පරි­ව­ර්තන කෘති­ සංස්කෘ­ති අතර පාල­මක් | දිනමිණ

පරි­ව­ර්තන කෘති­ සංස්කෘ­ති අතර පාල­මක්

රෝහණ වෙත්ත­සිංහ

අමෙ­රි­කානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ විශිෂ්ට නව­ක­තාව ලෙස සැල­කෙන “ද බුක් ඔෆ් ඒරන්”, යුද්ධ­යෙන් පීඩිත දරු­වකු වටා ගෙතුණකි. රෝහණ වෙත්ත­සිංහ විසින්“ඒරන්ගේ ලෝකය”නමින් එය සිංහ­ලට පරි­ව­ර්ත­නය කර ඇත. මේ කතා­බහ ඒ නිමි­ත්තෙනි.

 “ද බුක් ඔෆ් ඒරන්” නම් කෘතිය පරි­ව­ර්ත­නය සඳහා තෝරා ගැනී­මට මුල් වූ හේතුව මොකක්ද?

මේ කෘතිය මම පරි­ව­ර්ත­නය කරන්න තෝර ගත්ත­මයි කියන්න බෑ. “ද බුක් ඔෆ් ඒරන්”කියන්නෙ, සර­සවි ප්‍රකා­ශන ආය­ත­නයේ පරි­ව­ර්තන ව්‍යාපෘති යටතේ ඔවුන් තෝරා­ගෙන තිබුණු පොත්ව­ලින් එකක්. මුළු­ම­නින්ම කුඩා දරු­ව­කුගේ දෘෂ්ටි කෝණ­යෙන් දිවෙන මේ කෘතියේ මුල් පරි­ච්ඡේද දෙක තුන කිය­වන විට ම මට, මේ කෘතිය ගැන ඇල්මක් ඇති වුණා. ඒ නිසා මම , මේ කෘතිය සිංහ­ලට පරි­ව­ර්ත­නය කරන්න එකඟ වුණා. “ද බුක් ඔෆ් ඒරන්” පරි­ව­ර්ත­නය කරද්දි මට සුප්‍ර­සිද්ධ ඈන් ෆ්‍රෑන්ක්ගේ දින­පොත සිහි­යට නැඟුණා. ඒරන් ඉතා ම පහළ සමාජ ස්ථර­යක සිටි කුඩා දරු­වෙක්. ඔහුගේ මව කුලී වැඩ කරලා ජීවත් වුණු කාන්තා­වක්. ජීවිතේ බොහොම අප­හ­සු­වෙන් ගැට ගසා ගන්නා පවු­ලක සාමා­ජි­ක­යෙක් විදි­හ­ටයි, ඒරන් ජීවත් වුණේ. ඔහු, පවුලේ සාමා­ජි­ක­යන් සමඟ පෝල­න්තයේ වෝර්සෝ නග­රයේ පදිං­චි­යට ගිය පසුව මුහුණ පාන්න වුණු අත්දැ­කීම්, තවත් කටු­කයි. දෙවැනි ලෝක යුද්ධ­යෙදී යුදෙ­ව්වන්ට, ඉතා ම සාහ­සික අත්දැ­කී­ම්ව­ලට මුහුණ දෙන්න වුණා. දෙවැනි ලෝක යුද පසු­බිමේ සමූල ඝාතන පිළි­බඳ බොහෝ කතා අපට ඇහිලා තියෙ­නවා සහ අප කිය­වලා තියෙ­නවා. ඒරන් කිය­න්නෙත් යුදෙව් පවු­ලක දරු­වෙක්. ඒ නිසා ම ඔහුට, අනන්ත අප්‍ර­මාණ දුක් කම්ක­ටො­ලු­ව­ලට මුහුණ දෙන්න වුණා. යුදෙ­ව්වන්ට ඒ කාලේ හැසි­රෙන්න පුළු­වන් එක්තරා සීමා­වක් තිබුණා. ඒ සීමා­වෙන් පිට ගියොත්, වෙඩි තියලා මරලා දානවා. දෙවැනි ලෝක යුද්ධය නිසා ඒර­න්ගෙත්, ඔහුගේ පවු­ලෙත් සියලු බලා­පො­රොත්තු කඩ වෙනවා. මේ කතාවේ තිබුණු රසය සිංහල පාඨ­ක­යා­ටත් විඳි­න්නට ඉඩ සලසා දිය යුතුයි කියලා හිතුණු නිසා, මම මේ කෘතිය පරි­ව­ර්ත­නය කරන්න තීර­ණය කළා.

