නත්ත­ලට ජර්ම­නි­යට බෝම්බ බිය | දිනමිණ

නත්ත­ලට ජර්ම­නි­යට බෝම්බ බිය

නත්තල් සතිය ඉලක්ක කර­ග­නි­මින් ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල විය හැකි බවට ලද තොර­තුරු හේතු­වෙන් ජර්ම­නියේ ප්‍රධාන ගුවන් තොටු­පොළ කිහි­ප­යක ආර­ක්ෂාව තර­කර තිබේ. අති­රේක හමුදා කණ්ඩා­යම් ඒ සඳහා යොදවා ඇතැයි ජර්මන් බල­ධා­රින් ප්‍රකාශ කර ඇත.

එරට විශා­ල­තම ගුවත් තොටු­පො­ළක සැක­ක­ට­යුතු ලෙස හැසි­රෙ­මින් සිටි පුද්ග­ල­යන් සිව්දෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ඔවුන් ඔත්තු බැලීමේ නිත­රව සිටි බවට පරී­ක්ෂ­ණ­වල දී හෙළිව ඇතැයි වාර්තා වේ. ඒ අනුව ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල විය හැකි බවට ලද තොර­තුරු හේතු­වෙන් මෙම පිය­වර ගැනී­මට ජර්මන් බල­ධා­රීන් කට­යුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නත්තල් සතිය ඉලක්ක කර­ග­නි­මින් ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල විය හැකි බවට ජර්මන් ආර­ක්ෂක අංශ සැක පළ කරයි. ඒ හේතු­වෙන් මෙම ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර ඇති බව විදෙස් වාර්තා සඳ­හන් කළේය.


නව අදහස දක්වන්න