කැෆ්කි­යානු වංක­ගි­රි­යෙන් බිමට බට සංචා­රක කවි | දිනමිණ

කැෆ්කි­යානු වංක­ගි­රි­යෙන් බිමට බට සංචා­රක කවි

කාංචනා අමිලානි

කවිය තුඟු­වත්, කුඩා­වත් තැන් තැන්හි පව­තින විට හදි­සියේ පැමිණ, තමා 'සංචා­රක කවි' ප්‍රබන්ධ කළේ යැයි කී හෙයින් පළ­මුව විස්ම­ය­ටත්, දෙවැ­නුව ප්‍රහ­ර්ෂ­ය­ටත් පැමි­ණීමි. හේ රවු­ල්කා­රව, පැති­රුණු සිනා නඟ­මින් සිටියි. දැන් මම ජර්ම­නියේ සර­ත­යේත්, පැරී­සියේ ගිම්හා­න­යේත්, වර­ණා­සියේ වස­න්ත­යේත් එක විට සැරි­ස­රමි. යළි මතක්ව වැනී­සියේ ගිම්හා­න­යට ද එළැ­ඹෙමි. කවි කළඹ ඇතු­ළ­තින් හමන පැට­ලුණු සෘතු සහිත සුළ­ඟින් හිස­කෙස් ද අවුල් කර­ගමි. ඉනි­ක්බිති, 'කැෆ්කි­යානු වංක­ගි­රිය සහ තවත් සංචා­රක කවි' සු‍ඟෙන් සුඟ ලිහා ගනිමි. කතු­ව­ර­යාණෝ; සනත් බාල­සූ­රිය රවු­ල්කා­රව, භාෂාවේ නව විස්මෘ­ති­ය­කට අප හෙළ­න්නට මාන බලන හෙයින් ඊට නොපැ­රදී කවි­යෙන්ම ඒ රස විඳි­න්නට සිතීමි. මේ කුඩා කවි වැනුම් සංචා­රක කවි පොතක් විසින් මා වසන්ත නිද්‍රා­ව­කින් ඇහැ­ර­ව­න්නට කට­යුතු සිදු කළ හෙයිනි.

'දේව­දා­ර­යන් තර­ගෙට
සිරස් ගටන තැන
ඉර කිර­ණක් කොයින්ද
පූදින පොඩි මල­කට

කාල­වන් වනේ දෙව්දුරු
රහස් ගුමන හඬ
හොරු අරං ගිහිං ආ විට
වන මැද දෙණි­යට'

- ඩැන්ඩ­ලි­යන් මල් යායක් හුළඟේ ගිය පසු...

හතර වැනි කවිය

හමු­වුණි;
'ඩැන්ඩ­ලි­යන් මල් යායක්'
මූදු­ක­රය අස­බ­ඩින්
නව, නවා තම හිස රත්‍රන් වැල්ලට
ලිහි, ලිහී යන අරුම සුළ­ඟට අව­න­තව

නත­රව ඉමි;
කලින් පියා­ඹන සම­න­ලුන් දැක
මුහුදු හතක් පහු කර­න්නට හිතා ඉප­දුණ
සති දෙකෙන් පියාඹා හති වැ‍ටුණ
ඩැන්ඩ­ලි­යන් මල් යායක මැරී වැ‍ටුණ
'කළු­ව­නය මැද කුඩා දෙණි­පෙ­තක'
මේ මමත් හිට­ගෙන සිහි විකල්ව
කියව, කියවා ඔබේ කවි මඟ දිගට.

'කොහෙන් ආවත්
වනේ දාලා පාහින්නෙ රාමන්.
උදුනෙ ළා ගානට බදින්නෙ තීපම්.
වනේ දාලා අඹ­රන්නෙ දේව­දා­සන්'

- state Coffee Depot,Number 02, Muesum Road, Bangalore

දහ­සය වැනි කවිය

'කේරල දෙසින් ආපු තීපම්'
ඹ මොකද හිට­ගෙන ඔතන
කෝපි ඇට විසිරි-විසිරී හැම­තැන
පාග-පාගා නොයනු සුවඳ නොත­කනු පිණිස

ඩච් හොස්පිට්ල බරා­දය අස
පු‍ටු කිහි­ප­යකි කකුල් එළි­යට දික් කර­ගෙන
කැප­චිනෝ සුවඳ කැර­කෙන බමන හිස තුළ
නට­පන් උඹ තීපම්, දේව­දා­සන් අඩි හප්පා බිම
බැංග­ලෝ­රය ඈත නෑ කොළ­ඹට සම­හර විට

'කෝපි ඇට එන්නේ කොහෙන්
ඉන්දි­යාවේ හැම­තින්'
ඒත් සුවඳ එන්නේ ලංකා­වේම මුල්ල­කින්

'ඔබ මඟ­හැර
යන්නට හැදූ විට
ඔබව ම හමු­වන'

- What kind of town is this?

දහ අට වැනි කවිය

.'මොන නග­ර­යක්ද මේක?'

