මැති­ව­ර­ණ­ව­ලට මුහුණ දෙන්න ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණක් | දිනමිණ

මැති­ව­ර­ණ­ව­ලට මුහුණ දෙන්න ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණක්

ශිරෝමි අබයසිංහ

ඉදිරි මැති­ව­ර­ණ­යට ශක්ති­මත් සන්ධා­න­යක් වශ­යෙන් ඉදි­රි­පත් විම සඳහා ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ බිහි කිරී­මට අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගෙන ආ යෝජ­නාව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය ඊයේ (21) අනු­මත කෙළේය.

පක්ෂයේ නායක අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිරි­කොත පක්ෂ මූල­ස්ථා­න­යේදී කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය ඊයේ හවස පහට රැස් වුයේ පාර්ලි­මේ­න්තු­වේදී අතුරු සම්මත ගිණුම ජන්ද 102 කින් සම්මත කර ගැනී­මෙන් අන­තු­රු­වයි.

පසු­ගි­යදා ඇති වූ අර්බු­ද­කාරී තත්ත්වයේ දී ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සඳහා සටන් වැදී­මට එක් වූ සිය­ලුම බල­වේ­ග­යන් මේ සන්ධා­න­යට එක් වීමට නිය­මි­තය.

නව සන්ධා­නයේ ව්‍යව­ස්ථාව පිළි­බඳ සාකච්ජා කිරිම සඳහා එම සිය­ලුම බල­වේ­ග­යන්ගේ නියෝ­ජි­ත­යින් මෙම 27 වැනි දා රැස්වී­ම­ටද තීර­ණය විය.

ඉදිරි වර්ෂය සඳහා පක්ෂයේ නායක වශ­යෙන් රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාද, නියෝජ්‍ය නායක වශ­යෙන් සජිත් ප්‍රේම­දාස මහ­තාද උප නායක වශ­යෙන් රවි කරු­ණා­නා­යක මහ­තාද කට­යුතු කිරීම සඳහා කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමි විය.

පක්ෂයේ සෙසු නිල­තල පත් කිරීමේ වග­කීම නායක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පැව­රුණු අතර ඉදි­රි­යේදී එම තන­තුරු සඳහා සුදු­ස්සන් නම් කෙරෙන බව ඒ මහතා කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යට දැනුම් දුන්නේය.

පස්වරු හයට රාජ්‍ය සහ නියෝජ්‍ය අැමැ­ති­ව­රුන් දිවු­රුම් දීම සඳහා ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට යෑමට නිය­මි­තව තිබු බැවින් කෘත්‍යා­ධි­කාරි මණ්ඩල රැස්විම ඉතා කෙටි වේලා­ව­කට සීමා විය.

නව අදහස දක්වන්න