NBQSA රිදී සම්මානයකින් ඇක්සියෙන්ටා පිදුම් ලබයි | දිනමිණ

NBQSA රිදී සම්මානයකින් ඇක්සියෙන්ටා පිදුම් ලබයි

අලෙවි අංශ ස්වයංක්‍රීය කිරීමේ මෘදුකාංග විසඳුම් නිර්මාණයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සී/ස ඇක්සියෙන්ටා පෞද්ගලික සමාගම NBQSA 2018 සම්මාන ප්‍රදානෝත්සවයේදී රීදී සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි. නවතම මෘදුකාංග සංවර්ධනය කරන ප්‍රමුඛ සමාගමක් වන ඇක්සියෙන්ටා සමාගම ජංගම ව්‍යාපාර විසඳුම් කඩිනමින් සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වයි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, කාගිල්ස්, සන්ෂයින් හෝල්ඩින්ග්ස්, මැලිබන් බිස්කට්, හේමාස් ෆාමසියුටිකල්ස් සහ ඇට්ලස් ඇක්සිලියා ආදී සමාගම්වලට මෘදුකාංග විසඳුම් සපයන්නේ ඇක්සියෙන්ටා සමාගමයි.

ඔවුන්ගේ නිපැයුම් අතර VANTAGE SFA Enterprise, ඖෂධ අලෙවි නියෝජිතයන් සඳහා වන VANTAGE MRIS හා VANTAGE Telco ප්‍රධාන වේ. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර තමන්ට ප්‍රමුඛ ස්ථානයක් පවතින බව ඇක්සියෙන්ටා සමාගම හඳුනා ගෙන සිටී. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය විශාල වශයෙන් විසිරී ඇති අතර අලෙවි අංශ ස්වයංක්‍රීය කිරීමේ තාක්ෂණය ඉතා අඩුය.

මේ තත්ත්වය ඇක්සියෙන්ටා සමාගමට සම්මානලාභී VANTAGE LITE බිහි කිරීමට හේතු විය. VANTAGE යනු අලෙවි බළකාය ස්වයංක්‍රීය කිරීමේ විසඳුමක් වන අතර, එමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ක්ෂණිකව ගනුදෙනු සැකසීමට හා බෙදා හැරීමට සළසයි. මේ විසඳුම මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ස්වකීය විකුණුම් හා බෙදා හැරීම් ක්‍රියාවලිය සහ පවතින ගනුදෙනුකාර පදනම ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකිය.

මෙවැනි සේවාවක් සපයන්නට ඇක්සියෙන්ටා සමාගමට හැකි වන්නේ ඔවුන් සතු අත්දැකීම් සම්භාරය, පවතින සේවාදායක පදනම හා මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇති පිළිගැනීම හේතුවෙනි. VANTAGE LITEy හි විශේෂාංග අතර භාණ්ඩ හා ක්ෂේත්‍ර තොරතුරු නිසි අවස්ථාවේදී ලබා ගැනීම, තරගකාරී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ජංගම යෙදවුම් හරහා එවේලේම ඇණැවුම් මෙහෙය වීම ආදිය ප්‍රධාන වේ. එමෙන්ම මේ විසඳුම් භාෂා කිහිපයකින් හසුරුවන්ට හැකි වීමද සුවිශේෂත්වයකි.


නව අදහස දක්වන්න