ලොවක් එළිය කළ දෙනෙත් අහිමි මිනිසා | දිනමිණ

ලොවක් එළිය කළ දෙනෙත් අහිමි මිනිසා

ෆවුස් මොහොමඩ්

ලෝකය දකි­න්නට නොලැ­බීම ගැන දුක්වෙන, සිය­ද­හස් වාර­යක් පසු­තැ­විලි වෙන ගති­යක් මිනි­හට තිබු­ණේම නෑ

මිනි­හෙක් තමන්ගේ ඇස් දෙක පාවිච්චි කර­නවා අඩුයි කියන්නේ එයාගේ පෙනීම අඩුයි කියන එක නෙවෙයි..’

පුදුමේ කියන්නේ මේ කතාව කියන්නේ කව­දා­වත් ලෝකය දැකලා නැති කෙනෙක්. තම­න්ටම කියලා ඇස් දෙකක් නැති කෙනෙක්. ඒත් එහෙම වුණා කියලා එයා කව­දා­වත් ජීවි­ත­යෙන් පැර­දුණේ නෑ. ඇස් පෙනෙන අය­ටත් වඩා හොඳින් එයාට ලෝකය ස්පර්ශ කළා.

අමෙ­රි­කාවේ මිචි­ග­න්ව­ලදී මීට අවු­රුදු හැට ගණ­න­කට පෙර නොමේරු දරු­වෙක් විදි­හට මෙලො­වට බිහි­වෙලා ඒ නිසාම අන්ධ­භා­ව­යට පත්වුණු මේ පුද්ග­ලයා ස්ටීව්ලන්ඩ් හාඩ්වේ මොරිස්. ඒත් හැමෝම එයාව දන්නේ ස්ටීවි වොන්ඩර් නමි­නුයි. ස්ටීවි වොන්ඩර් කියන්නේ 20 වැනි ශත­ව­ර්ෂයේ අග­භා­ග­යේදී ලොව වඩාත්ම විවේ­ච­න­යට භාජ­නය වුණු, වානි­ජ­මය අතින් වඩාත්ම සාර්ථ­ක­ත්ව­යට පත්වුණු බට­හිර ගාය­ක­යන් අත­ලො­ස්සෙන් කෙනෙක්.

ජීවි­තය පාට කර­ගන්න.. එයාගේ කළු­වර ලෝක­යට නොපෙ­නෙන එළි­යක් ළඟා­ක­ර­ගන්න මේ අපුරු ගාය­කයා ගත් උත්සා­හ­යත්, එහි සාර්ථ­ක­ත්ව­යත් එක අත­කට ලොව පුරා ඇස් නොපෙ­නෙන මිනි­සුන්ට ආද­ර්ශ­යක් වගේම අනිත් අතට ඇස් පෙනි පෙනී තිබි­ය­දිත් ජීවි­තය අඳුරු කර­ගත්තු මිනි­සුන්ට කදිම අතුල් පහ­රක් වුණා.

අවු­රුදු 11දී මිචි­ග­න්වල මෝට­වුන් හී ටැම්ලා ලේබ­ලය යටතේ ගීත ගාය­න­යට පිවිසි මේ විස්මිත ගාය­කයා මේ වන­විට 68 හැවි­රිදි වියෙහි පසු­වූ­වත් අද­ටත් බට­හිර පොප් සංගී­තයේ නොම්මර එකේ තරු­වක්. කව­දා­වත් ගිටා­ර­යක්, පියා­නෝ­වක්, ඩ්‍රම් සෙට් එකක් දෑසින් දකින්න වරම් නොලැ­බු­ණත් පුංචි කාලේ පල්ලියේ ගීතිකා කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙක් විදි­හට කට­යුතු කළ නිසා ස්ටීවි වොන්ඩර්ට මේ වාදන භාණ්ඩ වාද­නය කිරීම කජු කනවා වගේ වැඩක් වුණා. මෝට­වුන් ආය­ත­නයේ ටැම්ලා ලේබ­ලය යටතේ ගාය­ක­යෙක් හැටි­යට ඉදි­රි­යට යන්න ඔහුට අව­ස්ථාව උදා­වු­ණෙත් පල්ලියේ ගීතිකා කණ්ඩා­යම නිසයි.

කව­දා­වත් අම්මා කෙනෙ­කුගේ, තාත්තා කෙනෙ­කුගේ රූපය දකින්න නොලැ­බීමේ අවා­ස­නාව කර­පි­න්නා­ගෙන උපන් ස්ටීවි අවු­රුදු 4දී එයාගේ මාපි­යන් දික්ක­සාද වුණාම තත්ත්වය තවත් දරුණු අතට හැරුණා. කිසිම දෙයක් කර­කි­යා­ගන්න බැරිව ගිය එයාගේ අම්මා දරුවෝ 6 දෙනාත් අර­ගෙන මිචි­ග­න්වල වෙන පැත්ත­කට පදිං­චි­යට ගියා.

