අමෙ­රි­කාවේ ආර­ක්ෂක ලේකම් ජිම් මැටිස් ඉල්ලා අස්වෙයි | දිනමිණ

අමෙ­රි­කාවේ ආර­ක්ෂක ලේකම් ජිම් මැටිස් ඉල්ලා අස්වෙයි

අමෙ­රි­කාවේ ආර­ක්ෂක ලේකම් ජිම් මැටිස් සිය ධුර­යෙන් ඉල්ලා අස්වී තිබේ.

අමෙ­රිකා ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීර­ණ­ව­ලට යහ­පත් ප්‍රති­චාර දක්වන නව ලේක­ම්ව­ර­යකු පත්කර ගැනීමේ අයි­තිය ජනා­ධි­ප­ති­ව­රයා සතුව පව­තින බව ජිම් මැටිස් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳ­හ­න්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරි­යාවේ සිටින අමෙ­රිකා හමුදා සම්පූ­ර්ණ­යෙන්ම ඉව­ත්කර ගැනී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීර­ණ­යට තමා දැඩි විරෝ­ධය පළ කළ බවද එය තම ඉල්ලා අස්වී­මට ප්‍රධාන හේතුව වූ බවද ජිම් මැටිස්ගේ ලිපියේ වැඩි­දු­ර­ටත් සද­හන්වේ. අමෙ­රිකා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මෙම තීර­ණ­යට බට­හිර රට­වල් කිහි­ප­යක විරෝ­ධය ද එල්ලවී තිබේ.

ජනා­ධි­පති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බල­යට පත්වී­මෙන් අන­තු­රුව ඉල්ලා අස්වී ඇති හෝ ධූර­යෙන් පහ කළ ජනා­ධි­පති කාර්යය මණ්ඩල සේවක සංඛ්‍යාව 100කට ආසන්න ය.

නව අදහස දක්වන්න