මෙහිදී ඔබ උප­යෝගී කර­ගත් භාෂා ශෛලිය පිළි­බඳ කිව හැක්කේ කුමක්ද?

මම මේ කෘතිය සිංහ­ලට පරි­ව­ර්ත­නය කළේ , සාමාන්‍ය පාඨ­ක­යා­ටත් රස­වි­ඳිය හැකි භාෂා ශෛලි­ය­කින්. “ඒරන්ගේ ලෝකය” කෘතිය කුඩා දරු­ව­කුගේ දෘෂ්ටි කෝණ­යෙන් විකා­ශ­නය වන නිසා, මම තෝරා­ගත්තෙ ඊට උචිත ශෛලි­යක් සහ බස් වහ­රක්. එය කට වහ­රත්, ගත් වහ­රත් අත­ර­මැදි භාෂා ශෛලි­යක් විදි­හට පෙන්වා දුන්නත් වර­දක් නෑ. මේ කෘතිය, වැඩි පාඨක පිරි­ස­කට රස­වි­ඳිය හැකි අන්ද­මින්, සර­ලව පරි­ව­ර්ත­නය කිරී­මට මා කට­යුතු කළා. ඒ වගේම මම මේ කෘතිය පරි­ව­ර්ත­නයේ දී, අක්ෂර වින්‍යා­සය පිළි­බඳ බොහෝ සෙයින් සැල­කි­ලි­මත් වුණා. මේ කෘතියේ මුල් ලේඛ­කයා ජිම් ෂෙපර්ඩ් නිර්මා­ණා­ත්මක රච­නය පිළි­බඳ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක්. ඔහු වෙනස්ම ආකෘ­ති­යක් යටතේ, මුල් කෘතිය නිර්මා­ණා­ත්ම­කව රචනා කර තිබෙ­නවා. මම මුල් කෘතියේ රසය සහ ස්වරූ­පය හැම විටෙ­කම රැක ගන්න මහන්සි ගත්තා. බොහෝ දුරට යුදෙ­ව්වන්ගේ ගති සිරිත්, ඇද­හිලි, විශ්වාස පිළි­බඳ කාලා­න්ත­ර­යක් තිස්සේ කළ අධ්‍ය­ය­න­ය­කින් පසු­වයි, මුල් ලේඛ­කයා ජිම් ෂෙපර්ඩ් මේ කෘතිය රචනා කර තිබෙන්නෙ. ඒ ‍ඔස්සේ අපේ පාඨ­ක­යන්ට වෙනස් සංස්කෘ­ති­යක් හඳුනා ගන්න පුළු­වන්. පරි­ව­ර්තන කාර්යයේ දී මුල් කෘතියේ සඳ­හන් කෑම බීම වැනි අපට නුහුරු දේ ගැන පැහැ­දිලි රූප­යක් මවා ගන්න අවශ්‍ය වූණ අව­ස්ථා­වල, අන්ත­ර්ජා­ලය ප්‍රයෝ­ජ­න­යට ගන්න සිදු වුණා. මේ වෙනස් සංස්කෘ­තිය ගැන පැහැ­දිලි රූප­යක් මවා ගන්න අන්ත­ර්ජා­ලය බෙහෙ­වින් උප­යෝගී වුණු බව කිව යුතුයි. ප්‍රේක්ෂ­ක­යාට නිවැ­රැදි චිත්ත රූප­යක් මැවෙන අන්ද­මින් ලියන්න පුළු­වන් වුණේ, ඒ නිසයි.

“ද බුක් ඔෆ් ඒරන්” සම්මා­න­යට පාත්‍ර වූ කෘති­යක් ?

ද බුක් ඔෆ් ඒරන් යුදෙව් සාහිත්‍ය වෙනු­වෙන් පිරි­නැ­මෙන සම්මාන දෙක­කින් සහ තවත් ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය උළෙල දෙක­කදී වසරේ හොඳ ම නව­කතා ප්‍රබ­න්ධය ලෙසින් සම්මා­න­යට පාත්‍ර වුණා.

