අන­තු­ර­කින් ඔත්ප­ලවී සිටින කාවි­න්දට සර­ණක් වෙන්න | දිනමිණ

අන­තු­ර­කින් ඔත්ප­ලවී සිටින කාවි­න්දට සර­ණක් වෙන්න

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

පාන­දුර , පිංවල රජයේ ඉඩමේ පදිංචි විසි හැවි­රිදි කාවින්ද නිරෝ­ෂාන් අද ඇඳ­ටම සීමා වු රෝගි­යෙකු බවට පත්ව ඇත්තේ මීට වස­ර­කට පමණ පෙර සිදු වූ හදිසි අන­තු­රක් හේතු­වෙනි . ඒ ඔහු උදැ­සන රැකියා ස්ථානය වෙත මිතු­රෙකු සමඟ යතු­රු­පැ­දි­යෙන් ගමන් කර­මින් සිටි­යදී විදුලි කණු­වක ගැටී­මෙන් හිස පිටු­ප­සට සිදු වූ හානිය හේතු­වෙනි . පාන­දුර , වෑකඩ බෞද්ධා­ලෝක විද්‍යා­ල­යෙන් අපොස සා.පෙළ දක්වා අධ්‍යා­ප­නය ලැබූ කාවින්ද විදුලි කාර්මික ශිල්පි­යෙකු ලෙස රැකි­යාව කළ අතර සිදු වූ අන­තු­රෙන් එදා සිටම පසු වූයේ කෝමා තත්ත්ව­යෙනි . මේ වන විට ඔහුගේ අත­ප­ය­වල සුළු ක්‍රියා­කා­රී­ත්ව­යක් තිබෙන බව මවු­පියෝ කියති . ඔහුට ආහාර ලෙස ලබා දෙන්නේ අයි­සො­කැල් පවු­ඩර් නැමති ඉතා මිල අධික පිටි වර්ග­යක් වන අතර ඉන් එක පැක­ට්ටු­වක් සදහා රුපි­යල් 2350 .00 ක මුද­ලක් වැය වෙන බව ඔවුහු කියති . මාස­ය­කට ඉන් 05ක් පමණ අවශ්‍ය වන බවත් ඔහුට අවශ්‍ය බේත්හේත් අනි­කුත් දෑ සද­හාද විශාල මුද­ලක් වැය කිරී­මට සිදුව ඇති බැවින් ඒ සදහා උද­වු­කළ හැකි­නම් එය විශාල පුණ්‍ය­ක­ර්ම­යක් වනු නිය­තය.

නව අදහස දක්වන්න