අගමැති දිවුරුම් දුන් සතුට සමරා..... | දිනමිණ

අගමැති දිවුරුම් දුන් සතුට සමරා.....

පස්වැනි වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය හා සතුට පළ කරමින් මීගමුව හා බොරලැස්ගමුව නගරවල සංවිධාන කර තිබූ සැමරුම් උත්සව දෙකක අවස්ථාය මේ. මීගමුව නගරයේ රැලිය මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පැවති අතර බොරලැස්ගමුව නගරයේ සැමරුම් උළෙල පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

මේ සඳහා විශාල ජනකායක් එක්ව තමන්ගේ සතුට භුක්ති වීදීම පිණිස රතිඤ්ඤා දල්වමින් රබන් සුරල් වයමින් විනෝද වූ ආකාරය ද එහිදී දක්නට ලැබුණි.

ඡායා-වනාතවිල්ලුව සමූහ කේ.ප්‍රියංකර කළුපහන -බොරලැස්ගමුවේ එස්. කහටපිටිය

 

නව අදහස දක්වන්න