ආබාධිත දරුවන්ගේ කුසලතාවන් දෙස බලන විට සතුටු වෙන්න පුළුවන් | දිනමිණ

ආබාධිත දරුවන්ගේ කුසලතාවන් දෙස බලන විට සතුටු වෙන්න පුළුවන්

සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක

ආබාධිත දරුවන් දෙස බලන විට කනගාටුදායක බවත් එසේ වුවත් මොවුන්ගේ රංගන කුසලතාවන් දෙස බලන විට සතුටු වෙන්න පුළුවන් බවත් ඔවුන්ගේ මෙම දස්කම් දියුණු කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුපියල් මිලියන පන්සියයක් වෙන් කර ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසීය.

ආණ්ඩුකාරතුමිය එසේ ප්‍රකාශ කෙළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධිත නිවාසවල පදිංචි දරු දැරියන්ගේ රංගන කුශලතාවයන් එලිදැක්වීමෙන් පසුව ඔවුන්ට මුදල් හා ත්‍යාග ප්‍රධානය කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමිනි.

ආබාධිත සහිත තැනැත්තන් සවිබල ගැන්වීම අන්තර්කරණය හා සමානාත්මතාව තහවුරු කිරීම සදහා සබරගමුව පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධානය කෙළේය.

තවදුරටත් කතා කළ ඒකනායක මහත්මිය මෙසේද පැවසීය.

ආබාධිත අය ගැන මට හරිම ආඩම්බරයි, හරිම සතුටක් ලබනවා .මේ අය වැදගත් පරපුරක්. ජනාධිපතිතුමාත් මෙම සමාජය හදන්න වෙර වීරිය දරනවා. නිර්මාණශිලි මිනිසුන් දෙස බලන කළ සමාජයේ මිනිසුන්ගේ යුතුකම් ඉටු කරන්න ජනාධිපතිතුමා වෙහෙසක් දරනවා.ජනාධිපතිතුමා අර්ථ ගන්වන්නේ මහජන දේපොළ මංකොල්ල කන , තක්කඩි මිනි මරුවන්ගෙන් ,දූෂිතයන්ගෙන් මිනීමරුවන්ගෙන් මේ රට ආරක්ෂා කර ගතයුතු බවයි.

මහ පොළොවේ පය ගහලා ඉන්න යථාර්තවාදියෙකු නිසා අපි මෙම නායකයාට ගෞරව කළ යුතුයි.

ඹහු ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ හද පතුලෙන්.අපි දේශපාලනයෙන් හරි හම්බ කරලා නැහැ .මටත් සාමාන්‍ය දේපොළක් තියෙනවා. මට ඒ ඇති. අපි දේශපාලනයෙන් හොරකම් නොකරන සමාජයක් ගොඩනැගීමට දායක වෙමු. පළාත් පරිවාස කොමසාරිස් ඩී.ඩබ්ලිව්. එස් . රාජපක්ෂ ,අමාත්‍යංශ ලේකම් රුක්මණී ආරියරත්න, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

කෑගල්ල දිස්ත්‍රික් සමූහ

 


නව අදහස දක්වන්න