ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරනවා | දිනමිණ

ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරනවා

චමීර ඇල්ලදෙණිය

ලබන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ රට වෙනස් කළ හැකි බලවේගයක් නිර්මාණය කිරීමට කැපවීමෙන් කටයුතු කරන බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජාතික විද්වත් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයක් ඇති කළ යුතුයි කියා අප විශ්වාස කරනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු විය යුතුයි. සමාජය සුවපත් කිරීමට සාහිත්‍ය කලාව අවශ්‍යයි. ඒ සඳහා හොඳ ආචාර්ය මණ්ඩලයක් අපට ඉන්නවා. සංවර්ධන රාජ්‍ය කියන්නේ ඒක. අපට එය අවශ්‍ය නැද්ද? රට තුළ අධ්‍යාත්මික සමාජයක් නිර්මාණය කළ යුතුයි. අද සමාජය නීරස තත්ත්වයට පත්ව තිබෙනවා. කිසිදු තෙතමනයක් නොමැති සමාජයක් බිහි වී තිබෙන්නේ.

අද වන විට ලංකාවේ වසරකට රිය අනතුරු 30,000ක් පමණ සිදුවනවා. වාහන අනතුරු හේතුකොට ගෙන දවසට පුද්ගලයන් 8 දෙනකු මිය යනවා. යුද්ධය පැවැති කාලසීමාවේ දී මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අද වන විට රිය අනතුරු හේතුවෙන් මිය යනවා. එවැනි විනයක් නොමැති සමාජයක් බවට අද වන විට රට පත්ව තිබෙනවා. පොලිස් පොතේ ලියැවෙන පරිදි වයස අවුරුදු 16 ට වඩා අඩු දැරියන් 1200ක් 2016 වසරේ දී කවර හෝ ලිංගික අඩත්තේට්ටමකට ලක්වනවා.


අදහස් 1ක් ඇත

WHY ARE YOU NOT PERFORMING JVP IDENTITY AS PARTY. SUPPORTING ALL EX PARTIES WE NOT ACCEPT.

පිටු

නව අදහස දක්වන්න