ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදියේ තනතුරු වෙනසක් | දිනමිණ

ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදියේ තනතුරු වෙනසක්

සවුදි අරාබියේ නව විදේශ අමාත්‍යවරයෙකු පත්කර ඇත.
 
ඒ අනුව ඊබ‍්‍රහීම් අබ්දුල් සීස් අල් අස්සාෆ්, නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
1949 දී උපත ලැබූ ඊබ‍්‍රහීම් අබ්දුල් සීස් අල් අස්සාෆ්, 1971 දී රියාද් හී සාවුද් සරසවියෙන් ආර්ථික විද්‍යාව හා දේශාපලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාදිය සම්පූර්ණ කළේය.
 
එසේම කලක් ඔමු සවුදි මුදල් අමාත්‍යවරයා ලෙසින් ද කටයුතු කළ අයෙකි. ඔහු සවුදි රාජ්‍ය ආයෝජන අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි.
 
මේ වන තෙක් විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කළ අදෙල් අල් ජුබියර් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කිරීමට අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පියවර ගෙන තිබේ.
 
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයත් සමඟ මතුවූ තත්වය ඊට හේතු විය හැකි බව සදහන් වේ. 
 

නව අදහස දක්වන්න