නිය­මු­වන් රහිත ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍ය අහසේ | දිනමිණ

නිය­මු­වන් රහිත ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍ය අහසේ

නිය­මු­වන් රහිත ගුවන් යානා දෙකක් ගුවනේ සැරි­සැ­රීම හේතු­වෙන් බ්‍රිතා­න්‍යයේ ගැක්විට් ජාත්‍ය­න්තර ගුවන් තොටු­පළේ ගුවන් ගමන් රැස­කට බාධා සිදු වී තිබේ. මේ හේතු­වෙන් ගුවන් තොටු­පළේ ගුවන් පථය තාව­කා­ලි­කව වසා දැමී­මට බල­ධා­රින් පිය­වර ගෙන ඇත. සිදු­වීම වාර්තා වන්නේ උත්සව සමයේ වඩාත් කාර්ය­බ­හුල කාල සීමා­වක ගුවන් තොටු­පළ ජන­තා­ව­ගෙන් පිරී පැවැති අව­ස්ථා­ව­කය.

ගුවන් යානා ගොඩ­බැ­ස්ස­වී­මට හෝ ගුවන් ගත කිරි­මට නොහැකි වීමෙන් ගුවන් යානා 760ක මගින් එක් ලක්ෂ දස දහ­ස­කට වැඩි පිරි­ස­කට බාධා සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලන්ඩන් නුව­රට දකුණු දෙසින් කිලෝ­මී­ටර් 50 ක් පමණ දුරින් වන්නට පිහිටි ගැට්වික් ගුවන් තොටු­පළ එක්සත් රාජ­ධා­නියේ දෙවන කාර්ය­බ­හු­ලම ගුවන් තොටු­ප­ළයි.

මෙම සිද්ධිය ත්‍රස්ත­වා­දය හා සම්බ­න්ධ­යක් පව­තින බවට අනා­ව­ර­ණය නොමැති අතර නිය­මු­වන් රහිත යානා ගුවන් ගත පුද්ග­ල­යන් සොයා පොලී­සිය විශේෂ මෙහෙ­යු­මක් කි‍්‍රයා­ත්මක කළ බව බ්‍රිතාන්‍ය පොලී­සිය පව­සයි.

මෙය කිසි­ව­කුගේ කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් බවට විශ්වාස කෙරේ.

නව අදහස දක්වන්න