රාජා ජුවලර්ස් වෙත ජනපති රන් සම්මාන 4ක් | දිනමිණ

රාජා ජුවලර්ස් වෙත ජනපති රන් සම්මාන 4ක්

වසර 90ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන රාජා ජුවලර්ස් මැණික් හා ස්වරණාභරණ අධිකාරිය සංවිධාන කළ ජනාධිපති රාජ්‍ය සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ස්වර්ණාභරණ නිෂ්පාදකයා, ඉහළම ප්‍රමිති මුද්‍රා තැබූ ස්වර්ණාභරණ ආයතනය, විශිෂ්ටම රන් ආභරණ නිර්මාණය සඳහා වන රන් සම්මාන ඇතුළු ජනාධිපති රන් සම්මාන සතරකින් පිදුම් ලැබූ වගයි. සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි.

රාජා ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා සම්මාන ත්‍රිත්වයක් ලබා ගත් අතර, කාර්ය මණ්ඩලයේ පී. සද්ධාතිස්ස මහතා වඩාත් පළපුරුදු මැණික් කැපීමේ ශිල්පියාට හිමි ජනාධිපති රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මැණික් හා ස්වර්ණාභරණ සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයකදී ස්වර්ණාභරණ ආයතනයක් රන් සම්මාන හතරක් දිනූ පළමු අවස්ථාව ද මෙයයි.

ඔවුන් 2005, 2007, 2008, 2009 හා 2011 වසරවලදී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලින් ද පිදුම් ලබා ඇත. 1928 දී ඊ. ඒ. ප්‍රනාන්දු මහතා චැතැම් වීදියෙන් ඇරැඹූ ඊ. ඒ. ජුවලර්ස් සමාගම 1962 දී ඔහුගේ පුත් රාජා ප්‍රනාන්දු මහතා විසින් රාජා ජුවලර්ස් ලෙස නම් කරවන ලදී.

පාරම්පරික උරුමයෙන් ලැබූ ඉහළ ප්‍රමිතිය රැක ගනිමින්, නිර්මාණශිලීව ස්වර්ණාභරණ ව්‍යාපාරයේ නිරත වීමෙන් රාජා ජුවලර්ස් මැණික් හා ස්වරණාභරණ ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා ඇත. සුවිශේෂ කැටයම්කරණය, දැකුම්කලු නිමාව, ජීවිත කාලය පුරා ලැබෙන වගකීම, විශ්වසනීයත්වය හා සුහදශීලී සේවය නිසා රාජා ජුවලර්ස් පාරිභෝගිකයන්ගේ පැසසුමට ලක් වී තිබේ. රන්, ප්ලැටිනම්, දියමන්ති ඇතුළු පුළුල් පරාසයක දස්කම් දක්වන 400ක පමණ සේවක පිරිස රාජා ජුවලර්ස් සාර්ථකත්වයේ පදනමයි.

කොළඹ, මීගමුව, මහනුවර යන ප්‍රදේශවල රාජා ජුවලර්ස් ශාඛා පිහිටුවා ඇත. සිය පාරිභෝගිකයන්ට අලෙවියෙන් පසු අති විශිෂ්ට සේවයක් සැපයීමට රාජා ජුවලර්ස් නිරන්තරව කටයුතු කරයි. ආයතනයට අවුරුදු 90ක් පිරීම නිමිත්තෙන් මේ දිනවල විශේෂ වට්ටම් යටතේ ස්වර්ණාභරණ මිල දී ගැනීමට හැකිය.


නව අදහස දක්වන්න