රට බෙදලා බලය රැක­ගන්න මහින්ද සූදා­නම් නෑ | දිනමිණ

රට බෙදලා බලය රැක­ගන්න මහින්ද සූදා­නම් නෑ

නුවන් කොඩිකාර

මහින්ද රාජ­පක්ෂ මහ­තාට බලය අවශ්‍ය වුයේ නම් සම්බ­න්දන් මහතා සමඟ එක­ඟ­ත්ව­යට පැමිණ ඔවුන්ගේ ඉල්ලීම ලබා දී බලය හදා­ගැ­නී­මට ඉඩ තිබුණ බවත්, රට පාවා දී හෝ රට බෙදා දී බලය රැක­ගැ­නී­මට සූදා­නම් නොමැති බවත් එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පැවැ­සීය.

ඒ මහතා මේබව පැවැ­සුවේ බස්නා­හිර පළාත් සෞන්දර්ය නිකේ­ත­නයේ පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ඕනෑම දෙයක් ලබා දී බලය රැක­ගැ­නී­මට රනිල් වික්‍ර­ම­සිංහ මහතා කට­යුතු කළද මහින්ද රාජ­පක්ෂ මහතා සහ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය එවැනි තත්ත්ව­යට වැටෙන්නේ නෑ. සුපු­රුදු පරිදි ආණ්ඩු පක්ෂය නොමැ­තිව පසු­ගිය 12වැනි දා පාර්ලි­මේ­න්තුව කැඳ­වලා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට 117ක මන්ත්‍රී­ව­රුන්ගේ විශ්වා­සය තිබෙන බවට සම්මත කර ගත්තා. මේ සඳහා ඡන්දය පාවිච්චි කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් 104ක් සහ දෙමළ ජාතික සන්ධා­නයේ 14 දෙනෙක්. පසු­ගිය මහ මැති­ව­ර­ණය අව­සන් වන විට එක්සත් ජාතික පෙර­මු­ණට 107ක් සිටියා. ඒ මුස්ලිම් කොංග්‍ර­සයේ එක් අයෙක් එක්ක. හැබැයි මේ ඡන්දය දීම නිවැ­රැ­දිව ගණ­නය කළාම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ එක්සත් ජාතික පෙර­මු­ණෙන් ඡන්දය දී තිබෙන්නේ 103යි. ඒ කියන්නේ මැති­ව­රණ ප්‍රති­ඵ­ලයේ දී ලැබුණු 04 දෙනෙක් ඔහුට ඡන්දය දී නෑ. ඒ අනුව බලද්දී 103ට දෙමළ ජාතික සන්ධා­නයේ 14 දෙනා එක් වු නිසා 117 හැදුණා. එවිට පැහැ­දි­ලිව පෙනෙන දෙයක් තමයි එක්සත් ජාතික පෙර­මුණේ මන්ත්‍රී ධූර හත­රක් අඩු වෙලා තිබෙන බව.

ඊළඟ කාර­ණය තමයි දෙමළ ජාතික පෙර­මුණේ මන්ත්‍රී­ව­රුන් පවසා තිබුණා රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඒ අයගේ කොන්දේ­සි­ව­ලට එකඟ වු නිස ඔහුට සහාය පළ කළා කියලා. ඒ වගේම ඔවුන් කියලා තිබෙ­නවා ආණ්ඩු­වක හවු­ල්කා­ර­යන් වෙන්නේ නෑ කියන එක. ඒ 14 දෙනා ආණ්ඩුවේ හවු­ල්කා­ර­යන් වෙන්නේ නැත්නම් රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ආණ්ඩුව ගෙනි­යන්න වෙන්නේ මන්ත්‍රී­ව­රුන් 103ක සංඛ්‍යා­වක් තියා­ගෙන. දෙමළ ජාතික සන්ධා­නය රජ­යට සහාය පළ කිරී­මත් සමඟ කතා­නා­යක කරූ ජය­සූ­රිය මහ­තාගේ මතය අනුව විපක්ෂ නාය­ක­කම ලැබෙන්නේ නෑ. එහෙම නම් සන්ධා­න­යට තමයි විපක්ෂ නාය­ක­කම ලැබෙන්නේ. විපක්ෂ නාය­ක­කම වගේම විප­ක්ෂයේ සංවි­ධා­ය­ක­කම ලැබෙ­න්නෙත් සන්ධා­න­යට. එහෙම වුණාම අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ සංවි­ධා­ය­ක­ක­මත් නැති වෙලා යනවා.

රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට බහු­ත­ර­යක් නොති­බුණ නිසා තමයි එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යත් එක්ක හවුල් ආණ්ඩු­වක් හැදුවේ. ව්‍යව­ස්ථා­වට අනුව ඇමැති ධූර සංඛ්‍යාව තිහට වැඩිය ගෙන යන්න නම් පාර්ලි­මේ­න්තුවේ සම්මත කර­ගෙන හවුල් ආණ්ඩු­ව­කට යා යුතුයි. එය 2015 සැප්තැ­ම්බර් මාසේ 03 වැනි දා සම්මත කර­ගෙන තමයි හවුල් ආණ්ඩුව හැදුවේ. ඒ අතර එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ කතා­නා­ය­ක­ව­ර­යාට දැනුම් දී හවුල් ආණ්ඩු­වෙන් ඉවත් වෙන්නේ. එහෙම වුණාම කැබි­නට් එක විසු­රුවා ගියා යැයි සැල­කෙ­නවා. ඉන් පස්සේ තමයි අලුත් අග­මැ­ති­ව­ර­යෙක් සහ කැබි­නට් මණ්ඩ­ල­යක් පත් කරන්නේ. හරි අපි දැන් බලමු දෙමළ සන්ධා­නය රජ­යක් හදන්න සහාය දෙන්නේ නැත්නම් වික්‍ර­ම­සිංහ මහතා 103ක් තියා­ගෙන කා එක්කද බහු­තර බල­යෙන් යුතු ආණ්ඩු­වක් හදන්නේ. අපි බලන් ඉන්නවා කවුරු එක්කද හවුල් ආණ්ඩුව හදන්නේ කියලා.

අපි හිතමු දෙමළ ජාතික සන්ධා­න­යත් එක්ක එකතු වෙලා ආණ්ඩු­වක් හද­නවා කියලා. එත­කොට ඒ අයගේ ඉල්ලීම් මොන­වාද. රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාර්ලි­මේ­න්තුවේ දී කිය­නවා පළාත් සභා­වෙන් එහාට ගිය බල­තල ලබා දී විධා­යක ධූරය අහෝසි කර අලුත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් හද­නවා කියලා. දැන් හදපු ව්‍යවස්ථා කෙටු­ම්පත තියෙ­න­වනේ. සුම­න්දි­රම් මන්ත්‍රී­ව­රයා උත්සාහ කළේ පසු­ගිය 07 වැනි දා එය පාර්ලි­මේ­න්තු­වට ගෙනත් පාර්ලි­මේ­න්තුව ව්‍යව­ස්ථා­දා­යක සභා­වක් බවට පත් කර මෙය සම්මත කර ගන්න. එයට අපි විරුද්ධ වුණාම එය වාර්තා­වක් විදි­යට ඉදි­රි­පත් කරන්න උත්සාහ කළා. අපි එය­ටත් විරුද්ධ වුණා. හැබැයි ඔවුන් දැඩි උත්සා­හ­යක් ගත්තා කතා­නා­ය­ක­ව­ර­යාත් එක්ක එකතු වෙලා මෙය න්‍යාය පත්‍ර­යට එකතු කරන්න. මොකද දැන් වෙන­කොට උතුරේ ජන­තාව දෙමළ ජාතික සන්ධා­න­යෙන් අහ­නවා වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය දී මොන­වාද ලබා ගත්තේ කියලා. එය විග්නේ­ෂ්ව­රන් මහ­තාත් අහ­නවා. දෙමළ ජාතික සන්ධා­නය කල­බල වෙලා ඉන්නේ. මොකද ඉදිරි මහ මැති­ව­ර­ණ­යක දී දෙමළ ජන­තා­වට මුහුණ දෙන්නේ කියලා.

