යොමු කර­න්න­ටත් එය කියවා වට­හා­ග­න්න­ටත් පොදු ජන­තාව වෑයම් කළහ. එය යහ­පත් ප්‍රව­ණ­තා­වක් සේ සැලැ­කිය හැකි ය.

එකි­නෙක දේශ­පා­ලන පක්ෂ­වල අර­මුණු හා ඉලක්ක වෙනස් ය. න්‍යාය පත්‍ර වෙනස් ය. සැලැ­සුම් හා වැඩ­ස­ට­හන් වෙනස් ය. එහෙත් ජාතික අභි­ලාස ගැන සංවා­ද­යේදී පක්ෂ හා නාය­ක­යන් පොදු එක­ඟ­තා­ව­කට එළැ­ඹිය යුතු තැන් තිබේ. දැන් පැමිණ ඇත්තේ ද එබඳු අව­ස්ථා­වකි. අප ඉදි­රි­යෙහි දේශ­පා­ලන අභි­යෝ­ග­යක් තිබේ. එම අභි­යෝ­ගය ඉතා සරල ලෙස දැක්වු­ව­හොත්; ස්ථාවර රජ­යක් පිහි­ටුවා ගැනීම යැයි කිව හැකි ය. ඊට සියලු නාය­ක­යන්ගේ සහ­යෝ­ගය ලැබිය යුතුව තිබේ.

සිදු­විය යුත්තේ දේශ­පා­ලන අර්බු­ද­ව­ලට බුද්ධි­මත්ව මුහු­ණ­දීම ය. ලෝකයේ අසා­ර්ථක රාජ්‍ය­යන් බිහි වී ඇත්තේ නාය­ක­යන්ගේ වර­දන් බව පැහැ­දිලි ය. යේම­නයේ දේශ­පා­ලන අර්බු­දය බුද්ධි­මත් ලෙස විසඳා ගැනී­මට එහි නාය­ක­යන් සමත් වූයේ නැත. ජාත්‍ය­න්තර අත­පෙ­වීම් අධික වූ අතර යේම­නයේ අර්බු­දය ඔඩු­දුවා තිබේ. මිලි­යන ගණන් දරුවෝ මන්ද­පෝ­ෂ­ණ­යට මුහුණ දී සිටිති. මේ අතර ආග­මික නිකාය භේද රටේ අර්බු­දය තවත් උත්සන්න කිරී­මට හේතු­වක් වී ඇත. රටේ නාය­ක­යන් හා සංවි­ධාන කිසිදු එක­ඟ­තා­ව­කට එන බවක් පෙනෙ­න්නට නැත. සිරි­යාව, ඇෆ්ග­නි­ස්ථා­නය වැනි රට­වල් ද මේ අර්බු­ද­යට මුහුණ දෙයි. විස­ඳු­මක් පෙනෙන තෙක්මා­න­යක නැත. මේ අත්දැ­කීම් අප පාඩ­ම­කට ගත යුතු ව තිබේ.

ශ්‍රී ලංකාව දියුණු කළ හැකි සාධක හා සම්පත් අප සතුව තිබේ. සිදු නො වන්නේ ඒවාට අවශ්‍ය ප්‍රති­පත්ති සැලැ­සුම් හා වැඩ­ස­ට­හන් නිර්මා­ණය වීම ය. දේශ­පා­ල­න­යට හා එහි නාය­ක­යන්ට අනුව කලින් කල ප්‍රති­පත්ති වෙනස් වෙයි. සැලැ­සුම් හා වැඩ­ස­ට­හන් වෙනස් වෙයි. ඇතැම් ආණ්ඩු­වල හා නාය­ක­යන්ගේ කාලය ගෙවී යන්නේ ප්‍රති­වා­දීන්ගේ වැරැදි සෙවී­මට ය. වැරැදි සෙවීම නරක නැත. එහෙත් ප්‍රමුඛ කාර්යය විය යුත්තේ එය නො වේ. සෑම නාය­ක­ය­කුම රටේ ජාතික අභි­ලා­ස­යන් ගැන උනන්දු විය යුතු ය. ඒවා අම­තක කරන නාය­ක­යන් සාර්ථක නාය­ක­යන් වන්නේ නැත.

ගෙවී ගිය සති කිහි­පය දෙස හැරී බලන විට නාය­ක­යන් අතර බර­ප­තළ මත­වාදී ගැටුම් ඇති වූ බව සත්‍ය­යෙකි. විවේ­චන, ප්‍රති­වි­වේ­චන පම­ණක් නො ව, එකි­නෙ­කාගේ ගෞර­වය කෙළෙසී ගිය අවස්ථා ද තිබිණි. දැන් ඒ සියල්ල ඉති­හා­ස­යට එකතු කළ යුතු ය. නැත­හොත් කුණු බක්කි­යට දැමිය යුතු ය. කිසි­වකු ජය­ග්‍ර­හණ ගැන උදම් වන්නේ නම්; එය මේ අව­ස්ථා­වට සුදුසු නැත. කිසි­වකු පරා­ජ­යන් ගැන පසු­තැ­විලි වන්නේ නම්; එය ද මේ අව­ස්ථා­වට සුදුසු නැත. අපගේ යෝජ­නාව වන්නේ අලුත් මිනි­සුන් ලෙස අලුත් වට­ය­කින් රට ගොඩ­න­ඟමු යන්න ය.

නව අදහස දක්වන්න