ජෝර්ජ් ඕවල්ගේ 1984 | දිනමිණ

ජෝර්ජ් ඕවල්ගේ 1984

ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග

ගිරි­හෙල් මුදුන, කන්දේ වීදිය, දහ­යට විතර, සැප්තැ­ම්බ­රයේ දිග දව­සක් වැනි ග්‍රන්ථ රචනා කළ කපිල කුමාර කාලිංග, මෑ­ත­කදී කිය­වන ලද කෘතිය පිළි­බඳ අද­හස් දක්වන්නේ මෙසේය.

ඔබ මෑත­කදී කියවූ කෘතිය ?

පොතේ නම තමයි ‍ජෝර්ජ් ඕවල් ගේ ‘1984’ කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරි­ව­ර්ත­නය. එහි නමත් ‘1984’ සිංහ­ල­යට පරි­ව­ර්ත­නය කළේ ආරි­ය­වංශ රණ­වීර.

ඔබ එම කෘති­යට කැමැති ඇයි?

මේ කෘතිය, 20 වැනි සිය­වසේ ලියැ­වුණු හොඳ ම නව­ක­තාව විදි­හට හඳු­න්ව­නවා . මෙය ඕනැම කාල­යක කිය­වන්න පුළු­වන් හොඳ ම පොතක්. අපේ ජීවි­ත­ව­ලට සහ අපි ජීවත් වන දේශ­පා­ලන පරි­ස­ර­යට සම්බන්ධ කර ගන්න පුළු­වන් විදිහේ ප්‍රබ­න්ධ­යක්. මේ පොත 1948දී තරම් ඈතක ලියැ­වුණු එකක්. ඒත් 2018 මං කිය­වද්දි, අද මම ජීවත් වන තත්ත්වය පිළි­බඳ දේශ­පා­ලන කියැ­වී­මක් විදි­හ­ටයි එය මට හැඟෙන්නෙ. මම ඒකයි මේ දව­ස්වල මේ පොත නැවත වතා­වක් කිය­වන්නෙ. මේ වගේ , කව­දා­වත් පරණ වෙන්නෙ නැති සම­හර පොත් තිබෙ­නවා. ඒවා වරි­න්වර යාව­ත්කා­ලීන වෙනවා. අද මම ඉන්නෙ මේ ජෝර්ජ් ඕවල්ගෙ පොත යාව­ත්කා­ලීන වන යුග­යක. ඒ නිසා මට මේ පොත කිය­වීම බොහෝ අන්ද­මින් සජී­වීව දැනෙන දෙයක්. ඒකයි මං මේ පොතට කැමැති.

ඔබ මේ කෘති­යෙහි දකින විශේ­ෂතා මොන­වාද?

මෙහෙ­මයි. මේ පොත අනා­ග­තය පිළි­බඳ අන­තුරු හැඟ­වී­මක් විදි­හ­ටයි ජෝර්ජ් ඕවල් කිව්වෙ. ඔහු­ගේම වච­න­ව­ලින් කිය­නවා නම්, ‘මා කරන්නේ අන­තුරු ඇඟ­වී­මක් පම­ණයි. මෙය සිදු­වන්න ඉඩ දෙන්න එපා.’ කියලා ඔහු කිය­නවා. එත­කොට මෙය සාහි­ත්‍ය­මය පැත්තෙන් ගත්තොත්, නැති­නම් සාහි­ත්‍ය­ක­රුවො කිය­නවා ලෝකයේ බිහි­වුණු වැද­ගත්ම ප්‍රති­උ­තෝ­පි­යානු නව­කතා තුනෙන් එකක් කියලා.

මෙහි අධි­ප­ති­වාදී රජ්‍ය­යක විෂම මුහු­ණු­වර තමයි, මේ පොතේ පසු­බිමේ තිබෙන්නේ. මෙහි තියෙන්නේ, මනඃ­ක­ල්පිත රටක්. මේ රටේ වැසි­යන්ට කිසි ම නිද­හ­සක් නෑ. හැම තැනම ටෙලි­ස්ක්‍රීන් කියලා යන්ත්‍ර­යක් සවි කරලා තිබෙ­නවා. එම යන්ත්‍ර­ව­ලින් සියලු ම දේ රූප­ගත වෙනවා. නැති­නම් පටි­ගත වෙනවා. ඒ නිසා, සියලු ම වැසි­යන් හරි බයෙන් ජීවත් වෙන්නෙ.

