අපි හොඳ විප­ක්ෂ­යක් හද­නවා: ඕනෑම වෙලා­වක අපි මැති­ව­ර­ණ­ය­කට සූදා­නම් | දිනමිණ

අපි හොඳ විප­ක්ෂ­යක් හද­නවා: ඕනෑම වෙලා­වක අපි මැති­ව­ර­ණ­ය­කට සූදා­නම්

ධනුෂ්ක ගොඩකුඹුර

ප්‍රශ්නය- ඔබ­තුමා හැඳි­න්විය යුත්තේ කුමන ආකා­ර­ය­ටද?

පිළි­තුර- මාව වෙනදා හැඳින්වූ විදි­යට හැඳි­න්වු­වාම ඇති. පාර්ලි­මේන්තු මන්ත්‍රී කිව්වත් කමක් නැහැ. මම මන්ත්‍රීනෙ. 1970 මම පටන් ගත්තේ මන්ත්‍රී­ව­ර­යෙක් වශ­යෙන්. තවම ඉන්නෙත් මන්ත්‍රී­ව­ර­යෙක් වශ­යෙන්. ජනා­ධි­ප­ති­කම්, විපක්ෂ නාය­ක­කම්, අග­මැ­ති­කම් තන­තුරු විත­රයි.

ප්‍රශ්නය- සම්බ­න්ධන් මහතා කිය­නවා පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ නාය­ක­ව­රුන් දෙදෙ­නෙක් ඉන්නවා කියලා. මොකද ඒ ගැන හිතන්නේ?

පිළි­තුර- ඔවු­න්ටත් මත­යක් පල කරන්න නිද­හ­සක් තියෙ­න­වානේ.

ප්‍රශ්නය- ඔබ­තුමා විපක්ෂ නායක වශ­යෙන් ඉදි­රියේ දී කරන්න බලා­පො­රොත්තු වන ප්‍රධා­න­තම කාර්යය කුමක්ද?

පිළි­තුර- මම මේ විපක්ෂ නායක ධුරයේ ඉඳලා තියෙ­න­වානේ. මගේ ප්‍රධා­න­තම අර­මුණ තමයි ආණ්ඩුව පෙර­ළන එක. සියලු දෙනා එකතු කර­ගෙන අපි පුළුල් විප­ක්ෂ­යක් හද­නවා.

ප්‍රශ්නය- විපක්ෂ නාය­ක­ව­රයා විදි­යට ජනතා විමුක්ති පෙර­මුණ සහ දෙමළ ජාතික සන්ධා­නය සමඟ කට­යුතු කරන්නේ කොහො­මද?

පිළි­තුර- මම ඒ අය එක්කත් සාකච්ඡා කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඒ අය එකඟ වෙයිද නැද්ද දන්නේ නැහැ. විප­ක්ෂයේ කණ්ඩා­යම් එක්ක වැඩ කරන්න අපි සූදා­නම්.

ප්‍රශ්නය- ත්‍රස්ත­වා­දය අව­සන් කරපු නාය­කයා ලෙස ඉති­හා­ස­යට එකතු වුණු ඔබ­තුමා දැන් දින පනහේ අග­මැ­ති­ව­රයා ලෙස ඉති­හා­ස­යට එකතු වෙලා තියෙ­නවා. ඒ ගැන මොකද හිතන්නේ?

පිළි­තුර- ඒකත් ගැට­ලු­වක් නැහැ. ඒකත් වාර්තා­වක්නේ. මට තියෙ­නවා ආත්ම ශක්ති­යක්. ජනා­ධි­පති වුණත් පාර්ලි­මේන්තු මන්ත්‍රී වුණත් ඒකේ වෙන­සක් නැහැ.

ප්‍රශ්නය- දින පනහේ ලබපු ජය­ග්‍ර­හණ තියෙ­න­වාද?

පිළි­තුර- අනි­වා­ර්යෙන්ම තියෙ­නවා. බදු අඩු කිරීම, ජන­තා­වට සහ­න­දීම, ඉන්ධන මිල අඩු කිරීම. පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙක අහිමි කිරීම.

ප්‍රශ්නය- ඔක්තෝ­බර් 26 දා අග­මැති වෙන්න පෙර ජනා­ධි­පති සමඟ කොප­මණ කාල­යක් ඒ ගැන කතා කළාද?

