ඊස්ට් වෙස්ට් මාර්කටින් සමාගමෙන් ‘ටර්කි ජැක් මැකරල්’ | දිනමිණ

ඊස්ට් වෙස්ට් මාර්කටින් සමාගමෙන් ‘ටර්කි ජැක් මැකරල්’

දේශීය පාරිභෝගිකයන්ට ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් ඉහළ ආහාර සපයන ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් සමාගම තම ජනප්‍රිය ටර්කි සන්නාමය යටතේ රස ගුණ පිරි ටර්කි ජැක් මැකරල් ටින් මාළු වෙළෙඳ පොළට හඳුන්වා දෙයි. සම්පූර්ණයෙන්ම චිලී රටෙන් ගෙන්වන ටර්කි ජැක් මැකරල් යනු තලපත් මාළුවාට සමාන විශාල තෙල් සහිත මත්ස්‍යයෙකි. ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල මෙන්ම ප්‍රෝටීන්ද බහුල ජැක් මැකරල් මසුන් රුධිර පීඩනය අඩු කරයි.

සතියකට දෙවරක් වත් තෙල් සහිත මත්ස්‍යයන් ආහාරයට ගැනීම හෘදයේ නිරෝගීකම වැඩි වීමට හේතු වේ. ජැක් මැකරල් දිනපතා ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල්, තරබාරුව මෙන්ම විෂාදයද අඩු වෙයි .

‘ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් ආයතනය නිරන්තරයෙන්ම පවුලේ සැමට රසවත් කෑම පිසින ශ්‍රී ලාංකීය මවුවරුන්ට ලෝකයේ උසස්ම තත්ත්වයේ ආහාර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැපයීමට කටයුතු කරනවා. ඒ නිසයි මුළුතැන්ගෙයි ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් හොඳම සන්නාමය ලෙස ටර්කි කෙරෙහි ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා විශ්වාසය තබන්නේ.’ ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් හමන්ගොඩ මහතා පැවැසීය.

1986 දී ස්ථාපිත සීමාසහිත ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් ශ්‍රී ලංකාවේ භාණ්ඩ බෙදා හැරීමේ ප්‍රමුඛ සමාගමකි. දෙස් විදෙස් හවුල්කරුවන් සමඟ ගොඩනඟා ගෙන ඇති ශක්තිමත් සබඳතාව නිසා ලෝකයේ වේගයෙන් සැරිසරන ප්‍රමුඛ පාරිභෝගික සන්නාම දිවයින පුරා අලෙවි කිරීමට ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් සමාගම සමත් වී තිබේ. එසේම සිය ආහාර නිෂ්පාදන යන්ත්‍රාගාරවල නිෂ්පාදිත භාණ්ඩ රැසක්ද සමාගම විසින් අලෙවි කරනු ලැබේ. ඊට අමතරව හවුල් ව්‍යාපාර වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ රැසක්ද ඇත. එමෙන්ම නවීන ගබඩා සංකීර්ණ හා වාහන සමාගමේ භාණ්ඩ දිවයින පුරා බෙදා හැරීමේ කාර්යක්ෂමතාව වැඩි කරයි.

නව අදහස දක්වන්න