උතුරට මහ වැසි.... ඉරණමඩුව වැව වාන් දමයි..... | දිනමිණ

උතුරට මහ වැසි.... ඉරණමඩුව වැව වාන් දමයි.....

පවතින අධික වැසි හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය මේ වන විට වාන් දමමින් පවතී. කිලිනොච්චිය වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූවේ වැවේ වාන් මට්ටම අඩි 36ක් වන අතර මේ වන විට වැවේ ජල ධාරිතාව අඩි 38ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වැවේ වාන් දොරටු 14 විවෘත කොට ඇති අතර, අතිරික්ත ජලය ගලායන පිටවාන් දොරටු හරහා ද ජලය ගලා යමින් පවතින බව ද වාරිමාර්ග ඉංජිනේරුවරු පැවසූහ. මේ අතර ඒ-09 මාර්ගයේ මාන්කුලම් කල්කුමාරිකුලම් වැව කැඩීයාම හේතුවෙන් එම මාර්ගයේ ප්‍රදේශයක් ද යට වෙමින් පැවති ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටි අයුරු. කුඩා ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප
වවුනියාව උතුර සමූහ
බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න