මහින්ද රාපක්ෂ මහතා උතුරු පළාත් සභාවේ ඡන්දය පැවැ­ත්වුවා. විග්නේ­ෂ්ව­රන් මහතා මහ ඇමැති වුණා. දැන් එයත් විසු­රු­වලා දාලා. අද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැන කතා කරන මේ අය පළාත් සභා ඡන්දය ගැන කතා කරන්නේ නෑ. මැති­ව­රණ කල් දැමීම වගේම ඊට මුහුණ නොදීමේ කලාව තමයි එක්සත් ජාතික පක්ෂය අනු­ග­ම­නය කරන්නේ. දැන් තැනින් තැන කිය­නවා අපි මහ මැති­ව­ර­ණ­ය­කට යන්න බව නෑ කියලා. එහෙම බය නැත්නම් ඇයි උසා­වි­යට ගියේ. උසාවි නොගියා නම් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂ­යයේ වුව­ම­නා­වට තමයි මේ පෙත්සම් ඉදි­රි­පත් වුණේ. ඉන්දි­යාවේ ජම්බ­පූ­ර්වල උසා­වි­යෙන් දුන් නියෝ­ගය බලන්න. අද අපේ රටෙත් ඇති වෙලා තිබෙන්නේ ඒ වගේ තත්ත්ව­යක් තමයි.

පාර්ලි­මේ­න්තුවේ වු සිදු­වී­මෙන් හෙළ උරු­මයේ තත්ත්ව­යත් රටට මනාව ඔප්පු වුණා. ඒ අය දෙමළ සන්ධා­නය ගැන මොන­වාද නොකිව්වේ. අද ඒ අයත් දෙමළ ජාතික සන්ධා­නය සමඟ ඡන්දය දෙනවා. ජනතා විමුක්ති පෙර­මුණ කප­ටි­ක­මට ඡන්දය නොදී ඉන්නවා. හැබැයි වික්‍ර­ම­සිංහ මහතා පර­දි­නවා කියලා දන්නවා නම් ඒ අය ඔය විදි­යට නිහ­ඬව ඉන්නේ නෑ.

අග­මැ­ති­ව­රයා ඇතුළු කැබි­නට් මණ්ඩ­ල­යට වැඩ කරන්න බෑ කියලා ගත් අතුරු තහ­නම් නියෝ­ග­යෙන් කාටද පාඩු වෙන්නේ. රට­ටයි පාඩු වෙන්නේ. අපි ආණ්ඩු බලය ගත්තත් එක්ක ජනතා සහන රැසක් දුන්නා. තව සහන රැසක් දෙන්න තීන්දු තීරණ අර­ගෙන හිටියේ. එත­කොට මේ උසාවි තීන්දු­වෙන් කාටද පාඩු වෙන්නේ. ජන­තා­ව­ටයි. දැන් මේ නියෝ­ගය ලබා­දීම ජන­වාරි මාසයේ මැද දක්වා ගිහින් තිබෙ­නවා. එහෙම වුණා ජන­වාරි 01 වැනි­දාන් පසු ප්‍රශ්න ගණ­නා­ව­කට මුහුණ දෙන්න සිදු වෙනවා. එයට වග කියන්න ඕනේ එක්සත් ජාතික පෙර­මුණ ප්‍රමුඛ මන්ත්‍රී­ව­රුන් එක­සිය විසි දෙදෙ­නායි. අපි ආණ්ඩුව බාර ගත්තේ ඉක්ම­නින් මැති­ව­ර­ණ­ය­කට යන්න එහෙම නැතුව දිග­ටම ආණ්ඩුව කර­ගෙන යන්න නෙවෙයි. එහෙම වුණා නම් ජන­තාව තමන් කැමැති පක්ෂ­ය­කට බලය ලබා දේවි. අපි මැති­ව­ර­ණ­ව­ලට බය නෑ. ඕනෑම අව­ස්ථා­වක මැති­ව­ර­ණ­ය­කට මුහුණ දෙන්න සූදා­නම්.

එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ මාතර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධා­නය එක­තු­වී­මත් සමඟ අපේ රට දැඩි අව­දා­නම් තත්ත්ව­ය­කට මුහුණ දෙන්න සිදු වෙනවා. පළාත් සභා­ව­ලින් ප්‍රශ්න රැසක් එනවා කියලා එදා දැක්ක නිසා තමයි මම එයට විරුද්ධ වුණේ. එහි ප්‍රති­ඵ­ල­යක් විදි­යට මන්ත්‍රී ධූර­යත් අහිමි කර ගන්න සිදු වුණා. අද මේ පනත හරහා එදා­ටත් වඩා විනා­ශ­යක් සිදු වෙනවා. මම මහ ඇමැ­ති­ව­ර­යෙක් ලෙස කට­යුතු කළ කෙනෙක්. මේ ලබා දී තිබෙන බල­තල හොඳ­ටම ඇති පළාත සංව­ර්ධ­නය කරන්න. හැබැයි මේ උත්සාහ කරන්නේ දේශ­පා­ලන බල­තල ඇති කර ගන්න. ඒ සඳ­හායි වික්‍ර­ම­සිංහ මහතා එකඟ වී තිබෙන්නේ. මම නම් කියන්නේ මේ ලබා දී තිබෙන බල­තල ප්‍රමා­ණ­වත්. මෙහි එක් දෙයයි කළ යුත්තේ මුදල් ලබා­දීම කාර්ය­ක්ෂම කිරීම පම­ණයි. පළාත් සභා­වට සල්ලි දුන්නාම සැප්තැ­ම්බර් මාසේ වෙන­කොට ඉවර කර­නවා. එහෙම කර ඇවිත් තවත් සල්ලි අරන් ගිහින් ඉතිරි වැඩ ටිකත් කර ගත්තා. එම නිසා මම කිය­නවා පළාත් සභාවේ සංව­ර්ධ­න­යට තවත් බල­තල අවශ්‍ය නෑ කියලා.

අපේ රට කෑලි­ව­ලට කඩන පළමු වැනි පිය­වර රනිල් වික්‍ර­ම­සිංහ මහතා දෙමළ ජාතික සන්ධා­න­යත් එක්ක එකතු වෙලා ආරම්භ කළා. ජනතා විමුක්ති පෙර­මුණ ඒ අව­ස්ථාවේ ඒ පැත්ත­ටත් නෑ මේ පැත්ත­ටත් නෑ කියලා ඒ අයගේ නපුං­ස­ක­කම පෙන්නුවා. ජනතා විමුක්ති පෙර­මු­ණට රට ගැන හැඟී­මක් නෑ. ජන­තාව ගැන හැඟී­මක් නෑ. ඒ අයගේ එකම අර­මුණ බලය හදා ගැනීම පම­ණයි. අපි මැති­ව­ර­ණ­යක් ඉල්ලන්නේ ජන­තා­වට බලය දෙන්න. ඒ නිසා අපිට වහාම මැති­ව­ර­ණ­යක් ලබා දෙන්න

එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සී. බී. රත්නා­යක මහතා

රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට අර­ලි­ය­ගහ මන්දි­රයේ බලෙන් රැඳී ඉන්න­වාට විරු­ද්ධව උසා­වියේ නඩු­වක් යනවා. මහ බැංකුව කොල්ල­කෑමේ මහ මොළ­කරු ලෙස චෝදනා එල්ල වී තිබෙ­නවා. එවැනි පුද්ග­ල­යකු යළිත් අග­මැති කර­වන්න කියලා මන්ත්‍රී­ව­රුන් 117කගේ විශ්වා­සය පළ කර­නවා. ඇත්ත­ටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කාම.

ඔහුට ලැබුණේ ජන­තා­වගේ මතය නෙවෙයි. 2015 දී ඒ අයට ජන­තාව ඡන්දය දුන්නා. නමුත් අවු­රුදු තුන­හ­මා­රට ඒ අය රට විනාශ කළා. ආර්ථි­කය විනාශ කළා. දැන් ජන­තාව ඡන්ද­යක් ඉල්ලන්නේ ඒ වැරැද්ද නිවැ­රැදි කර­ග­න්නයි. නමුත් මේ අය මැති­ව­ර­ණ­යට බය නිසා එය කල් දාගන්න පුළු­වන් සෑම උප­ක්‍ර­ම­යම යොද­මින් ඉන්නවා. රටට ආද­රය කරන පුර­වැ­සි­ය­න්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මහා විග­ඩම ඉවර කරන්න සැවොම එක්වන්න කියලා.

භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න