පොරොන්දු වූ වැසිකිළිය හදා නොදුන්නැයි සත් හැවිරිදි දැරිය පියාට විරුද්ධව පොලිසි යයි | දිනමිණ

පොරොන්දු වූ වැසිකිළිය හදා නොදුන්නැයි සත් හැවිරිදි දැරිය පියාට විරුද්ධව පොලිසි යයි

පොරොන්දු වූ පරිදි වැසිකිළියක් ඉදි කර නොදුන්නැයි සත් හැවිරිදි දැරියක් සිය පියාට විරුද්ධව පොලිසියට පැමිණිලි කරයි. හනීෆා සාරා නම් මෙම දැරිය විසින් ඉන්දීය පොලීසිය වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ තම පිය තමාව රැවටවූ බැවින් ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙසයි. ඔහුගේ පොරොන්දු කඩ කිරීම හේතුවෙන් තමාට සමාජය තුළ ලජ්ජාවට පත් වීමට සිදු වී ඇති බවට ඇය චෝදනා කරයි.

බොහෝ ඉන්දියානුවන්ට පෞද්ගලික වැසිකිළි නොමැති බවත් මිලියන 500ක් පමණ එම අවශ්‍යතාවන් සඳහා එළිපහලිය භාවිතා කරව බවත් යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර ඇත. විවිධ ව්‍යාපෘති තුළින් වැසිකිළි ඉදි කර දුන්නද සමහරු ඒවා භාවිතා නොරකන බව ද වාර්තා වේ.

තමිල්නාඩුවේ අම්බුර් ප්‍රදේශයේ පදිංචි හනිෆා ඉගෙනීමට ඉතා දක්ෂ දැරියක බව අනාවරණය වූ බව ද ඇයගේ ‍මෙම චෝදනාව සාධාරණ බවද හඳුනා ගත් ප්‍රාදේශීය පොලීසිය විසින් ඇය වෙනුවෙන් වැසිකිළියක් ඉදි කර දුන් බව ද මාධ්‍ය අනාවරණය කරයි. ඇය ගේ පියා එම චෝදනාව පිළිගෙන ඇති නමුත් ඔහු පවසා ඇත්තේ ඒ සඳහා තමන්ට ප්‍රමාණවත් මුදල් නොමැති බවයි.

නව අදහස දක්වන්න