එත­කොට දේශ­පා­ලන අධි­කා­රිය තමයි නිවැ­රැදි කියලා හැම විටම කියන්නෙ. ඒත්, කියන හැම දේම ජන­තාව පිළි­ගන්න ඕනැ. මේ නරා වළට නොවැ­ටෙන්න කියලා තමා ජෝර්ජ් ඕවල් ඉල්ලන්නෙ. කිසි ම නිද­හ­සක් නැති, අධි­ප­ති­වාදී අරා­ජික රාජ්‍ය­යක, ශෝක­ජ­නක පුවත තමයි මේ පොතේ තියෙන්නෙ. මේ දේ, ලෝකයේ නොයෙක් තැන වරින් වර සිද්ධ වුණා සහ දැන­ටත් සිද්ධ වෙනවා.

මෙහි ප්‍රධාන චරි­තයේ නම වින්ස්ටන් ස්මිත්. ඔහු රජයේ ආය­ත­න­යක සේව­ක­යෙක්. ඔහු මේ ක්‍රම­යට විරු­ද්ධයි. මේ ආඥා­දා­යක, පක්ෂ­යක් විසින් මෙහෙ­ය­වන රටක ජීවත් වෙන්න මොහු කැමැති නෑ. නිද­හසේ ජීවත් වෙන්න කැමැ­තියි ඔහු. මොකද අඩුම තරමේ ඒ රටේ, මනු­ෂ්‍ය­ය­කුට නිද­හසේ මුමු­ණ­න්න­වත් අයි­ති­යක් . ඒත්, මේ විදි­හට මොන තත්ත්ව­යක් තිබු­ණත්, මනු­ෂ්‍ය­ත්වය කියන දේ හරි ප්‍රබ­ලයි.

මොන අර්බු­ද­කාරී තත්ත්ව­ව­ලදී වුණත්, මිනිසා මේ ක්‍රම­යට විරු­ද්ධව නැගී සිටි­නවා. එයට එරෙ­හිව ජීවත් වෙන්න වින්ස්ටන් උත්සාහ කර­නවා. මේ කියන ඉතා ශෝක­ජ­නක, වික්‍ර­මා­න්විත, අධි­ප­ති­වා­දය හා ගැටීම තමයි මේ පොත පුරා සම්පූ­ර්ණ­යෙන්ම තිබෙන්නේ.

ඔබ මෙහි වඩාත් සිත්ගත් අව­ස්ථා­වක් තිබෙ­නවා ද?

ඔව්. මෙහි අවස්ථා නම් ගණ­නා­වක් තිබෙ­නවා. ඉන් එකක් කිව්වොත්, රජයේ ආය­ත­න­යක වැඩ කරන මොහුගේ රැකි­යාව තමයි ඉති­හා­සයේ තිබෙන වාර්තා විකෘති කරලා, ඉති­හා­සය අකා­මකා දමලා අලු­තින් වාර්තා ලිවීම.

මේ රැකි­යාව අත­ර­තුර ඔහුට දිනක් කාර්යා­ලයේ ආප­න­ශා­ලාව තුළදී තරු­ණි­යක් මුණ­ගැ­සෙ­නවා. ඒ තරු­ණිය එක්ව­රම බිම ඇ‍දගෙන වැටෙ­නවා. මේ අව­ස්ථාවේ මොහු ඒ තරු­ණි­යට උදවු කර­නවා. එහෙම වුණ­හම එයා පුංචි කොළ කැබැ­ල්ලක් දෙනවා. මම ඔබට ආ‍දරෙයි කියලා ඒකෙ තිබෙ­නවා. ඒත්, මොවුන්ට ආද­රය කර­න්න­වත්, කතා­බහ කර­න්න­වත් අව­ස්ථා­වක් නෑ. මොහු උත්සාහ කර­නවා ටෙලි ස්ක්‍රීන් (ටෙලි තිර)වලට හොරෙන් ආද­ර­යක්, ප්‍රේම­යක් ගොඩ­න­ගන්න.

අන්ති­මට මේ නග­රයේ එක් ස්ථාන­යක් ඔවුන් සොයා ගන්නවා. ඒ, එම අධි­කා­රි­යට හසු නොවී පෙම් කළ හැකි තැනක්.

