කෙන්ස්ටාර් බයිසිකල් ස්වර්ණ ජයන්තිය සමරයි | දිනමිණ

කෙන්ස්ටාර් බයිසිකල් ස්වර්ණ ජයන්තිය සමරයි

ශ්‍රී ලාංකේය ජනතාවට පාපැදියක ආශ්වාදය හා අවශ්‍යතාව සැපයීමේදී නව ප්‍රවණතා සපයන්නකු වශයෙන් ඉදිරියෙන්ම සිටින කෙන්ස්ටාර් බයිසිකල් ස්වකීය ව්‍යාපාර ඉතිහාසයේ අභිමානවත් පනස් වැනි සංවත්සරය සමරයි. හිස කෙස් ළෙලදවන සුළං රැල්ලක් සමඟ පාපැදියක පළමු පහස ලැබූ දා පටන් කෙන්ස්ටාර් ඔබ සමඟ සිටිමින් ජීවිතයේ සියලු කඩඉම් ජය ගන්නටත්, ඔබේ ආදරණීයයන්ට යහපත් අනාගතයක් තනන්නටත් රුකුලක් විය.

කෙන්ස්ටාර් කුඩා දරුවන්ට මෙන්ම සියලු වයස් කාණ්ඩවලට ඔබින ලෙස තැනූ දැකුම්කලු මාදිලි රැසක් හඳුන්වා දීමේ පුරෝගාමියෙක් විය. එමෙන්ම පාරිභෝගිකයාගේ අපේක්ෂා මනාව ඉටු කරමින් තරගකාරී මෙන්ම ආකර්ෂණීය මිල ගණන් යටතේ බයිසිකල් හඳුන්වා දීමට කෙන්ස්ටාර් සෑම විටම ක්‍රියා කළේය. අඩ සිය වසක් පුරා පෙර නොවූ විරූ ගුණාත්මක සේවාවක් සපයන්නටද කෙන්ස්ටාර් බයිසිකල් සමත් විය.

දේශීය ජනතාවගේ ගමන් පහසුව සළසන අතරම ඔවුන්ව ශක්තිමත් ලෙස ඔසොවා තබමින් හරිත අනාගතයකට මං පෙත් විවර කරන්නටද කෙන්ස්ටාර් බයිසිකල් දායක විය. කෙන්ස්ටාර් බයිසිකල් යනු එදිනෙදා ගමන් බිමන්, ක්‍රීඩා, ශරීර සුවතා සහ රාජකාරි යන බයිසිකලයක සෑම අවශ්‍යතාවක්ම පනස් වසරක් තිස්සේ නොපිරිහෙළා ඉටු කළ දැවැන්තයෙකි.

පනස් වසර සපුරණ මේ ප්‍රීතිමත් අවස්ථාවේදී කොළඹ 04, ගාලු පාරේ, අංක 245/ඊ ලිපිනයේ පිහිටි කෙන්ස්ටාර් ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්නැයි සියල්ලන්ට සාදරයෙන් ඇරැයුම් කරයි. ඔබ ශ්‍රී ලංකාවේ කොතැනක සිටියත් ඔබේ සිහින පාපැදිය ඔබ වෙත කඩිනමින් ළඟා කරවීමට දිවයින පුරා පිහිටි කෙන්ස්ටාර් අලෙවි ජාලය සූදානම්ය. ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේද කෙන්ස්ටාර් ආයතනය සමඟ සම්බන්ධ විය හැකිය.


නව අදහස දක්වන්න