මේ කෘතිය නව­කතා ප්‍රබ­න්ධ­යක් බව පව­සන්නේ කුමක් හේතු නිසාද?

මෙහි ප්‍රධාන චරි­තය වන “ඒරන්”, ප්‍රබන්ධ චරි­ත­යක් විදි­හ­ටයි ගොඩ­නැ­ගෙන්නේ. ඒත්, කතාවේ බාග­යක් පමණ දිග­හැ­රෙන විට, යානූෂ් කොර්චැක් නම් වයෝ­වෘද්ධ චරි­ත­යක් මේ කතා­වට එකතු වෙනවා. ඔහු අනාථ නිවා­ස­යක් පව­ත්වා­ගෙන යන වය­ස්ගත වෛද්‍ය­ව­ර­යෙක්. යානූෂ් කොර්චැක් ඉති­හා­සයේ ජීව­මා­නව සිටි චරි­ත­යක්. සත්‍ය වශ­යෙන්ම දෙවැනි ලෝක යුද සමයේ අනාථ නිවා­ස­යක් පව­ත්වා­ගෙන ගිහින් තිබෙන ඔහු, පෝල­න්තයේ විසූ දැවැන්ත චරි­ත­යක් විදි­හට හඳුන්වා දෙන්න පුළු­වන්. දරු­වන්ගේ ලෙඩ රෝග පිළි­බඳ ඔහු අතින් පොත් ගණ­නා­වක් ලියැවී තිබෙ­නවා. යානූෂ් කොර්චැක් වැනි, ළමා අයිති වෙනු­වෙන් සටන් වැදුණු මානව හිත­වා­දි­ය­කුගේ සැබෑ චරි­තය, මෙහි එන ප්‍රබන්ධ චරිත හා මුසු වෙමින් ගොඩ­නැ­ගීම, මේ නව කතාවේ සුවි­ශේෂී තත්ත්ව­යක්.

ඔබ පරි­ව­ර්තන කාර්ය­යට නැඹුරු වූ ආකා­රය පිළි­බඳ පැව­සු­වොත්?

මම ලේඛ­න­යට අත්පොත් තැබුවේ පරි­ව­ර්තන කාර්ය­යෙන්. මගේ පරි­ව­ර්ත­නය වෙනස් ස්වරූ­ප­යක එකක්. අවු­රුදු 20දි පටන් මම පුව­ත්ප­ත­කට ලිපි මාලා­වක් පරි­ව­ර්ත­නය කළා. මා තුළ වැඩි කැමැ­ත්තක් තිබුණේ, සින­මා­ක­ර­ණය පිළි­බඳ හැදෑ­රී­ම­ටයි. ඒ නිසා, උසස් සිනමා නිර්මාණ රස­වින්දා. සින­මාව ගැන අධ්‍ය­ය­නය කළා. ඒ වගේ ම, හොඳ සිනමා නිර්මා­ණ­යක් බිහි කර­න්නත් මට හීන­යක් තිබුණා. සින­මා­ක­රු­වන් සහ සිනමා නිර්මාණ ගැන අතට අහු­වෙන ඕනෑම කෘති­යක් මම කියෙව්වා. ලෝකයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ක­වරු ගැන සඳ­හන් පොතක්, එක්තරා අව­ස්ථා­ව­කදී මට කිය­වන්න ලැබුණා. ඒ ලිපි, සිංහල පාඨ­ක­යන්ට රස විඳීම සඳහා පරි­ව­ර්ත­නය කළොත් හොඳයි කියලා මම හිතුවා. විශිෂ්ට සින­මා­ක­රු­වන් ගැන ලිය­වුණු ඒ ලිපි මං පරි­ව­ර්ත­නය කළා. ඒ තමයි මගේ පරි­ව­ර්තන හැකි­යාව උරගා බැලූ පළමු අව­ස්ථාව. “විසි­තුර” පුව­ත්ප­තට ඒ ලිපි පෙළ පරි­ව­ර්ත­නය කළේ “ලොවින් එකෙක්” නම් සිරස් තල­යක් යට­තේයි. ලංකා­දීප පුව­ත්පතේ උප­ක­ර්තෘ­ව­ර­යෙක් වශ­යෙන් රැකි­යාව ලබා ගැනී­මේ­දීත්, මා තුළ වූ පරි­ව­ර්තන හැකි­යාව බොහෝ සෙයින් උප­යෝගී වුණා.

