ඇලෝසියස්, පලිසේන යළි රිමාන්ඩ් | දිනමිණ


 

ඇලෝසියස්, පලිසේන යළි රිමාන්ඩ්

සුභාෂිණි සේනානායක සහ රිද්මි අමෝදා

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී  කසුන් පලිසේන යන දෙදෙනා ලබන සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන වසරේ 01 වැනිදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග  කළාය.

අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස ද නියෝග කෙරිණ.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 

තම සේවා දායකයාට ඇප ලබා දීමට කටයුතු කරන ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස්ගේ දරුවා සම්බන්ධයෙන් ඇති වී ඇති සුවිශේෂි තත්ත්වයන් අධිකරණයට දැනුම් දෙමින් සැකකරු වෙනුවෙන් පෙනි සිටි  නිතිඥ සජිත  ජයවර්ධන අධිකරණයට කියා සිටි අතර දෙවන සැකකරු වන කසුන් පලිසේන යන අය සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීමට අදාළ කරුණු ලබන 20 වනදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නිතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

මේ අතර බැදුම්කර ගනුදෙනු විමර්ශණය කිරිම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසමට විකෘති කළ සීඩී තැටි ලබා දුන් සිද්ධියට අදාළවද සැකකරුවන් දෙදෙනා ද එදින තෙක් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තම සේවා දායකන් දෙදෙනා මාස දහයක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිටින බවත්. ඔවුන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තබා ගැනිම හේතුවෙන් විශාල ගැටලු රාශියක් පැන නැගී ඇති බවත් අධිකරණයට කියා සිටි  නිතිඥ ජීවන්ත ජයතිලක ඇතුලු නිතිඥ මඩුල්ල දීර්ඝ කරුණූ දැක්වීමක් සිදු කරමින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළව නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්ර කරුණු ඉදිරිපත් කළ අතර සියලුම පාර්ශ්වයන් ඉදිරිපත් කළ තරුණු සැලකිල්ලට ගත් මහසේත්‍රාත්වරිය නඩුව ලබන 20 වනදා යළි  කැඳවීමට නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සහ නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනි සිටි අතර ජනාධිපති නිතිඥවරුන් ඇතුලු නිතිඥ මඩුල්ලක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනි සිටියහ.

නව අදහස දක්වන්න