පිළි­තුර- මම හිතන්නේ නැහැ සුමාන දෙක­ක්වත් කතා කළා කියලා. ජනා­ධි­ප­ති­ව­රයා මට හම්බ වුණේ තුන් වතා­වයි.

ප්‍රශ්නය- ගොඩක් අය කිය­නවා එදා වෙච්ච දේ දැන­ගෙන හිටියේ නැහැ කියලා. එදා වෙච්ච දේ පෙළ ගැස්වු­වොත්?

පිළි­තුර- මම දන්නෙත් නැහැ. මෙහෙම සාක­ච්ඡා­වක් ගැන වාසු­දේව මට මුලින් කතා කරලා කිව්වා. පස්සේ එස්. බී, ලක්ෂ්මන් වසන්ත, ඩිලාන්, තිලංග කියන හතර දෙනා තමයි ආවේ. වාසු ඇවිත් කිව්වම මම කිව්වේ එකතු වෙන්න බැහැ කියලා. පස්සේ මම කිව්වා පක්ෂ­යට දාලා බල­න්නම් කියලා. පස්සේ තමයි මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය- මෛත්‍රි­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා මෙව­රත් ඔබව උගු­ල­කට අසු කළා කිය­ලත් චෝද­නා­වක් තියෙ­නවා?

පිළි­තුර- නෑ. මම එහෙම හිතන්නේ නැහැ. එහෙම උගු­ල­කට අසු­වී­මක් නැහැ. දේශ­පා­ල­නයේ දී උගු­ල­කට අහු­වෙ­නවා කියන්නේ උගුලේ වැටෙන කෙනාගේ දුර්ව­ල­කම කිය­ලයි මම විශ්වාස කරන්නේ. මෙතැ­නදී මම කිසි­වි­ටෙක උගු­ල­කට අහු‍වුණේ නැහැ.

ප්‍රශ්නය- ජනා­ධි­ප­ති­ව­රයා කිව්වේ පාර්ලි­මේ­න්තුව විසි­රුවා හැරියේ නීති උප­දෙස් මත කිය­ලයි. නමුත් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ සත් පුද්ගල විනි­සුරු මඬුල්ල මේ තීන්දුව වැරැ­දියි කියලා ඒක­ම­ති­කව තීර­ණය කළා නේද?

පිළි­තුර- මම මේ තීන්දු­වට එක­ඟ­තා­වක් නැහැ. ඒ ගැන විවේ­චන තියෙ­නවා. නමුත් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තමයි ඉහළ අධි­ක­ර­ණය. අපි ඒක පිළි­ග­න්නවා. ජනා­ධි­ප­ති­ව­රයා ඒ තීන්දුව ගත්තේ සද්භා­ව­යෙන්.

ප්‍රශ්නය- මේ ගත්තු තීන්දුව නිසා ඔබ­තු­මා­ලගේ පෙර­මුණ පසු­බෑ­ම­කට ලක්වුණා නේද?

පිළි­තුර- මම හිතන විදි­යට කිසිම පසු­බෑ­මක් වුණේ නැහැ. මේකෙන් වුණේ අපි තවත් ශක්ති­මත් වුණ එකයි. එකට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ හිටපු අපි එතැ­නින් එළි­යට ආවේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වුණ නිසයි. පක්ෂයේ අනු­දැ­නුම ඇති­වයි අපි ඉවත් වුණේ. එක්සත් ජාතික පක්ෂය සහ නිද­හස් පක්ෂය අතර තිබුණු සම්බ­න්ධය අපි ඇවිත් ආයේ කැඩුවා.

ප්‍රශ්නය- ඔබ­තුමා අග­මැති ධුර­යට ඇවිත් අලුත් ගම­නක් ආරම්භ කළා. ඒ ගමන දැන් නැව­තිලා. ඉදි­රියේ දී මොකක්ද කරන්න ඉන්නේ?

පිළි­තුර- දැන් විප­ක්ෂ­යක් වශ­යෙන් ඉදි­රි­යට යනවා. විප­ක්ෂයේ ඉඳලා ආණ්ඩුව පෙර­ළන්න අපි කට­යුතු කළා. එහෙම නැතුව දෙමළ සන්ධා­නය හෝ ජනතා විමුක්ති පෙර­මුණ වගේ විප­ක්ෂ­යට වෙලා හැම­දාම බැන බැන ඉන්න එක නෙමේ වැද­ගත්.

