මැන්ඩෙලා දර්ශ­නය වළ­ද­මන ඉඩම් හබය | දිනමිණ

මැන්ඩෙලා දර්ශ­නය වළ­ද­මන ඉඩම් හබය

ධම්මික සෙනෙවිරත්න

ඉඩම් හිමි සුළු­තර සුදු ජාතික ධන­ව­තු­න්ගෙන් එම ඉඩම් යළි අත්පත් කර­ගැ­නී­මේදී වන්දි ගෙවී­මක් සිදු­වන්නේ නැත. ඔවුන් බල­හ­ත්කා­ර­යෙන් අත්ක­ර­ගෙන සිටියේ තම භූමිය බැවින් එය නිද­හස් කර­ගැ­නී­මේදී ඔවුන්ට වන්දි ගෙවීම අන­වශ්‍ය බව රජයේ අද­හ­සය.

දකුණු අප්‍රි­කාවේ වර්ණ­භේ­ද­වා­දය තුර­න්කොට විසි­පස් වස­ර­කට ආසන්න කාල­යක් ගත වී ඇතත් එරට ඉඩම් වැඩි කොට­සක් තව­මත් ඇත්තේ සුළු­තර සුදු ජාති­ක­යන් අතය. ඉඩම් හිමි­යන් වන ඔවුහු ගොවි­බි­ම්වල වැඩිම අයි­තිය දරති. මෙම ඉඩම් යළි අත්පත් කර ගැනීම වෙනු­වෙන් වරි­න්වර නොයෙක් ප්‍රයත්න දියත් කෙරිණි. සුදු ජාති­ක­යන් හා ස්වදේ­ශික අප්‍රි­කා­නු­වන් අතර ගැටුම් ඇති­වී­මට පවා මේ කාර­ණය ප්‍රබල හේතු­වක් වී තිබේ. ජනා­ධි­පති සිරිල් රම්­පො­සාගේ රජය එම ඉඩම් අත්ප­ත්කර ගැනී­මේදී මර්ද­න­කාරී පිළි­වෙ­තක පිහිටා සිටින බව බට­හිර රට­වල චෝද­නා­වය. දකුණු අප්‍රිකා රජය එකී චෝදනා ප්‍රති­ක්ෂේප කර­මින් කියා සිටින්නේ තම භූමියේ අයි­තිය ස්වදේ­ශි­ක­යන් සතු­විය යුතු බවය. ඒ වෙනු­වෙන් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙ­ළක් එරට රජය මඟින් දියත් කර ඇත.

සුළු­තර සුදු ජාති­ක­යන් සහ ස්වදේ­ශික අප්‍රි­කා­නු­වන් අතර ඇති ගැටුම දිග්ගැ­ස්සෙ­මින් තිබි­යදී දෙපා­ර්ශ්ව­යෙන්ම කෙරෙන ප්‍රකාශ ඇවි­ලෙන ගින්නට පිදුරු දැමී­මක් බව පසු­ගිය කාලය පුරාම තහ­වුරු විය. කල්ලන් පළ­මුව, භූමිය පළ­මුව (Black First, Land First - BLF) නම් දේශ­පා­ලන පක්ෂයේ නාය­කයා වන අන්දිල් වන්ග්ෂි­ටමා මීට දෙදි­න­කට ඉහත දී කළ බව පැව­සෙන ප්‍රකා­ශ­යන් යළිත් දෙබ­ර­යට ගල්ගැ­සී­මක් වී තිබේ.

ආණ්ඩුක්‍රම සංශෝධන

‘මේ ඉඩම් භූමිය අයිති අප­ටයි. දැන් එය කෙසේ හෝ අත්කර ගැනී­මට අප තීර­ණය කර තිබෙ­නවා’යනු­වෙන් රැලි­ය­කදී පවසා ඇති ඔහු තවත් එක් කළු ජාතික රියැ­දු­රකු හෝ මරා දැමු­ව­හොත් සුදු ජාති­ක­යන්ට ද එම ඉර­ණ­මම අත්විය හැකි බවට අන­තුරු අඟවා තිබිණි. එය එකට පහ අනු­පා­ත­යෙන් විය හැකි බවට ඔහු පැව­සුවේ යැයි මාධ්‍ය වාර්තා කර ඇත. හමු­වන ඕනෑම අය­කුට එවැනි ඉර­ණ­මක් අත්විය හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ කාන්තා­වන් හා ළමුන් ගැන ද අන­තුරු අඟ­ව­මිනි.

