සුනාමියෙන් මිය ගිය ගණන ඉහළට | දිනමිණ

සුනාමියෙන් මිය ගිය ගණන ඉහළට

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර තීරය ආශ්‍රිතව හටගත් සුනාමියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

මෙම සුනාමියෙන් තව ත් පුද්ගලයන් 165 දෙනෙකු තුවාල ලබා ඇති අතර එරට ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පිපිරීමෙන් පසුව මුහුදු පතුලේ හටගත් නායයාම් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය හටගෙන ඇති බවට සැකපළවන බවයි.

සුනාමි රළ හටගැනීමට හේතුව එම ගිනි කඳු පිපිරීම දැයි සොයා පරීක්ෂණ පැවැත්වෙන බව ද ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළහ.

ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කෙරෙන ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය පිහිටා තිබේ.

ඉන්දුනීසියා භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ, ඉකුත් සිකුරාදා විනාඩි දෙකකුත් තත්පර 12 ක කාලයකට ක්‍රකටෝවා ගිනිකන්ද විධාරණය වූ බවයි.

ඉන් එම ගිනිකන්දෙන් මීටර් 400 ක් ඉහළ අහසට අළු විසි වී ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ සුලාවේසි දූපත ආශ්‍රිතව හටගත් භූ චලනයක් හමුවේ හටගත් සුනාමියකින් පුද්ගලයන් 2000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විණි.

නව අදහස දක්වන්න