ගංවතුරින් අනාථවූවන්ට ජැකලින්ගේ කරුණාව | දිනමිණ

ගංවතුරින් අනාථවූවන්ට ජැකලින්ගේ කරුණාව

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා ඇති වූ ගංවතුරෙන් විශාල පිරිසකට උන් හිටි තැන් අහිමි වුණා. නිවාස විශාල ගණනක් විනාශ වුණා.

මේ දිනවල ඒ අයුරින් කැඩී බිඳී ගිය නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුවෙනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ බොලිවුඩ් නිළි, ජැකලින් ෆර්නැන්ඩස් දැන් කේරළයට ගොස් එම වැඩ කටයුතුවලට සහය දෙන බවයි දැන ගන්නට ලැබුණේ.

මෙම කාර්යයට දායකත්වය දක්වන්නේ ඇමරිකාවේ ජෝජියා ප්‍රාන්තයේ ‘හැබිටාට් ෆෝ හියුමැනිටි’ සංවිධානයයි. ජැකලින් ගේ සහාය ලැබෙන්නේ එම වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වන තුරුත් සහ නදුවනුර් නම් වූ ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාසවලටයි.

මේ කටයුතු වලදි එම ප්‍රදේශවල ගංවතුරෙන් අනාථ වූ පවුල් මුණගැසී කතාබහ කරන්නත් ජැකලින් ඉදිරිපත් වුණා. අසරණ ජනතාව වෙන‍ුවෙන් කටයුතු කරන ස්වෙච්ඡා සේවකයන්ට අවශ්‍ය දේ ලබාදීමට ඇය විසින් රු. ලක්ෂ 50ක් පරිත්‍යාග කර ඇතැයි ද පැවසෙනවා.

“2016 දී තමිල්නාඩුවේ සිදු වූ ගංවතුරෙන් අනාථ වූ ජනතාවගේ නිවාස ඉදිකරන්න ‘හැබිටාට් ‍ෆෝ හියුමැනිටි’ සංවිධානය මුලින්ම මම උදව් කළේ ‘ජැකලින් බිල්ඩ්ස්’ කියල වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින්.

ඒ විදිහටම ‘ජැකලින් බිල්ඩ්ස්’ දෙවැනි අදියර හැටියට කේරළයේ නිවාස වැඩ සටහන ක්‍රියාත්මක වෙන්නේ ජැකලින් ඉන්දීය මාධ්‍යයන්ට පැවසුවා.

ජැකලින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සත්ව ශුභ සාධන වැඩසටහන ද නොමසුරුව සහාය දක්වනවා.

නව අදහස දක්වන්න