සුනාමි අමතක ගාල්ල | දිනමිණ

සුනාමි අමතක ගාල්ල

ගාල්ල ආපදා කළමනාකරණ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ගාල්ල දිසා ලේකම් කාර්යාලයේය ඒ කියන්නේ ආයිමත් සුනාමියක් ආවොත් පළමුවෙන්ම යට වෙන ස්ථානයන් අතර මේ ස්ථානයද පිහිටා ති‍බේ. ගියවර සිදු වු‍යේද මෙතැන යටවිමය. අඩුම තරමේ සුනාමියකට හසු නොවෙන ස්ථානයක් මේ සදහා තෝරා නොගැනීමද ආපදාවක් බව පෙන්නා දිය යුතුව ඇත.

එදා කැලණිතිස්ස රජු පරලොව ගියේ පො‍ළොව පලා ගෙනය. විහාර මහා දේවිය මුහුදට බිලි වුනේ මුහුද ගොඩ ගැලු නිසාය. එදා ඉතිහාස පොතේ අපි කියු මේ පාඩම අදනම් පළමු වැන්න මහා භුමි කම්පාවකි . දෙවැන්න සුනාමියකි. මේ පාඩම අපට යතාර්ථයක් වුයේ මෙයට වසර 14 කට ප්‍රථම දෙසැම්බර් 26 වැනිදාය.

මෙම සිද්ධිය ද අද වන විට සමහරකුට ඉතිහාස කතාවකි. ඒත් අපිට නම් තාමත් අපේ ඇග කිළිපොලායන මහා ඛේදවාචකයකි. මෙම ඛේදවාචකයෙන් අප ඉගෙන ගත්ත පාඩම් මොනවාද වර්තමානයට ඉතිරිකරගත්දේ මොනවගේ ආදර්ශයක්ද එය අනාගතයට පාඩමක් ලෙසට ඉතිරිකර ඇත්තේ කුමක්ද

මේ ප්‍රශ්න අදද මතු වි එන්නේ වෙන කිසිවක් නිසා නෙවෙ. මෙම ඛේදවාචකයෙන්ද අපි හරිහැටි යමක් ඉගෙන ගත්තාද යන්න මේ වනවිටත් අප සමාජයට ප්‍රශ්නයක් වි ඇති බැවිනි.

සුනාමි යන වචනයද අපට ලබා දුන්නේද මෙම සිද්ධියය. එදා මෙදා තුර අපේ උදවියද දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ද මේ වචනය තරම් පට්ටගැසු වෙනත් වචනයක් නැති තරම්ය.

ඔවුහු පිසු ආහාර බෙදුහ. සහනාධාර බෙදුහ. සුනාමි වන්දි බෙදුහ. ඇති තරම් මේ උදවියගේ ප්‍රතිරුප ගොඩදා ගත්හ. ඒත් ගැටලුවක් වි ඇත්තේ යළිත් සුනාමියක් ආවොත් අපි එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනය .

සුනාමිය ද ආපදාවකි. එපමණක් නොව සුළි සුළංද ගංවතුරද නාය යෑම්ද සුනාමිය. වෙනසකට ඇත්තේ එහි ස්භාවයන් පමණි. මෙහි ප්‍රතිපළයන් ලෙසට අපිට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් ලැබිණි. ඒ මදිවට ඇමැතිතුමකුද ලැබිණි. දිසාවක් පාසා ආපධා කළමණාකරණ මධ්‍යස්ථානයන්ද නිළධාරින්ද ලැබින . මේවාට වියදම් කරන්නට මුදුල් ද ලැබිණ. තාමත් ලැබෙවින්ද පවතින්නේය.

සුනාමි කළමණාකරණ සැලසුම්ද සකස් කළේය . ඒ සියල්ලම සමාජගත කරන්නට බොහෝ වියපැහැදම්ද කලෝය. බලන කොට මේ සියල්ලම වැඩි හරියක් කළේ සුමාත්‍රාව මුල් කොට ගෙනය. ඒ කියන්නේ ඊළගට එන සුනාමියත් එන්නේ ඉන්දුනිසියාවේ සුමාත්‍රා‍වේ සිට එන අයුරින්ය.

දැන් බිය වන්න දෙයක් නැ. සුනාමි කුලුණු හැම තැනම හදල තියනවා. එහේ භුමිකම්පාවක් වුන හැටියේම සුනාමියක් නමි අපි එක මේ කුළුණු හරහා ජනතාවට දැනුම් දෙනවා කොහොම වුනත් මෙ සුනාමිය මෙහාට එන්න අඩුම ගනනේ පැයක් දෙකක් යනවා නේ එතකොට අපිට වෙන අළාභයන් අවමකර ගන්නට පිලිවනි

අපිට ගෙවිගිය වසර 14 පුරාම කියා දුන්නේ ඒ ටිකය.