පාලක අප්‍රි­කානු ජාතික කොන්ග්‍ර­සයේ (ANC) ප්‍රකා­ශක ෂිෂී කොඩ්වා එම ආන්දෝ­ල­නා­ත්මක ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කර ඇත. වර්ග­වාදී පිළි­වෙ­තක පිහි­ට­මින් ක්‍රියා­කි­රීම අනු­මත කළ නොහැකි බව ද එහි දැක්විණි. කෙසේ වුවද තමා කළ ප්‍රකා­ශය වෙනු­වෙන් පෙනී සිටින බව මැන්ෂි­ටමා කියා සිටී. ඔහු පව­සන්නේ, තමා ප්‍රති­චාර දැක්වූයේ කෝටි­පති සුදු ජාතික ජෝන් රපට්ගේ ප්‍රකා­ශ­ය­කට බවය. දකුණු අප්‍රි­කාවේ ටැක්සි කර්මා­න්තයේ නියැ­ළෙන ස්වදේ­ශි­ක­යන් ඉලක්ක කර­මින් රපට් මීට පෙර කළ ප්‍රකා­ශ­ය­කින් ඔවුන්ට අන­තුරු අඟවා තිබුණේ, ඔහු සතුව “තමාගේ හමු­දා­වක්’ ඇතැයි කිය­මිනි.

යළිත් වරක් ජනයා අතර නොස­න්සු­න්තා­වක් ඇති වී ඇත්තේ, සිය ඉඩම් වන්දි ගෙවී­ම­කින් තොරව අත්ප­ත්කර ගැනී­මට ක්‍රියා­කි­රීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් හා එය වළ­ක්වන ලෙස ඉල්ලා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ පෙත්ස­මක් ප්‍රති­ක්ෂේප වීමත් සම­ඟය. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 25 වෙනි පරි­ච්ඡේ­ද­යට කරන ලද සංශෝ­ධන මඟින් සුදු ජාතික ඉඩම් හිමි­යන් අත්පත් කර­ගෙන ඇති ඉඩම් යළි ස්වදේ­ශි­ක­යන්ට භාර­දිය යුතු බවට යෝජනා කෙරිණි. එම සංශෝ­ධන ලබන අප්‍රේල් මස සිට ක්‍රියා­ත්ම­ක­ වී­මට නිය­මි­තය.

ආණ්ඩු­ක්‍රම සංශෝ­ධ­න­යට පක්ෂව ඡන්ද 183 ක් ලැබුණු අතර විප­ක්ෂව ඡන්ද 77 ක් ලැබිණි. එම සංශෝ­ධන සම්මත වීමත් සමඟ ඉඩම් අත්පත් කර­ගැ­නීමේ ක්‍රියා­ව­ලි­යට නීත්‍යා­නු­කූල බවක් ලැබී ඇති බව ද එම ප්‍රති­පා­දන එරට නීති­යක් බවට පත්ව ඇති බව ද රජය කියා සිටී. එම කමි­ටුවේ සම සභා­පති ලෙවිස් ෂිමැන්ඩේ කියා තිබුණේ, දකුණු අප්‍රි­කා­නු­වන් හඬ­නඟා පැහැ­දි­ලිව කතා කර ඇති බවය. “අප ඔවුන්ගේ හඬට සව­න්දිය යුතුයි” යනු­වෙන් ඔහු පවසා තිබිණි.