හයි­යක් කොහෙන්ද අහ­න්නට ප්‍රශ්න­යක්?'

මම, ලුඩ්විග් ආදි­පාද

ලුවි­සන් කො‍ටුවේ අඩි සීයක් උඩ ඉන්න

හමු­වීම මහත් ව්‍යස­න­යක්
ඒ නිසා මට ඇහැකි
බෙල්ලෙන් උස්සා ඔබව වෙන වීදි­ය­කින් තියන්න
පලයං ඒ පාර දිග
ප්‍රේමයේ මූණට මූණ හැප්පීම් මඟ­හැර

මොන නග­ර­යක් වුණත් කමක් නෑ බාග විට
හමු­වන්න ඕන මොහො­තට මඟ­හැ­රෙන
විස්ම­යම ඇති නේද පිළි­ම­යක්ව ජීවත් වෙන්න

'බැටළු කුර ගැටෙනා ලතා­වට
වලා­වක් දූවිලි නැඟේ'

- කාන්තාර මිරි­ඟුව, ඔබ සහ ඔබේ බැටළු ‍රැළ
විසි පස් වැනි කවිය

'කාන්තාර මිරි­ඟුව, ඔබ සහ ඔබේ බැටළු ‍රැළ'
ඒ මගේ පිළි­ස්සුම් සිහි­නෙක මාතෘ­කාව
ඔබට ඇහැ­කිද වෙනත් මාතෘ­කා­වක් යොද­න්නට

කපු පුළුන් කැටි­යක මීදුම බැඳී විසි­රෙන විට
මිරි­ඟුව සැපක් යැයි නින්දට වැටෙනු යෙහෙ­කිද
සතු­රන් ද මිතු­රන් බවට රූපා­න්ත­ර­ණය කරන
හම්බ­න්තො­ටත් කාන්තාර සුළ­ඟින් බැට කන
නැහැ, ඒ ඉරා­නය ඔබ කියාවි කල­බ­ලව
නැහැ, නැහැ සුමි­තුර ඒ අපේ අඩ නින්දේ පසු­වන හද­වත

බැටළු ‍රැළ දැන් මා අතැර නොයන
වලා­වක, දූවි­ල්ලක මා සදා සාංකාවේ පසු­වන

'පි‍ටුව­හලා මම

උපන් බිම වෙත
නැවත යන්නට
වරම් නොල­බන'

- මරීනා වෙරළේ සමු­ගැන්ම

විසි හය වැනි කවිය

'මරීනා වෙරළේ සමු­ගැන්ම'
සීත­ලට ලුණු සුළඟ කම්මු­ලට පහර දෙන
දෙතොල් පොඟවා බලමි විටින් විට ඔබ මතක්ව
ඒ ලුණු ය, ඒ කඳුළු ය වෙන් කරන්නේ කවුද?

පි‍ටුව­හල් වීම­කම වෙනත් විශ්ව­යක් හිමි වීම
ඒ මහත් ශෝක­යකි සදා­කා­ලික සතුට හිල් කෙරුව
පිරී ඇති හැම විටම කාන්දු වීමක් හිමි වීම
ඒ මහා පැට­ලැ­වීම
කිසි­වි­ටෙක ලිහා ගන්නට උත්සුක නොවන

'මේ තමයි ඒ තැන
නාන ගේකැයි ඔබව රවටා
වතුර මල් සීලිමේ රඳවා
විස ගෑස් එවා පපු කුහර පුරවා
බිම්බත් කෙරූ තැන'

- මර­ණයේ කම්හල
විසි අට වැනි කවිය

නාන ගෙය සහ පෝසි­ලේන් නාන බාල්දිය
මතක් කර මම හිත කිති­කවා ගන්න
දුහුල් නිදන ගවු­මෙන් ගෙවු­යන ඇවි­දින විට
ස්නාන­යට ඇඳුම් උනන විට
'මේ තමයි ඒ තැන'
දුෂ්ට කට­හ­ඬින් ඔබ කියන
මිනි­සුන් අංක බවට පත් කළ
මර­ණයේ කම්හල

ගෑස් ගඳ නැහැ­පුඩු කකාරා පැති­රෙන
ජර්ම­නි­යෙන් කොළඹ දහ­යට මරණ බිය පාවෙන

'නො දැල්වෙන බව කිසිම කිසි­දින
ඔය ඔතන ඇති පහන ද
දන්නෙ කණා­මැ­දි­රි­යන් විත­රයි
රෑ රාත්ති­රි­යට මෙහි එන'

- මොන කවු­ළු­වද යන­වග...
තිස් පස් වැනි කවිය

කවු­ළුව වැසුණු තැන
දුරු රටක සිතු­ව­මක ඔබ ඉන්න
නොකි­ව්වාට හැම විට
කොහෙ­ටත් සීතයි දවසේ කිසි­යම් වෙලා­වක
දෙසැ­ම්බර් සුළ­ඟට පයින් ගසමි අන්න ඒ විට