පෙම්ව­තුන්ට කොතෙක් බාධක තිබු­ණත්, කොහොම හරි ඔවුන් ජය ගන්නවා කියන දේ තමා මෙයින් සර­ලව අද­හස් වෙන්නෙ. ඊටත් එහා ගිහින්, මෙහි ගැඹුරු අද­හස තමයි . ඒ ප්‍රේමය වගේ මූලික හැඟීම් , ඒ විදි­හට දේශ­පා­ලන අධි­ප­ති­වා­ද­ය­කට හෝ මැඩ­ප­ව­ත්වන්න නොහැ­කියි කියන දේ. මොවුන් දෙදෙනා නග­ර­යෙන් පලා ගොස් කුඩා වන ලැහැ­බක පෙම් කර­නවා. ඒ අව­ස්ථාව මිනි­ස්කමේ සුවඳ වහ­නය වන අව­ස්ථා­වක් විදි­හ­ටයි පොතේ තිබෙන්නේ.

මෙහි සාහි­ත්‍ය­මය වශ­යෙන් තිබෙන වැද­ග­ත්කම?

මේ කෘතිය මූලික වශ­යෙන්ම, උතෝ­පි­යානු, නැත­හොත් අශු­භ­වාදී අනා­ග­ත­වාදී නව­කතා කියා කියන ගණ­යට අයත් එකක්. මීට පෙර ග්‍රන්ථ 2ක් තිබුණා ලෝකයේ. එකක් ‘We’ කියලා. එය රුසි­යානු ලේඛ­ක­යෙක්ගේ. අනෙක් කෘතිය තමයි ‘Brave New World’ එය ඇල්ඩස් හක්ස්ලි නම් කතු­ව­ර­යෙක්ගෙ. මේ නව­කතා දෙක සාහි­ත්‍ය­මය වශ­යෙන් ජෝර්ජ් ඕවල්ට බල­පෑවා කියලා කිය­නවා. ඒ කෙසේ වෙතත් ඕවල් වැඩි වශ­යෙන් පොත් ලියපු කෙනෙක් නෙමෙයි. ඔහු සමාන කරන්න පුළු­වන්, ලෙනාඩ් වුල්ෆ්ට.

ඒ කාලෙ තම­න්ගේම රට­වල ක්‍රියා­ත්මක වුණු අධි­රා­ජ්‍ය­වා­ද­යට විරු­ද්ධව සාහි­ත්‍යයේ නිරත වුණු ලේඛ­ක­යන් විදි­හට, ලෙනාඩ් වුල්ෆ් වගේ ම, ජෝර්ජ් ඕව­ලුන් සල­කන්න පුළු­වන්. සර්ව­කා­ලීන අග­ය­කින් යුත් සාහිත්‍ය කෘති, ප්‍රබන්ධ කතා කළ හැකි ඉතා ප්‍රති­භා­පූර්ණ, ප්‍රබල ජීවිත දැක්මක් සහිත ලේඛ­ක­යන් අතර ජෝර්ජ් ඕවල්ගේ මේ කෘති­යත් අම­ර­ණීය ස්ථාන­යක තිබෙ­නවා කියා කියන්න පුළු­වන්.

පාඨ­ක­යන්ට වැද­ගත් වන ආකා­රය?

හැම විටම මේ අධි­ප­ති­වාදී දේශ­පා­ල­නය, බල පරා­ක්‍ර­ම­යෙන් යුක්ත පක්ෂ දේශ­පා­ල­නය තමා අප අනාථ කරන්නෙ. අපේ නිද­හස නැති කරන්නෙ. අපිට නිද­හසේ සිතන්න තිබෙන අයි­තිය නැති කරන්නෙ. එත­කොට අපිට මේ අවට පරි­ස­රයේ තිබෙන දේ හරි­යට විනි­ශ්චය කරන්න බැරිව යනවා. අපිට ඒකට උත්ප­ත්ති­යෙන් ලැබිලා තියෙන ඥානය නැති­වෙලා යනවා. ලෝකයේ වරි­න්වර අපි ජීවත් වෙන්නෙ මෙවැනි යුග­යක. ශ්‍රී ලාංකේය සමා­ජ­යෙත් අද අපි ජීවත් වෙන්නෙ එවැනි යුග­යක. මේ 1984 (එක්ද­හස් නව­සිය අසූ හතර) කියන පොත පාඨ­ක­යෙක් කිය­ව­නවා නම්, ඔහුට මේ අවු­ල්ස­හ­ගත තත්ත්ව­යන් නිර­වුල් කර­ගන්න හැකි වෙනවා.

යශෝදා ඉන්දී­වරී


නව අදහස දක්වන්න