මහ වරුෂාවෙන් උතුරේ 54,819කට පිඩා | දිනමිණ

මහ වරුෂාවෙන් උතුරේ 54,819කට පිඩා

උතුරු පළාතේ ගංවතුරින් අවතැන්වූවන් සඳහා අවශ්‍ය කඩිනම් සහන සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබාගෙන තිබේ.

ධාරාණිපාත වර්ෂාවත් සමග උතුරු පළාතට බලපා ඇති ගංවතුරින් තවදුරටත් පුද්ගලයින් 8500 ක් ආරක්ෂිත ස්ථාන 52 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල පුද්ගලයින් 44,000 පීඩාවට පත්වූ බවයි.

මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 ක් තුළ පවුල් 1619 ක සාමාජිකයින් රඳවා ඇති අතර, කිලිනොච්චි ප්‍රදේශයේ කඳවුරු 26ක පවුල් 1394 ක සාමාජිකයන් රඳවා ඇති බව ද සඳහන් ය.

නව අදහස දක්වන්න