ඔබ ස්වත්‍රන්ත්‍ර නිර්මා­ණ­ව­ලට යොමු වුණේ නැද්ද?

මම පරි­ව­ර්තන ක්‍රියා­ව­ලියේ දිගින් දිග­ටම නිර­තව සිටි­යත්, කෘති­යක් වශ­යෙන් මුල්ම වරට පරි­ව­ර්ත­නය කළේ ඒරන්ගේ ලෝක­යයි. මගේ මුල්ම ස්වතන්ත්‍ර නිර්මා­ණය චිත්‍ර­පට තිර නාට­ක­යක්. “සතර දිග­න්තය” නමින් මම ලියූ තිර නාට­කය, චිත්‍ර­ප­ට­යක් ලෙස තිර­ගත වුණා. සති­ස්චන්ද්‍ර එදි­රි­සිංහ මහ­ත්මයා තමයි ඒ චිත්‍ර­ප­ටය අධ්‍ය­ක්ෂ­ණය කළේ. ඒ තිර­නා­ට­කය පොතක් විදි­හට පළ කළේ, හංස ප්‍රකා­ශ­න­යක් විදි­හ­ටයි. ඒ වන විට චිත්‍ර­ප­ට­යක තිර නාට­ක­යක් කෘති­යක් වශ­යෙන් පළ­වෙලා තිබුණෙ නෑ. චිත්‍ර­ප­ට­ගත කතා­වක පොතක් විදි­හට පළ­වුණු මුල් තිර නාට­කය විදි­හ­ටයි සතර දිග­න්තය සැල­කෙන්නේ. ඉන් පසු­වයි චිත්‍ර­ප­ට­වල තිර­නා­ටක, ග්‍රන්ථ ලෙස පළ කිරීමේ ප්‍රව­ණ­තාව ඇති වුණේ. පසුව මම තවත් තිර නාටක දෙකක් රචනා කළා, “මුර මඩුව” සහ “තුන්වෙනි ලෝකය” නමින්. ඒත්, එම තිර පිට­පත් චිත්‍ර­ප­ට­ගත කිරී­මට අව­ස්ථාව ලැබුණෙ නෑ. පුව­ත්පත් කලා­වේ­දි­යකු විදි­හට සේව­යට එක් වූ පසු, ඒ රාජ­කාරි කට­යුතු සමඟ කාර්ය­බ­හුල වුණා. ස්වතන්ත්‍ර නිර්මාණ බිහි කිරීමේ අව­ස්ථාව මඟ­හැ­රුණා.

පරි­ව­ර්තන කාර්යය පිළි­බඳ ඔබේ අද­හස කොයි වගේද?‍

ඉංග්‍රීසි ටිකක් දන්නවා, සිංහ­ලත් දන්නවා කියලා හිතලා, කෙනකු පරි­ව­ර්ත­න­යක් කරන්න යොමු වෙනවා නම්, ඒක සාර්ථ­කව කරන්න පුළු­වන් කට­යු­ත්තක් නෙමෙයි. ඒ වගේම, කුමක් හෝ ග්‍රන්ථ­යක් පරි­ව­ර්ත­නය කළ යුතු බව සිතා පරි­ව­ර්ත­න­යට යොමු වීමත් නිෂ්ඵ­ලයි. මෙය ඉතා ම සැල­කි­ල්ලෙන් කළ යුතු කාර්ය­යක්. පරි­ව­ර්ත­න­යක් හරහා සිදු­වන්නේ යම් සංස්කෘ­තින් දෙකක් අතර පාල­මක් තැනීම වගේ කට­යු­ත්තක්. ඒ හේතුව නිසා, පරි­ව­ර්ත­න­යක් කරද්දි, හැම විටෙ­කම භාෂා ඥානය ඉක්මවා ගිය, පුළුල් පරා­ස­යක දැනුම් සම්භා­ර­යක් අවශ්‍ය වෙනවා. වච­නා­ර්ථ­යෙන් පම­ණක් පරි­ව­ර්ත­න­යක් කිරී­මට උත්සාහ කළොත්, ඒක සාර්ථක නෑ.

කාංචනා සිරි­ව­ර්ධන

නව අදහස දක්වන්න