ලේක්හ­වුස් සිද්ධියෙන් එජා­පය සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පෙන්නුවා | දිනමිණ

ලේක්හ­වුස් සිද්ධියෙන් එජා­පය සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පෙන්නුවා

නුවන් කොඩිකාර
ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ

මාධ්‍ය නිද­හස ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය ලේක්හ­වුස් ආය­ත­න­යට පහර දෙමින් සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ හා නිද­හසේ මුහුණ රටට හෙළි කළ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා පැවැ­සීය.

මේ සිදු­වීම දැඩි පිළි­කු­ළෙන් හෙළා දකින බවත් එවැනි දේ පරා­ජය කිරී­මට අත්වැල් බැඳ­ග­න්නැයි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බවත් පළාත් සභා සෞන්දර්ය නිකේ­ත­නයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමු­වේදී මන්ත්‍රී­ව­රයා කීවේය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරීම ගැන වැඳි බණ කියන එක්සත් ජාතික පක්ෂ­යට  තව දුර­ටත් එය කතා කිරී­මට අයි­ති­යක් නැති බව ඒ මහතා කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රයා මෙසේ ද පැවැ­සීය.

ලේක්හ­වුස් එකේ ඉදිරි පිට ආබා­ධිත වය­සක මනු­ෂ්‍ය­යෙක් ගමන් කරද්දී, ඔහුගේ එක කිහි­ළි­ක­රු­වක් අරන් තමයි ලේක්හ­වුස් එකේ සේව­ක­යන්ට පහර දුන්නේ. ඒ පහර දුන්නේ දෙහි­ඕ­විට ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී සුජිත් චන්දන. මේ ගැටු­ම්කාරී වාතා­ව­ර­ණ­යට මූලි­ක­ත්වය දෙන්නේ කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණී සඳ­රු­වනි කියන මන්ත්‍රී­ව­රිය. මෙහෙම පිරි­සක් ද රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කරන්න හදන්නේ. මෙහෙම පිරි­සක් ද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැන වැඳි බණ දෙසන්නේ. අහිං­සක ආබා­ධිත වය­සක මනු­ෂ්‍ය­යගේ කිහි­ළි­ක­රුව අර­ගෙන පුද්ග­ල­යන්ට පහර දෙන්න හදන නරු­ම­යන් ද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැන කතා කරන්නේ. ඒ නිසා අපි ඕනෑ­ක­මින් ඉල්ල­නවා මේ නරුම හැසි­රීම නතර කර රට පෙරට ගෙන යාමට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන, අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­ත්ව­රුන් සමඟ එක්වෙන්න කියලා.

මාතර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා,

ඔබේ සහෝ­දර මාධ්‍ය ආය­ත­න­යක් වන ලේක්හ­වුස් ආය­ත­න­යට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී­ව­රි­යක් ඇතුළු කණ්ඩා­යම ඇවිත් ලේක්හ­වුස් ආය­ත­නය ආක්‍ර­ම­ණය කරන්න හදපු ආකා­රය සජී­වීව දකින්න ඇති. මේ තමයි එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ස්වරූ­පය. එක්සත් ජාතික පක්ෂයේ ඉති­හා­සය පුරාම මේ වගේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විනාශ කරපු අවස්ථා බහු­ලයි. මෙය එක්සත් ජාතික පක්ෂ­යට අලුත් දෙයක් නෙවෙයි. මේ සිදු­වීම අපි හෙළා දකි­නවා. ඒ වගේම මාධ්‍ය­වේ­දීන්ගේ අයි­තිය වෙනු­වෙන් අපි රජ­යක් ලෙස හැම­දාම පෙනී සිටි­නවා.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න