කවිය ඔබ නිහ­ඬව
විවර කරන්නේ ශෝකී කවුළු අන­න්ත­යක් එක විට
මද­හ­සක්-වයින් මත දෑසක්-ලාස්‍ය සිරු­රක්
දැක-නොදැක වසමි මම මගේ කවු­ළුව
සුළ­ඟ­ට­වත් රිංගා එන්න තහ­නම් කර

'කැරකි කැරකී සසර සක ගැන
කතා­වක් එක මිටට හකුළා පව­සන

දැන් මේ කුසුම සමය ය
මුහු­ල­සට මල් පල­ඳන

පරණ භවයේ මර­ණය
ගෙවුණු සිසි­රයෙ හිමට යට­කර
චෙරි­ගස අලුත් භවයේ
වසත් මල් පල­දාව ඇඳ­ගෙන'

- මල් ගැවසි චෙරි ගස ළඟ දිය­මෝල

තිස් දෙවැනි කවිය

මුහු­ලස මල් නොග­වසා ගෙවුණු සමය
මල් නොපිපි සමය
දැන් අම­ත­කය
චෙරි ගස පැමිණ ජනේ­ලය ළඟට
තට්ටු කර-නොකර යන ගමන දැක
කවිය; ඔබේ වචන සාත්තුව
ආතු­රව සිටි අයගේ මුවට මන්ද­ස්මිත නංවන

'ඔබේ ලෝකය
හිතා­ගන්න බැරි තරම්
සුවි­සල්ද? ගැඹු­රුද

එසේ නැති­නම්
මට නො තේරෙන තර­මට
ප‍ටුද? අඳු­රුද? පාළුද?'

- රතු හැඳ හුදෙ­ක­ලාව කෙතේ වෙහෙ­සෙන ගෙවි­ලි­යට

දහ නව වැනි කවිය

ඩකස්....ඩකස්.....
මම දැන් දුම්රියේ ගම­නක
අත්ල පුච්චන චායි වීදු­රු­වක් දරා­ගෙන
ටර්බන අඳින ඉන්දි­යානු පිරි­මින්
උඩු රවුල් කර­ක­ව­මින් කකු
පද්දන

ගංගා කාවේරි දුම්රියේ කවු­ළු­වෙන්
දම් පාට අහ­සක් බල­න්න­මයි
මට බල කෙරෙන
වචන චිත්‍ර කර පාට වක්ක­රන
අච්චු­වක් ඔබ කොහෙන් ගත්තාද
කියනු කොප­මණ මිල වීද?

'ඉගෝර්
පිස්සු රුසි­යෙකි
වැඩි කතා වැඩි සිනා නැත්තෙකි'

- ඉගෝර් නම් පිස්සු රුස්සා හෙවත් මගේ පාපැදි ගමන් සගයා
තිස්තුන් වැනි කවිය

පාපැ­දි­යක, සුළං කපා ඉගි­ලෙමි
තනි අතින්, ඉගෝර් ඔබේ හිස­කෙස් අල්ලමි
රයින් ගඟ අහා! ඒ කුමක්ද? නොදැන විස්ම­යට පත් වෙමි

'රයින් ගඟ­බඩ පාළු වනමං
කුඩා විල්, ලඳු­ගුල්ම, කෙත්බිම්
කතා පොත­කින් හැලී වන මැද'

තිස්තුන් වැනි කවිය

අහා! ඒ රම­ණීය යෙදුම
කතා පොත­කින් හැලුණු විල්-ලඳු­ගුල්ම-කෙත්බිම්
චලන චිත්‍රෙක පණ පිහි‍ටු­වන
ටකස්! ගා කැඩී කුඩා කෝ‍ටු කැබලි
වනය දෙබෑ කර­න්නට සිතා දුවන සා පොව්වන
හැර දමා කෝම එන්නද කවි පොත­කින් එළි­යට

'සබඳ මම
පාරා­දී­ස­යක නො වෙසෙමි.

එර්දි­යෙන් දිය දෙබෑ­ක­ර­ගෙන,
අහස විද­ගෙන
නො සරමි'

- සබඳ මම
තිස් අට හෙවත් අව­සන් කවිය

ගැස්සී මගේ සුව­බර ජීවි­තය
ඔබේ සප­ත්තු­වට බැස ගමනේ යමි
නෙළූ කැකුළු කවි පිබිදී ඇති සැටි දකිමි
පිනි ඉසි­න්නට ඉක්මන් නොවූ­වත්
අලං­කෘත යැයි ගිරි මුදු­න­කට නැඟ
හඬගා කියමි
එම්බා කවිය; තොප විස්මය නිෂ්පා­ද­නය කළ
මේ කුහුඹු වැනුම ම'විසින් නිෂ්පා­ද­නය කළ
තබමි 'කැෆ්කි­යානු වංක­ගි­රිය සහ තවත් සංචා­රක කවි' ළඟම.


නව අදහස දක්වන්න