ඇත්තම කිය­න­වා­නම් දරුවෝ 6ක්, ඇරත් ඇස් පේන්නෙ නැති දරු­වෙ­කුත්....ඒ අම්මට බර වැඩි­වෙන්න ඇති. ඒ නිසා තමයි මේ අන්ධ දරු­වගේ බරින් පොඩ්ඩක් හරි නිද­හස් වෙන්න හිතා­ගෙන එයා පල්ලියේ ගීතිකා කණ්ඩා­ය­මට ස්ටීවි ඇතු­ළත් කළේ. අන්ති­මේදී මේ අස­රණ කොලු පොඩ්ඩාට වාස­නාව උදා­වුණේ ඒ හර­හායි.

ටැම්ලා ලේබ­ල­යට එයා මුලින්ම ගැයුවේ ‘තනි­වුණු කොල්ලා’ ගීත­යයි. ඒක එයා­ගෙම අත්දැ­කී­මක්. ඒ ගීතය රචනා කළෙත් එයා­මයි. ඒත් බාල­ව­ය­ස්කා­ර­යෙක් නිසාම අවු­රුදු පහේ ගිවි­සු­මක් වුණත් එයාට මුදල් ලබා­ගැ­නී­මට නම් අවු­රුදු 21 පිරෙන තුරු ඉන්නට සිදු­වුණා. ඒ කාලය තුළ ස්ටීවිටත්, එයාගේ අම්මා­ටත් සති­ය­කට ඩොලර් දෙකයි පනහ බැගින් ගෙව­න්නට ටැම්ලා අයි­ති­කරු ක්ලැරන්ස් පෝල් පොරොන්දු වුණා. හැරු­ණම විදෙස් සංචාර සඳහා යාමේදී ස්ටීවිට භාර­කා­ර­යෙක් පත් කර­න්නත් එයා කට­යුතු කළා.

මුල් කාලයේ සිටම ස්ටීවි ගැයූ බොහෝ ගීත ඔහු විසින්ම රචනා කරනු ලැබු ඒවා. ඒ අත­රින් වැඩි ගණ­නක් ඔහු­ගේම අත්දැ­කීම් ඇසු­රින් ලියැ­වුණා. 1962දී ඔහු ගැයූ ‘අම්මේ ස්තූතියි ඔබට..’ ගීතය ඔහු වෙනු­වෙන් ජීවි­තය කැප කළ සිය මව වෙනු­වෙන් ලියැ­වුණා.

අම්මා කියන්නේ ස්ටීවිගේ ජිවි­තයේ ලොකුම පංගු­කා­රයා. ලෝකය ගැන... පාට පාට ගැන..මිනිස්සු ගැන..එයා සිතින් මවා­ගත්තේ අම්මා කියා­දුන්නු දේවල් වලින්. ඉන් ඇතැම් ඒවා ඔහු අන්ධ විද්‍යා­ල­යේදී ඉගෙන ගත්තා. ඒත් අම්මා තමයි එයාගේ හොඳම ගුරු­ව­රිය වුණේ.

‘අම්මා තමයි මගේ ශ්‍රේෂ්ඨ­තම ටීචර්. දයාව කරු­ණාව උග­න්වපු ටීචර්. එයා මට ආද­රය ගැන, එඩි­ත­ර­කම ගැන කියා දුන්නා. ආද­රය කියන්නේ මලක් වගේ සුන්දර එකක් නම්, එහෙ­නම් මගේ අම්මා තමයි ආද­රයේ සුවඳ මල..’ ස්ටීවි පසු­කා­ලෙක අම්මා ගැන එහෙ­මයි කිව්වේ.

මේ පුංචි කොලු ගැට­යාගේ ළමා කාලය එහෙම පිටින්ම ගෙවිලා ගියේ දරි­ද්‍ර­තාව මැදයි. අන්ධ­භා­වය නිසාම ඔහු අස­ල්වාසි නිවා­ස­වල සෙසු කොල්ලන්ගේ උසුළු විසු­ළු­ව­ලට නිර­න්ත­ර­යෙන්ම මුහුණ පෑවත් ඒක මිනි­හට තදින්ම දැනුණේ නෑ. ඒ වෙනු­වට මිනිහා පසු­තැ­විලි වුණේ අනිත් කොල්ලො වගේ ගස්ව­ලට නැගලා කෙල්ලන්ට ඇපල් කඩා දෙන්න නොහැ­කි­වීම ගැන විත­රයි. ලෝකය දකි­න්නට නොලැ­බීම ගැන දුක්වෙන, සිය­ද­හස් වාර­යක් පසු­තැ­විලි වෙන ගති­යක් මිනි­හට තිබු­ණේම නෑ. එයා නිත­රම හිතුවේ දෙවි­යන් වහන්සේ දුන්නු ජීවි­තය කළ­ම­නා­ක­ර­ගන්නා ආකා­රය ගැනයි. නොපෙ­නෙන ඇස් දෙකින් අනා­ග­තය දිහා වෙනස්ම විදි­හට බලන්න ඔහු පුරුදු වුණා.

