මාධ්‍ය නිදහස ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය ලේක්හවුස් ආයතනයට පහර දෙමින් සැබෑ ප්රජාතන්ත්රවාදයේ හා නිදහසේ මුහුණ රටට හෙළි කළ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
මේ සිදුවීම දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත් එවැනි දේ පරාජය කිරීමට අත්වැල් බැඳගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කීවේය. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම ගැන වැඳි බණ කියන එක්සත් ජාතික පක්ෂයට තව දුරටත් එය කතා කිරීමට අයිතියක් නැති බව ඒ මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.
ලේක්හවුස් එකේ ඉදිරි පිට ආබාධිත වයසක මනුෂ්‍යයෙක් ගමන් කරද්දී, ඔහුගේ එක කිහිළිකරුවක් අරන් තමයි ලේක්හවුස් එකේ සේවකයන්ට පහර දුන්නේ. ඒ පහර දුන්නේ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුජිත් චන්දන. මේ ගැටුම්කාරී වාතාවරණයට මූලිකත්වය දෙන්නේ කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණී සඳරුවනි කියන මන්ත්‍රීවරිය. මෙහෙම පිරිසක් ද රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න හදන්නේ. මෙහෙම පිරිසක් ද ප්රජාතන්ත්රවාදය ගැන වැඳි බණ දෙසන්නේ. අහිංසක ආබාධිත වයසක මනුෂ්‍යයගේ කිහිළිකරුව අරගෙන පුද්ගලයන්ට පහර දෙන්න හදන නරුමයන් ද ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්නේ. ඒ නිසා අපි ඕනෑකමින් ඉල්ලනවා මේ නරුම හැසිරීම නතර කර රට පෙරට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ එක්වෙන්න කියලා.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,
ඔබේ සහෝදර මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් ඇතුළු කණ්ඩායම ඇවිත් ලේක්හවුස් ආයතනය ආක්‍රමණය කරන්න හදපු ආකාරය සජීවීව දකින්න ඇති. මේ තමයි එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ස්වරූපය. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම මේ වගේ ප්රජාතන්ත්රවාදය විනාශ කරපු අවස්ථා බහුලයි. මෙය එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නෙවෙයි. මේ සිදුවීම අපි හෙළා දකිනවා. ඒ වගේම මාධ්‍යවේදීන්ගේ අයිතිය වෙනුවෙන් අපි රජයක් ලෙස හැමදාම පෙනී සිටිනවා.
අදහස් 1ක් ඇත
මාධ්‍ය නිදහස ගැන කිඹුල් කඳුළු.
නව අදහස දක්වන්න