පිළි­තුර- ඒක තීන්දු කළේ අව­ස්ථාව අනු­වයි. මේ අය රට විකු­ණ­ගෙන ගියා. තව පැත්ත­කින් ත්‍රිකු­ණා­මලේ ඉඩම් විදේ­ශි­ක­යන්ගේ හමුදා කඳ­වුරු දාන්න දෙන්න සැල­සුම් කර තිබුණා. අපි විප­ක්ෂය විදි­යට මේවා විවේ­ච­නය කර­මින් හිටියා. ඒක නතර කරන්න අව­ස්ථාව ලැබු­ණම ඒක කරන්න ඕනෑ. එහෙම නැතුව විප­ක්ෂයේ ඉඳලා අව­ස්ථාව ලැබු­ණම මඟ­හ­රි­නවා නම් තේරු­මක් නැහැනේ. එකම පක්ෂයේ කෙනෙ­කුට අව­ස්ථාව ලැබු­ණම මඟ­හ­රින එක වෙනම දෙයක්. නමුත් විප­ක්ෂයේ ඉන්න අපිට ඒ වග­කීම කර­අ­රින්න පුළු­ව­න්ක­මක් නැහැ.

ප්‍රශ්නය- මේ තියෙන තත්ත්වය තුළ විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම සම්බ­න්ධ­යෙන් ඔබ­තුමා ඉන්නේ මොන වගේ මත­ය­කද?

පිළි­තුර- අපි දේශ­පා­ලන වශ­යෙන් විධා­යක ජනා­ධි­පති ක්‍රම­යට විරු­ද්ධ­වයි හිටියේ. නමුත් රටේ තියෙන තත්ත්වය බැලු­වම ඒ ගැන හිතන්න වෙනවා. එල්ටී­ටීඊ සංවි­ධා­නය තවම ක්‍රියා­ත්මක වෙනවා. ඔවුන්ට තවම මුදල් ලැබෙ­නවා. එවැනි තත්ත්ව­යක් තියෙන වෙලා­වක මේක විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කරන්න වෙලාව නෙමෙයි.

ප්‍රශ්නය- ඔබ­තුමා විශ්වාස කර­න­වද 19 වැනි සංශෝ­ධ­නය වෙන­ස්විය යුතුයි කියලා?

පිළි­තුර- අනි­වා­ර්යෙන්ම. අධි­ක­ර­ණය ඉස්ස­රහ 19 වැනි සංශෝ­ධ­නය ක්‍රියා­ත්මක වෙච්ච ආකා­රය දැක්ම එක්සත් ජාතික පක්ෂයේ සම­හ­රු­නුත් කිය­නවා ඒක වෙනස් විය යුතුයි කියලා. 19 සංශෝ­ධ­නයේ පෙන්නුවේ රාජ­ප­ක්ෂ­ව­රුන් පරා­ජය කිරීම ගැනනේ. ඒ නිසා සිය­ලු­දෙනා ඒකට සතුටු වුණා.

ප්‍රශ්නය- ඉදිරි මහ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­ව­න්ක­මක් ඔබට තිබෙ­න­වද?

පිළි­තුර- අපි මහ මැති­ව­ර­ණ­යට සූදා­නම්. ඒ වගේම ජය­ග්‍ර­හ­ණය කර­නවා.

ප්‍රශ්නය- ඔබ­තුමා බලා­පො­රොත්තු වන්නේ මහ මැති­ව­ර­ණය ද ජනා­ධි­ප­ති­ව­ර­ණය ද ?

පිළි­තුර- අපි බලා­පො­රොත්තු වෙන්නේ මහ මැති­ව­ර­ණය.

ප්‍රශ්නය- ජන­වාරි මාස­යෙන් පසුව ඕනෑම මොහො­තක ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්විය හැකියි? ‍‍කොහොමද ඒකට සූදා­නම?

පිළි­තුර- අපි ඒක­ටත් ලැහැ­ස්තියි.

ඡායා­රූප- ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න