‘ඉල්ලුවේ නැත්තම් ඔබට කිසි­දෙ­යක් ලැබෙන්නේ නෑ.’ අම්ම­ගෙන් ලැබුණු මෙන්න මේ උප­දේ­ශය කුඩා වියේදි ස්ටීවිගේ උදාන ගීතය බවට පත්වුණා කිව්වොත් නිවැ­රැ­දියි. අවු­රුදු 13දී ටැම්ලා ලේබ­ල­යෙන් නිකුත් වුණු ඔහුගේ ‘ෆින්ග­ර්ටිප්ස්’ ගීතය සුප්‍ර­කට ‘බිල්බෝඩ්’ ගීත දර්ශ­කයේ අංක එකට පත්වීම ස්ටීවි වොන්ඩර් කුඩා වියේ­දිම ජීවි­ත­යට සොයා­ගත්තු පැහැය වුණා. එවැනි ගෞර­ව­යක් අවු­රුදු 13ක ළාබාල ගාය­ක­ය­කුට හිමි­වුණු මුල්ම අව­ස්ථාව එයයි. ඒ වගේම ඒ ගීතය ඔහුට අලුත් පන්න­ර­යක් ලබා­දුන්නා.

ක්‍රම­යෙන් වැඩි­වි­යට පා තබද්දි කට­හඬ වෙන­ස්වී­මත් එක්ක ස්ටීවිගේ රසික රසි­කා­වි­යන්ගේ ප්‍රමා­ණ­යත් ඉහළ යන්නට වුණා. ඔහුගේ හඬෙහි තිබුණු අපූරු ලාලි­ත්‍යය, කළු ජාති­ක­ය­න්ටම උරුම වුණු රිද්ම­යා­නු­කූල හඬ...ස්ටීව් වොන්ඩර් අමෙ­රි­කාවේ නැගී එන තරු­වක් බවට පත් කළා.

අන්ධ­භා­වය කියන්නේ ඔබේ නොහැ­කි­යා­වක් නොවන බව ලෝක­යට තහ­වුරු කළ ස්ටීවි යොවුන් වියේ­දිම ගාය­ක­යකු හැටි­යට යම්කිසි ස්ථාව­ර­යක් ගොඩ­නගා ගැනී­මට සම­ත්වීම එක අත­කින් විශ්මය දන­ව­න්නක්. ගාය­ක­යෙක් හැටි­යට පම­ණක් නෙ‍වෙයි පද රච­ක­යෙක් හැටි­ය­ටත් ඔහුගේ මේ ගැම්ම එක­දි­ගට උඩට නැග්ගා. එයා මෝට­වුන් ආය­ත­නයේ ගී පද නිර්මාණ අංශ­යෙත් වැඩ කළා. එයාට වගේම ටැම්ලා ලේබ­ල­යෙන් ගීත ගැයූ ඔහුගේ සෙසු සග­ය­න්ටත් ලෝබ නැතිව ගීත ලියා දුන්නා.

තරුණ වියට පා තබද්දි මේ හාදයා මිචි­ග­න්වල කළු කෙල්ලෝ අතරේ වගේම වෙන­සක් නැතිව සුදු කෙල්ලෝ අත­රත් වීර­යෙක් වුණේ එහෙ­මයි. ඔහු­ටම ආවේ­නික ගාය­නය වගේම තරුණ හිත්ව­ලට දැනෙන විදි­හට ගීත ලියන්න ස්ටීවිට තිබුණේ සහජ හැකි­යා­වක්. ඒකම තමයි ඇස් නොපෙ­නු­ණත් කෙල්ලෝ අතර එක්තරා විදි­හක වීර­යෙක් වෙන්න ඔහුට තිබුණු වාසිය.

