ඕස්ට්‍රේලියාවේ කැපී පෙනෙන සන්නාමය වෙජිමයිට් | දිනමිණ

ඕස්ට්‍රේලියාවේ කැපී පෙනෙන සන්නාමය වෙජිමයිට්

රීඩර්ස් ඩයිජස්ට් (Readers Digest) සඟරාවේ පළවූ වාර්තාවකට අනුව ‘වෙජිමයිට්’ සන්නාමය 2018 වසරේ ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කැපී පෙනෙන සන්නාමය බවට පත්විය. මෙය උතුරු අමෙරිකාවේ ‘කැටලිස්ට්‘ සමීක්ෂණ ආයතනය කළ සමීක්ෂණයේ ප්‍රතිඵල ඕස්ට්‍රේලියාවේ රීඩර්ස් ඩයිජස්ට් සගරාවේ පළ වූ අතර, මෙවර සමීක්ෂණයට ඕස්ට්‍රේලියානුවන් 2400කට අධික පිරිසක් සහභාගි වී ඇත. චීස් සහ ආහාර නිෂ්පාදකයකු වූ ෆ්‍රෙඩ් වෝකර් වර්ෂ 1922 දී රසායන විද්‍යාඥ පර්සි කැලිස්ටර් සමඟ යීස්ට් අඩංගු රසවත් ආහාර තැවරුමක් සකස් කළ අතර, එය පිරිසිදු එළවුළු සාරය නම් විය.

පසුකාලීනව වෝකර් මහතාගේ දියණිය විසින් මේ නිෂ්පාදනය ‘වෙජිමයිට්‘ නාමයෙන් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ලදී. අද වන විට වෙජිමයිට් නිෂ්පාදන ටොන් 6800ක් වාර්ෂිකව නිපදවන අතර, බෝතල් මිලියන 22කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කරයි.

පාරිභෝගික ඔබ වෙජිමයිට් තැවරුම දිනකට එක් වේලකට හෝ එක් කර ගන්නේ නම් මිනිස් සිරුරට දෛනිකව අවශ්‍ය කෙරෙන විටමින් B1 (තයමීන්), B3 (නියසීන්) හා ෆෝලික් ඇසිඞ් ප්‍රමාණයන්ගෙන් 25%ත් 50%ත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකිය.

100% නිර්මාංශ ආහාරයක් වන වෙජිමයිට් නිෂ්පාදනය ග්‍රෑම් 150, 220 හා 380 යන ප්‍රමාණවලින් දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳ සල්වලින් ලබා ගත හැකිය. වසර 90කට අධික ගෝලීය ඉතාහාසයක් හිමි ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන වෙජිමයිට් ශ්‍රී ලාංකික වෙළෙඳ පොළට ගෙන්වා බෙදා හැරීමේ පූර්ණ හිමිකම ලැබී ඇත්තේ නවලෝක හෝල්ඩින්ග්ස් අනුබද්ධිත සමාගමක් වන දශක තුනක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ සී/ස ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් පුද්ගලික සමාගමටයි.

දෙස් විදෙස් හවුල්කාර සබඳතා නිසා ලෝකයේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික සන්නාම වන බෙගා, අල්මරායි ආදී උසස් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් උදෙසා මෙරටට ගෙන්වා බොදා හැරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

නව අදහස දක්වන්න