නව නීති­යට එරෙ­හිව අද­හස් දක්වන අය කියා සිටින්නේ එය ක්‍රියා­වට නැංවී­මත් සමඟ දෙපා­ර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති­විය හැකි බවය. ඉකුත් දශක දෙක තිස්සේ ක්‍රියා­ත්මක කිරී­මට වෑයම් කළ ඉඩම් ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට නීත්‍යා­නු­කූල බවක් ලැබීම ගැන අද­හස් දක්වන විපක්ෂ කණ්ඩා­ය­ම්වල මතය වී ඇත්තේ තමන් ඉඩම් ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට එරෙහි නොවන නමුත් නව ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට එරෙහි බවය.

ට්‍රම්ප් ගේ පණිවුඩය

ඉඩම් හිමි සුළු­තර සුදු ජාතික ධන­ව­තු­න්ගෙන් එම ඉඩම් යළි අත්පත් කර­ගැ­නී­මේදී වන්දි ගෙවී­මක් සිදු­වන්නේ නැත. ඔවුන් බල­හ­ත්කා­ර­යෙන් අත්ක­ර­ගෙන සිටියේ තම භූමිය බැවින් එය නිද­හස් කර­ගැ­නී­මේදී ඔවුන්ට වන්දි ගෙවීම අන­වශ්‍ය බව රජයේ අද­හ­සය.

මාස තුන­කට ඉහ­තදී මෙම ඉඩම් අත්කර ගැනීම් පිළි­බඳ අමෙ­රිකා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ ට්විටර් පණි­වි­ඩ­යත් ආන්දෝ­ල­න­යක් ඇති­ක­ළේය. ඉන් කියැ­වුණේ එම ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියා­ව­ලිය හා මහා පරි­මා­ණව සිදු­වන ගොවීන් මරා­දැ­මීම ගැන සමී­පව අධ්‍ය­ය­නය කරන ලෙස තමා රාජ්‍ය ලේක­ම්ව­ර­යාට උප­දෙස් දුන් බවය.

අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එම පණි­වි­ඩය මුළු­ම­නින්ම ප්‍රති­ක්ෂේප කළ දකුණු අප්‍රිකා රජය ද ට්විටර් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් කියා සිටියේ, එම පටු අද­හස් දැක්වීම මඟින් සිදු­ක­රන්නේ සිය ජාතිය බෙදා වෙන්කි­රීම හා තම යට­ත්වි­ජිත අතී­තය යළි සිහි­පත් කිරීම බවය. එමෙන්ම එම ප්‍රකා­ශය වැරැදි කරුණු මත පද­නම්ව සිදු­කළ එකක් බව ද දකුණු අප්‍රිකා රජය පවසා තිබිණි.

හිටපු ඕස්ට්‍රේ­ලියා අග­මැති ටෝනි ඇබට් මීට පෙර කළ ප්‍රකා­ශ­ය­කින් දැක්වුණේ ඉඩම් හිමි සුදු ජාති­ක­යන් 400 ක් පමණ ඉකුත් වසරේ මරා දමා ඇති බවය. එහෙත් ගොවීන් වෙනු­වෙන් පෙනී සිටින සංවි­ධා­න­යක් වන ට්‍රාන්ස්‍වාල් කෘෂි­කර්ම සංග­මය පවසා ඇත්තේ 2017 වස­රේදී ගොවීන් 84 දෙනකු මරා දමා ඇති බව ය. ඉන් 59 දෙනකු සුදු ජාති­ක­යන් බව ද එහි දැක්විණි. මේ වසරේ මුල් මාස 3 තුළද ගොවීන් 15 දෙනකු මරා දමා ඇතැයි වාර්තා විය. ඉන් 8දෙනකු සුදු ජාති­ක­යන්ය.

ඉඩම් අත්පත් කර ගැනීම දකුණු අප්‍රි­කාවේ ආර්ථි­ක­යට හා ආහාර සුර­ක්ෂි­ත­තා­වට බලපෑ හැකි බවට මත පළව ඇතත් ජනා­ධි­පති රම්­පොසා කියා සිටින්නේ එවැනි කාරණා පිළි­බඳ තැකී­මක් නොකර නව නීති ක්‍රියා­ත්මක කරන බවය. අති­ශ­යෝ­ක්ති­යෙන් දක්වා නැති සංඛ්‍යා­ලේ­ඛන මඟින් පැහැ­දිලි වන්නේ සුදු ජාතික ඉඩම් හිමි­යන් පම­ණක් නොව ස්වදේ­ශික අප්‍රි­කා­නු­වන් ද මේ ඉඩම් ප්‍රශ්නය හේතු­වෙන් ජීවි­ත­ව­ලින් වන්දි ගෙවන බවය.

