කරන්දෙණිය දිසා රෝහලේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත වෙයි | දිනමිණ

කරන්දෙණිය දිසා රෝහලේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත වෙයි

දකුණු පළාත් සභා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන රු. ලක්ෂ 340 ක් වැයකර ඉදි කළ කරන්දෙණිය දිසා රෝහලේ නව පරිපාලන ගොඩනැඟිල්ල පසුගියදා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි .

විවෘත කිරිමේ අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර මහතා, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා, ප්‍රධාන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) එස්.බී. නානායක්කාර මිය, සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) දුල්හානි ද සොයිසා මහත්මිය ඇතුලු පිරිසක් එක්විය.

සටහන සහ ඡයාරූපය
ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

 

නව අදහස දක්වන්න