ටොරෙන්ටෝ සමාගමට ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන | දිනමිණ

ටොරෙන්ටෝ සමාගමට ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

ජාතික වාණිජ මණ්ඩය (NCC) සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන 2018 සම්මාන උළෙලේදී ටොරෙන්ටෝ ඉන්ජිනියරින් පෞද්ගලික සමාගම බස්නාහිර පළාතේ හොඳම ව්‍යවසායකයාට හිමි රිදී සම්මානයෙන්, විශිෂ්ටම නවොත්පාදක ව්‍යවසායකයාට හිමි විශිෂ්ටතා සම්මානයෙන් සහ කර්මාන්ත අංශයේ, මධ්‍ය පරිමාණ කාණ්ඩයේ කුසලතා සම්මානය පිදුම් ලැබීය. ටොරෙන්ටෝ ඉන්ජිනියරින් එන්ටර්ප්‍රයිසස් 1986දී කළමණාකාර අධ්‍යක්ෂ ජීවනශූරී දයන්ත ද සොයිසා මහතා ස්වයං රැකියාවක් ලෙස ඇරැඹූ අතර එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පාවහන් යන්ත්‍ර දේශීයව නිපදවන එකම ආයතනය බවට පත්වී ඇත. එවකට පාවහන් යන්ත්‍ර සඳහා පැවති වෙළෙඳපොළ හිඩැස පිරවීමට ටොරෙන්ටෝ ආයතනයට හැකි විය.

1994දී ටොරෙන්ටෝ කටින්ග් ඩයිස් නමින් තවත් ව්‍යාපාරයක් ඇරැඹූ අතර ඒ හරහා සියලුම පාවහන් නිෂ්පාදකයන්ට අවශ්‍ය ඕනෑම හැඩ තලයකට අවශ්‍ය කැපුම් අච්චු වඩාත් නිවැරදිව නිපදවා අලෙවි කරන ලදී. එසේම අනෙකුත් සම්භාණ්ඩ, අත්වැසුම්, හිස් වැසුම්, පොලිතීන් බෑග්, ලියුම් කවර, ඇඟැලුම් ආදී විවිධ කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍ර නිපදවන ලදී. 2004දී ටොරෙන්ටෝ කටින්ග් ඩයිස් හා ටොරෙන්ටෝ එන්ටර්ප්‍රයිසස් ඒකාබද්ධ කරමින් සීමාසහිත ටොරෙන්ටෝ ඉන්ජිනියරින් පුද්ගලික සමාගම පිහිටුවන ලදී. 2006දී ටොරෙන්ටෝ නිෂ්පාදනය කරන යන්ත්‍ර පැපුවා නිව්ගිනියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕමානය ආදී රටවලට අපනයනය ඇරැඹිණි. 2011දී ටොරෙන්ටෝ ඉන්ජිනියරින් 25 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරූ අතර ඔවුන්ගේ විශේෂත්වය වූයේ ඔවුන් නිපද වූ යන්ත්‍ර දේශීයව කිසිවෙකුත් නිපද නොවීමත් විදේශවලින් පමණක් ආනයනය කිරීමත්ය. පරිසර හිතකාමී ව්‍යාපාර සඳහා නැඹුරු වෙමින් විද්‍යුත් බැටරියෙන් ක්‍රියා කරන විදුලි වාහනද ඔවුන් හඳුන්වා දී ඇත. මෙම වසර 32 පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ටොරෙන්ටෝ ඉන්ජිනියරින් සම්මාන පනහකට අධික සංඛ්‍යාවකින් පිදුම් ලබා ඇත. 2019 සිට සියලුම ටොරෙන්ටෝ නිෂ්පාදනවලට ෂීධ තත්ත්ව සහතිකය ලැබීම නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කරයි.

නව අදහස දක්වන්න