දකුණු අප්‍රි­කාව වර්ණ­භේ­ද­වා­දය පරා­ජ­යට පත්කර ලබන වස­රට 25 වස­රකි. අප්‍රි­කා­නු­වන්ගේ බසින් ‘ඇපා­ත­යිඩ්’යනු “බෙදු­ම්වා­ද­යයි.’ දකුණු අප්‍රි­කාවේ 1948 - 1994 වක­වා­නුවේ ක්‍රියා­ත්ම­කව පැවැ­තියේ ඇපා­න­යිඩ් හෙවත් වර්ණ­භේ­ද­වාදී පාල­න­යකි. සුදු ජාතික පාල­ක­යන් ස්වදේ­ශික කළු­ජ­නයා මත අති­ශ­යින් මර්ද­න­කාරී පාල­න­යක් පටවා තිබිණි. කළු මිනි­සාට වඩා සුදු මිනිසා උසස් බව සැල­කිණි.

අළුයට ගින්දර

වර්ණ­භේ­ද­වා­ද­යට එරෙ­හිව නෙල්සන් මැන්ඩෙලා ඇතුළු නාය­ක­යන් ජීවිත පරි­ත්‍යා­ග­යෙන් යුතුව ගෙන ගිය අර­ග­ලය අව­සා­නයේ ජය­ග්‍ර­හ­ණය කළේය. සුදු ජනා­ධි­පති එ‍ෆ්. ඩබ්. ඩී. ක්ලාර්ක්ගෙන් නෙල්සන් මැන්ඩෙලා අතට බලය මාරු විය. මැන්ඩෙ­ලාගේ පාල­නය යටතේ සමාව දීමේ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කෙරිණි. ඉන්ප­සුව සුළු­තර සුදු ජාති­ක­යන් සම්බ­න්ධ­යෙන් දැඩි පිළි­වෙ­තක පිහිටා සිටින බවට බට­හිර රට­ව­ලින් දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව චෝදනා එල්ල විය. ජනා­ධි­පති රම්පො­සාගේ රජ­යට එරෙ­හිව ද ඒවා නැ‍ඟෙමින් තිබේ.

වර්ණ­භේ­ද­වා­දය අව­සන් කිරී­මෙන් පසු ගෙවී ගිය දශක දෙක­හ­මා­රක කාල­සී­මා­වේදී මැන්ඩෙ­ලාගේ පාල­නය යටතේ සංහි­ඳියා ක්‍රියා­ව­ලි­යක් ද දියත් විය. එසේ වුවද අළු යට සැඟව තිබූ ගිනි පුපුරු යළි දිලි­සෙ­න්නට පටන් ගන්නා බවක් ගතවූ කාල­යේදී වරි­න්වර දිස්විය.

වර්ණ­භේ­ද­වාදී පාල­නය යටතේ තමන් ශිෂ්ට යැයි කියා සිටි සුදු පාල­ක­යන් ස්වදේ­ශික කළු ජාති­ක­යන් සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කළ පිළි­වෙත මනු­ෂ්‍ය­ත්ව­යට නිගා දෙන්නක් බවට ඉති­හා­සය සාක්ෂි දරයි.

කවර ජන­කො­ට්ඨා­ස­යක් වුවද මර්ද­න­කාරී ලෙස තලා පෙළා දැමීම මනු­ෂ්‍ය­ත්වයේ නාම­යෙන් අනු­මත කළ නොහැ­කිය. ඒ සම­ඟම සිහි තබා­ගත යුතු කාර­ණ­යක් වන්නේ කිසි­ව­කුට හෝ නෙළා ගැනී­මට සිදු­වන්නේ තමන් වපු­රන ලද බීජ­වල අස්වැන්න බවයි.


නව අදහස දක්වන්න