මේ කියා දුන්න පාඩම නම් බොහොම හොදෙයි පුංචි ගැටළුවකට තියෙන්නේ මෙහෙමෙ සුනාමි එන්නේ මෙහෙම භුමි කම්පාවල් වෙන්නේ ඉන්දුනිසියාවේ සුමාත්‍රවල දි පමණ ද යන්න ගැනය

වැරැදිලාවත් ඉන්දියන් සාගරයේ හෝ ලංකාව අවට මුහුදු තීරයේ මෙහෙම දෙයක් වුනොත් මුහුද ගොඩගලන්නට සුනාමියක් එන්නට ගතවන කාලයත් පැයක් දෙකක් ද යන්න වටහා නොගැනිමය

අපේ මිනිසුන්ගේ නම් හදේ තැන්පත් වි ඇත්තේ පැයක් දෙකක් යන වවන එක නිසා අපිට කොහාට හරි යන්නට හැකිය යන්නය. ලොකු නිලධාරි මහතුන් මේ ගැන කොහොම මොනව කීවද සමාජගතවි ඇති මතය නම් මේ ටිකමය

දැන් ගාල්ල ගැන සිතා බලමු ගාල්ල නගරය පිහිටා ඇත්තේ මුහුද කටේය. පාසල් රජයේ කාර්යාල වාණිජ ව්‍යාපාර සියල්ලම ඇත්තේ මෙහිය. දිනපතා සිය දහස් ගනනක් පාසල් දරුවන් මහජනතාව සිය ගනන් රථවාහන මේ නගරයට එති . වැරදිලාවත්යළි සුනාමියක් ආහොත් මේ පිරිස් හා මේ රථවාහන නගරයෙන් පිටකිරිමට නගරයට සිය ළමයින් ගෙන එන්නට එන රථවාහන ගැටළුවකින්තොරව පිටතටයවන්නට සැලසුම්කල හදිසි රථවාහන සැලසුමක් තිබේද යන්න ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් අපකළ විමසිමේ දි අදාල අංශයන් පවසා සිටියේ එවන් සුනාමි රථවාහන සැලසුමක්නැති බවය

දැනටමත් නගරයේ ඇත්තේ මහා පුදුම වාහන තදබලයන්ය. මෙහෙම දෙයක් වුවහෝත් මේ රථවාහන අවිචාරවත් ලෙස නගරයට ඇතුළුවිමට හා පිටවිමට යෑමේ දි සිදුවන්නේ සුනාමියට මුහුන දෙන්නට නොව සුනමියට බුරුතු පිටින් බිළිවෙන්නටය

මේ අනිත් ගැටලුව නම් ගාල්ල ආපදා කළමණාකරණ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ගාල්ල දිසා ලේකම් කාර්යාලයේය ඒ කියන්නේ ආයිමත් සුනාමියක් ආවොත් පළමුවෙන්ම යට වෙන ස්ථානයන් අතර මේ ස්ථානයද පිහිටා ති‍බේ.

ගියවර සිදු වු‍යේද මෙතන යටවිමය අඩුම තරමේ සුනාමියකට හසු නොවෙන ස්ථානයක් මේ සදහා තොරා නොගැනිමද ආපදාවක් බව පෙන්නා දිය යුතුව ඇත.

තවත් වැදගත්කාරනයක් වෙයි ඒ නම් ගාල්ලේ ඇති ගිනි නිවිමේ ඒකකය පිහිටා ඇති තැනය එනම් ගාල්ල ඩික්සන් හන්දියේය. මෙතනද හොදට යටවෙන මුහුදට යාර දහයක් පමණ ඇති තැනකි

සුනාමිය කලින් අපිට කියා ආවොත් නම් හොදෙය නැතිනමි මේ ආපදා සහන කටයුතුවලට යොදා ගන්නා භෞතික සම්පත් කළමනාකරගැනිම එතරම් ලෙහෙසි පහසු නොවේ අන්කිසිවක් නිසා නෙවෙ මෙහෙම දෙයක් කණ වැකුණු ගමන්ම සියළු සත්වයෝම අන්දුන්කුන්දුන්වි යන නිසාය

මෙපමණක් නොවේ මේ සදහා බඳවා ගෙන ඇති රජයේ නිලධාරින්ද සිටින්නේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් එක කාර්යාලයකට එක සහන නිලධාරියකු බැගිනි. සමහර විට මේ නිලධාරියාට ග්‍රාමසේවා කොට්ඨාස සියයක් පමණ වෙයි සුනාමියක් නොව ගංවතුරක් නාය යෑමක් සුළි සුළඟක් ආවොත් එහෙම මේ තනි නිලධාරියකුට ක්ෂණිකව කළ හැකි කෙන්ගෙඩඩියක් නැත.