අන්ති­මේදි මිනිහා අවු­රුදු විස්සක් තරම් ළාබාල වියේ­දිම එයාගේ මුල්ම විවා­හය සිදු­ක­ර­ගත්තේ එයාගේ කට­හ­ඬට පෙම් කළ මෝට­වුන් ආය­ත­නයේ හිටපු ලේක­ම්ව­රිය වුණු සිරීටා රයිට් සම­ගයි. ඇයත් අපූරු ගීපද රචි­කා­වි­යක්. ඔහුගේ ඊළඟ ඇල්බ­මය නිකුත් වුණේ නව යුව­ළගේ සංක­ල­න­යක් ලෙස­ටයි.

කළු ජාති­ක­යකු වූවා මදි­වට අන්ධ­ය­කු­වී­මත් අමෙ­රි­කාව වගේ රටක ජන­ප්‍රි­ය­ත්ව­යට පත්වීම කෙසේ­වෙ­තත් අනා­ග­තය පැහැ­පත් කර­ගැ­නී­මට දැඩි අවා­සි­ස­හ­ගත සාධක බවට මත පළ­වූ­වත් ස්ටීවි ඒවා තඹ­ය­ක­ට­වත් මායිම් කළේ නැත. ඇරත් ඔහුට ඒවා ගැන සිත­න්නට තරම් වේලා­වක් තිබු­ණේම නැත. ගීත ලිය­න්න­ටත්, ඒවාට හඬ දෙන්න­ටත් වගේම තරු­ණි­යන්ගේ පහස විඳී­මට නොතිත් ආසා­වෙන් නිත­රම පසු­වුණු මේ අපූරු මන­මා­ල­යාට සැබැ­වින්ම ආද­රය ගැන තිබුණේ වෙනම මත­යක්.

ඔහු ගැහැ­නුන්ට දැක්වූ උන­න්දුව සහ කැමැත්ත අන්ති­මේදි කෙළ­වර වූයේ විවා­හ­යන් තුනක්ම සිදු­ක­ර­ගැ­නී­මෙ­නුයි. ඒ මදි­වට තවත් ගැහැ­නුන් කිහි­ප­දෙ­නකු සම­ගම ඔහු පෙමින් බැඳී සිටියා. ඔහුගේ සමී­ප­ත­මයෝ කියන හැටි­යට මේ සොඳුරු ගාය­ක­යාට දරු­වන්ම 9ක්.

අසූව දශ­ක­යේදී ඔහු ගැයූ ‘පාර්ට් ටයිම් ලවර්’ ගීත­යත්, ‘අයි ජස්ට් කෝල්ඩ් ටු සේ අයි ලව් යූ’ ගීත­යත් ස්ටීවි බට­හිර ගාය­ක­යන් අතර නොම්මර එකේ ගාය­කයා බවට පත් කළා. ලොව පුරා මිලි­යන සිය­ය­කට වඩා අලෙවි වූ ඔහුගේ ගීත සුප්‍ර­කට ග්‍රැමී සම්මාන 25ක් දිනා­ගැ­නී­මට ඔහුට ඉව­හල් වුණා.

‘ඔබේ ජීවි­තය රඳා පව­තින්නේ අන් අයගේ බලා­පො­රොත්තු මත නෙවෙයි’

පාට පාට විදුලි බුබු­ලු­ව­ලින් වර්ණ­වත් වුණු දැවැන්ත වේදි­කා­වල අති­වි­ශාල ජන­කා­යක් මැද කළු පැහැති අව් කණ්නා­ඩි­යක් පැළඳ උජා­රු­වට පියා­නෝව වාද­නය කර­මින් ගීත ගයන ස්ටීවි වොන්ඩර් අද­ටත් බට­හිර සංගීත ක්ෂේත්‍රය තුළ විරා­ජ­මාන චරි­ත­යක් බවට පත්වී ඇත්තේ කුඩා වියේ සිටම කළු පැහැය පම­ණක් දකි­මින් සිටි­යත් වෙනම පැහැ­ය­කින් ජීවි­තය වර්ණ­වත් කර­ගැ­නී­මට තරම් හැකි­යා­වක් ඔහුට තිබුණු නිසයි.

ඒ අපූරු පැහැය කිසි­දි­නෙක දකි­න්නට ඔහුට වරම් නෑ. ඒත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාව රසික රසි­කා­වි­යන් ඒ වර්ණය පැහැ­දි­ලි­වම දුටුවා. ඔහු ජීවි­තය ජය­ගත්තේ එලෙ­සයි.

‘අන්ධ­භා­වය මට වෙස්ව­ලා­ගත් ආශි­ර්වා­ද­යක්.’

ඔහු කීවාට ලොවක් දකි­න්නට වරම් අහි­මි­වූ­ව­න්ගෙන් එසේ කියන්නේ කීයෙන් කීදෙ­නාද..?

නව අදහස දක්වන්න