අපි එජාපය හැර ගියේ නෑ | දිනමිණ

අපි එජාපය හැර ගියේ නෑ

මිහිර විජේසේකර

කෙලින් කථා කරන කෙලින් වැඩ කරන රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ .එහෙමයි අපි වැඩ කලේ . නමුත් මේ විදිහට මන්ත්‍රී වරුන්ට ඇමැතිවරුන්ට කථා කෙරුවා කියනවා හැබැයි කොන්ද කෙලින් තියාගෙන කවුරුත් කිව්වේ නැහැ එකත් හෙළි කරලා එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කලේ රංගේ බංඩාර කියලා හැම කෙනාම කියනවා .යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් තමන් දැඩි තීරණයකට පැමිණෙන බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පවසා සිටියේ ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.

මම වාරි මාර්ග ජල කලමණාකරන හා ආපදා රාජ්‍ය ඇමැති වෙලා ජපානයට ගිහින් සිටියදී තමා මේ සේරම සිද්ද වුණේ රජයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙනවා කියලා ලේකම් මහින්ද අමරවිර ප්‍රකාශ කරලා පැය දෙකක් යද්දි තවත්අගමැති කෙනෙකු පත් කරනවා මෙන්න මේ විදිහටයි රටේ නීතීය අනිත් පැත්ත හරවලා තිබුෙණ් .

ඒ එක්කම රටේ ප්‍රධාන කෙනා මට කථා කරනවා රංගේ ඔයා කොහෙද අපි ගාවට එන්න අපි ඔයාට කැබිනට් ඇමැති කමක් සමග කෝටි පනහක් දෙන්නම් කියලා

එත් එක්කම තවත් දුරකථන ඇමතුම් එනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අයගෙන් රංගේ ඔයා එන්න අපි ඔයාට අවශ්‍ය දෙවල් දෙන්නම් කියලා . නමුත් මේ රංගේ බණ්ඩාර එහෙම ගියේ නැහැ .

හැබැයි ඒ ආකාරයට ඒජාපයේ හැරවුම් ලක්ෂය කරපු මිනිහා අද පැත්තක දැන් ආණ්ඩුව පිහිටුවා ලා ඉවරයි ආණ්ඩුවේ හැරවුම් ලක්ෂ කරලා ආණ්ඩුව පිහිටුවේ රංගේ බණ්ඩාර කියලා මිනිස්සු පිළිගන්නවා . හැරවුම් ලක්ෂය කරලා තියෙන්නේ රංගේ බණ්ඩාර නමුත් ඇමතිකම් අරන් තියෙන්නේ වෙන කට්ටිය .

මේ නිසා පුත්තලම ජනතාව වෙනුවෙන් මමත් දැන් තීරණයක් ගන්න වෙනවා . ලබන 2019 මුල් කාලය තුළදි මේ ප්‍රශ්නය බේරුවේ නැත්නම් හැරවුම් ලක්ෂය ගැන දැඩි තිර්ණයක් ගන්න වෙනවා .

පුත්තලමේ මිනිසුන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්න සහ ජනතාවගේ අනිකුත් ප්‍රශ්න විසදන්න මම කැබිනට් එකේ ඉද ගන්න ඕන .

. මොකද පුත්තලම මිනිස්සු දන්නවා රංගේ බණ්ඩාර ජනතාවට කරපු සේවය. වාරි මාර්ග රාජ්‍ය ඇමැති වෙලා සිටියදී කරපු ලක්ෂ දහස් ගණනක වැඩ අද අතර මැද නැවතිලා .එවා නැවත ආරම්භ කරන්න කැබිනට් ඇමැතිකමක් ලැබිය යුතුයි යනුවෙන් රංගේ බණ්ඩාර මහතා මෙහිදි වැඩි දුරටත් පවසා සිටියේය.

නව අදහස දක්වන්න