එ‍හෙත් මේ කාර්යාලවල වෙනත් ක්‍ෂේත්‍ර නිලධාරීන් දුසිම් ගන් සිටිති. ඒත් ඒ අයවලුනට මේ රාජකාරි වලට යොමුකිරිමක් වෙන්නේ සියල්ග අවසන් වි සනාධාර වන්දි මුදල් ගෙවන ආපදා පශ්චාත් සමයේ දිය.

ගෙවි ගිය කාලවල සුනාමි පෙරහුරු පැවැත් වු වාර අනන්තය මිනිසුන් දැනුවත් ක‍ළේ පොතේහැටියටය හැබැයි ප්‍රා‍යෝගිකව මෙවන් හදිසි තත්වයකට මුහුණ දෙන්නට නම් මිනිසුන්ගේ දැනුවත් විම්වලට වැදගත් වන්නේ විධිමත් ආපදා කළමනාකරණ සැලැසුමකි.

මෙම තත්වයන් ගාල්ලට පමණක් පොදු වුවක් නොවේ. සොයා බලන විට සමස්තයක් ලෙසට මේ දුර්වලතා දක්නට ති‍බේ.

දේශපාලනඥයින්ද රාජ්‍ය නිලධාරින්ද සහන සේවා ආයතනද ඇප කැප වි යන්නේ පශ්චාත් ආපදා වැඩවලටය ඒවා කාර්යාල පද්ධතිය තුළ ආයතන සංග්‍රයන් තුළ සිදුකරන දේවල් නිසා එයට කවුරුත් දායක වෙන්නට කැමැතිය

මේ සහනාධාර බෙදිල්ල නිසා මිනිසුන්ද පුරුදු වි සිටින්නේ සහනාධාර ගන්නටය. එසේ ‍නොමැතිව තමන් ‍වෙත එන ආපදාවන් අවමකර ගැනිමට තමන්ට ඇති හැකියාවන් යොදා ගන්නටද මිනිසුන්ගේ මානසිතක්වයන් නැත. ඒ කටයුත්ත සිදු කිරමට රජයන් හෝ වගකිවයුතු ආයතන ගත් ක්‍රියා මාර්ගයන්ද පැහැදිලි නැත.

මේ සදහා සුදුසු කතිකාවක් වහාම ඇති කල යුතුය. ඒ සදහා සැලසුම් සකස් කිරිමේදී අත්දැකිම් ඇති සමාජයේ බිමි මට්ටමේ සිටින සැබෑ මිනිසුන්‍‍ගේ අදහස් සහ යෝජනා ගෙන ඒ අනුව සකස් කරනු ලබන සැලසුම් සමාජගත කිරිම නූතන යුගයේ අත්‍යාවශ්‍ය ‍දෙයකි.

ආපදා යනු සුනාමි පමණක් නොවේ ගංවතුරද නාය යෑමද සුලි සුළගද ආපදාවකි මේ සදහාද සුදුසු සම්බන්දතා ගොඩනගාගෙන ති‍බේද යන්න විමසා බැලිය යුතුය . සැමදා කලමනාකරණ සේවයේ ඇත්තේහමුදා අනු ඛන්ඩය ඒ පිරිස් සේවාවේ යෙදිමේ දි දක්ෂතා දැක්වුවදබොහෝ විට පරිපාලනයේ දි ගැටලු ඇතිකර ගනිති. ගමේ ජනතාව සමග ඇයි හොදයි කම් ඇතිකර ගැනිම සම්පත් දායකයින් ඇතිකර ගැනිම ආදි කටයුතුවලදී මෙම පිරිස් අභිබවා සහන සේවා අංශයන් ජනහද දිනා ගෙන ඇත .

පසුගිය කාලවලදි හතරවටින් ගංවතුර එද්දි එවා සම්බන්ධ‍‍යෙන් කටයුතුකිරිමට බොහේ විටදි මුලාසනය ගත්‍‍තේ ‍දේශපාලන බලවතුන්ය. මෙම තත්වයක් එතරම් සතුටු දායක නැති නිසා සැබවින්ම ආපදා කලමනාකරන ඒකකයේ පරිපාලන සේවවන් සිවිල් අංශයන් වෙත පවරා ප්‍රායෝගික ක්‍රියාවන් සදහා හමුදා සේවවාන් එක්කර ගැනිම වඩාත් යහපත් බව නම් පෙන්නා දිය යුතව ඇත.

නන්දසිරි වැලිගමගේ ගාල්ල දිසා සමුහ


නව අදහස දක්වන්න