සැමරුම් රැසක්: ළමා නිවා‍සයේ දරුවන්ට ඇඳුම් | දිනමිණ

සැමරුම් රැසක්: ළමා නිවා‍සයේ දරුවන්ට ඇඳුම්

රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් මාදම්පේ ටී.සුමනදාස අනුස්මරණ පුස්තකාලය පිහිටුවා වසර පහක් සම්පූර්ණවීම නිමිත්තෙන් සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මියගිය මනෝජ් මෙන්ඩිස් මහතාට පින් පැමිණවීම සඳහා රොන්නදූව ළමා නිවා‍සයේ නේවාසික ශිෂ්‍යාවන්ට දිවා ආහාරය සහ ඒ සියළුම දෙනාට අලුත් ඇඳුම් කට්ටලය බැගින් පිරිනැමිණි.

මාදම්පේ පුස්තකාලයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ මෙම සත්කාරයේදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා නේවාසික දැරියකට ඇඳුම් කට්ටලයක් පිරිනැමූ අයුරු. පුස්තකාලයාධිපති නිශාන්ත මෙන්ඩිස්, ප්‍රාදේශීය සභාවේ ලේකම් වීරසිංහ ජයවර්ධන ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිෂාන්ත ගමගේ යන මහත්වරු ද මෙහි සිටිති.

ඡායාරූපය අම්බලන්ගොඩ සමූහ
ආර්.ඤාණදාස 

නව අදහස දක්වන්න