පුත්තලමට ඩිස්කෝ ලෙඩේ | දිනමිණ

පුත්තලමට ඩිස්කෝ ලෙඩේ

මෙම ඩිස්කෝ හෙවත් ඇන්ත්‍රකෝස් නමැති දිලීරය අක්කරයක් වැනි වගා භූමියක් තුළ දින දෙකක් වැනි කාලයකදී සීග්‍රයෙන් ව්‍යාප්තව වන බව ගොවීහු පෙන්වා දෙති. එසේ ව්‍යාප්ත වන මෙම රෝගය රුදුරු පිළිකාවක් ලෙස නිර්වචනය කළහොත් එය නිවැරදිය. පිළිකාවක ශෛල ශරීරය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන්නා සේ මෙම දිලීරය වගා භූමිය පුරාවට පැතීරයාමේ වේගය ගණනය කිරීමට නිශ්චිතව නොහැකි බව ගොවීහු පෙන්වා දෙති.

ලූනු ලොව පුරාම වගා කරන වගාවකි. ලූනු බොහෝවිට ද්වි වාර්ෂික හෝ බහු වාර්ෂික ශාකයක් වුවද, සාමාන්‍ය‍යෙන් වාර්ෂික ශාකයක් ලෙස පිළිගැනේ.

ලූනු පැළෑටියෙහි අවාන් හැඩැති කුහර හා නිල්, කොළ පැහැති පත්‍ර පිහිටා ඇති අතර නියමිත දින ගණන ළඟා වීමත් සමඟ ක්‍රමයෙන් වර්ධනය වන බල්බ ශාකයේ මුල පිහිටම හට ගනී. හේමන්ත කාලයේදී පත්‍ර මියයන අතර බල්බයේ පිට පොත්තද වියලී ගොස් කැඩෙනසුලු ස්වභාවයක් ගනී. අස්වැන්න නෙළාගෙන වියළා ගත් පසු එය පරිභෝජනයට හෝ ගබඩා කිරීමට සුදුසු වේ.

පරිභෝජනයට මෙන්ම නැවත රෝපණයටද ගොවීහු අමතක නොකරති. අස්වනු නෙළීමෙන් පසු රෝපණය කිරීම වෙනුවෙන් තෝරා ගත් බීජ ලූනු ගබඩා කර තබා ගන්නා ලූනු ගොවීහු ඊළඟ කන්නයේ රෝපනය කිරීම සඳහා බීජ ලුනු වශයෙන් ඒවා හඳුනා ගනිති .

වසරේ වර්ෂාපතන කාලයන්හිදී ලූනු ගොවීන් කඩිමුඩියේ තම වගාව සදහා භුමිය සකස්කර ගැනීමට අපමණ පරිශ්‍රමයක් දරති. එසේ සකස් කර ගන්නා භූමියේ දින දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම ලූනු බීජවලින් වපුරති.

අක්කර දෙකක භූමියක රෝපණය කිරීමට බීජ ලූනු හොන්ඩර් 500ක් වැනි ප්‍රමාණයක් යොදා ගනිති. ඒ සදහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ගොවීන්ට වැයවේ. මොවුන් මේ සඳහා මුදල් සොයා ගන්නේ ඉතාමත් අපහසුවෙනි විටෙක ඒ සඳහා සිය කනකර පවා උකස් කිරීමට ඔවුනට සිදුවේ.

එසේ ගොවියන් තමන්ගේ සිහිනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා දැඩි කැප කිරීමක් කරන්නේ. ඒ ඔවුනට සරු අස්වැන්නක් ගැන සුබවාදී අපේක්ෂා තිබෙන බැවිනි.

නමුත් දින සති ගණන් ගෙවී යද්දි මේ සරුසාර ලූනු වගාවට විනකටින විවිධ රෝගකාරක දිලීර හටගැනීම සහ ඒවා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ ගොවියාගේ බලාපොරොත්තු සුනුවිසුනු වන තැනට කටයුතු සිදුවේ..

කල්පිටිය ප්‍රදේශයේ ගොවීන් මේ දිනවල මුහුණ දී ඇත්තේද එවැනි තත්ත්වයකටය.ඒ වගාවට දිලීර රෝගයක් බෝවීම හේතුවෙනි.ගොවීන්ගේ ව්‍යවහාරයට අනුව මෙම රෝගය මොවුන් ඩිස්කෝ නමිනි . එසේ ඩිස්කෝ නමින් හඳුන්වන්නේ මෙම රෝගකාරයක මේ වන විට කල්පිටිය ප්‍රදේශයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. එය දෙගුණ තෙගුණ කරමින් පුත්තලමද මෙම රෝගයට ගොදුරු වෙමින් තිබේ. පුත්තලම විලුක ප්‍රදේශයේ ලූනු වගාවට වැලඳී ඇති මෙම දිලීර රෝගය සමහරු ඇන්ත්‍රකෝස් නමින් හඳුන්වනු ලබති .

මෙම ඩිස්කෝ හෙවත් ඇන්ත්‍රකෝස් නැමති දිලීරය අක්කරයක් වැනි වගා භූමියක් තුළ දින දෙකක් වැනි කාලයකදී සීග්‍රයෙන් ව්‍යාප්තව වන බව ගොවීහු පෙන්වා දෙති. එසේ ව්‍යාප්ත වන මෙම රෝගය රුදුරු පිළිකාවක් ලෙස නිර්වචනය කලහොත් එය නිවැරදිය. පිළිකාවක ශෛල ශරීරය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන්නා සේ මෙම දිලීරය වගා භූමිය පුරාවට පැතීරයාමේ ප්‍රවණතාවය ගණනය කිරීමට තරම් කාලයක් නිශ්චිතව සඳහන් කල නොහැකි බව ගොවීන් පෙන්වා දෙති.

මේ තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය බවට පත් වන්නේ ගොවියා ණය බරින් තව තවත් පීඩිත වීමය. මෙහිදී ගොවීන් චෝදනා එල්ල කරන්නේ නිසි ලෙස තම රාජකාරිය ඉටුනොකරන කෘෂිකර්ම උපදේශකවරුන්ටය

කෘෂිකර්ම උපදේශකවරුන් වසමේ ගොවිතැන් කරන්නේ කවුද වගා කරන බීජ ප්‍රභේද මොනවාද එවැනි බීජ වගා කිරීමට සුදුසු කාලය පිළිබද ගොවියා දැනුවත් නොකර තම රාජකාරිය නිසි අයුරින් ඉටු නොකරන පිරිසක් යැයි ගොවි ප්‍රජාව චෝදනා කරති. එහෙත් ගොවීන් නගන මේ චෝදනා කෘෂිකර්ම උපදේශකවරු ප්‍රතික්ෂේප කරති.

එපමණක් නොව මෙම තත්ත්වය අනාවරණය කිරීමට පැමිණ මාධ්‍යටද මොවුන් නොයෙකුත් හරස් ප්‍රශ්ණ ගෙනෙමින් තමන් නිර්දෝෂ යැයි කියා ගන්නට සමත් වුවද ගොවියන් ඉදිරියේ මොවුන් නිරුත්තර වීම වැලැක්විය නොහැකි විය. කෘෂි උපදේශකවරු මෙම ගැටලුවේදී ගොවීන් පිට සියලු වැරැදි පටවා නිදොස් වීමට උත්සාහ කරන ආකාරයක් අපට දැක ගැනීමට හැකි විය.

මේ ගැන අදහස් දක්වන ගොවියකු වන සෙම්බුලිංගම් මහතා

"අපි පරම්පරික ගොවියෝ අපි කෑවනම් කෑවේ ඇඳුමක් ඇන්දනම් ඇන්දෙ මේ මහ පොළොව එක්ක හැප්පිලා දුක්මහන්සි වෙලා. පුත්තලමෙ ඉන්නවා කෘෂිකර්ම උපදේශකලා කියලා පිරිසක් එයාලගෙ කුස ගැන බලනවා මිසක් අපේ කර්මය ගැන බලන්නෙ නැහැ. මම දැනට අවුරුදු 30-35ක් එක දිගටම ගොවිතැන් කරන්නෙ. හැබැයි මම අද තමයි දැක්කෙ පුත්තලමෙ කෘෂිකර්ම උපදේශකලා ඉන්නවා කියලා ඒකත් මාධ්‍යට පිං සිද්ධ වෙන්න. ඒ අය කෙරුවෙ අපිටම දෙහි කපලා ගියා මිසක් අපේ ගැටලුවට විසඳුමක් ලබා දුන්නේ නැහැ. මට මේ වෙද්දි ලක්ෂ 3ක් පාඩුයි ඒ ගැන හොයලා බලලා අපිට දිරි දෙන වැඩක් මේ වෙන කම් කරලා නැහැ අඩුම තරමෙ අපට උපදෙසක් දෙන්නෙවත් නැහැ.

එස්.රවී කුමාර් මහතා

"මේ රට කෘෂිකාර්මික රටක් කියන්න පුළුවන්ද ලැජ්ජයි. හේතුව අද කෘෂිකර්මාන්තය බඩගෝස්තරය කරගෙන බඩගෝස්තරවාදියෝ කෘෂිකාර්මික මාෆියාවක් කරගෙන සිටිනවා ඒ කව්ද කිව්වොත් මේ හානියට සෘජුවම වග කියන්න ඕනෙ පුත්තලම කෘෂිකර්ම උපදේශක සහ ක්ෂේත්‍ර පරික්ෂකවරු ඒ අය අපි ගැන හොයලා බලන්නෙ නැහැ. අපිට අවශ්‍ය උපදෙසක් දෙන්නෙ නැහැ. අපිව ලියා පදිංචි කර නැහැ. අවශ්‍ය තෙල් පොහොර මොනවාද ඒ කාලවලදී වැළදෙන රෝග මොනවාද කියලා හොයලා බලන්නෙ නැහැ. දැන් මේ පාර ඒ අය ආවේත් මාධ්‍ය දැනුවත් කෙරුවට පස්සෙ නැත්නම් ආත්මෙකට මේ පැත්ත පළාතකට එන්නෙ නැහැ.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී පුත්තලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත නම සඳහන් කිරීමට අකමැති කෘෂිකර්ම උපදේශකවරියක කියා සිටියේ මෙවැන්නකි.

"කව්ද ඔයාට මේ පැමිණිල්ල කළේ මට මේකට උත්තර දෙන්න බැහැ මොකද මට මාධ්‍යට ප්‍රකාශ කරන්න තරම් බලයක් නැහැ. (දුරකථනය විසන්ධිය) සිද්ධිය නිරික්ෂණයට පැමිණීමෙන් පසු කල විමසීමේදී පවසා සිටියේ. කව්ද මාධ්‍යයට කිව්වෙ මාධ්‍යයට කියන්න කලින් අපිට කියන්න එපායැයි. ඔයා මේ ගමේ හින්දනෙ මේක මාධ්‍යට දාන්න හදන්නෙ ඔයා දුර පළාතකනම් මේක කොහොමද දාන්නෙ. අනෙක මේකෙ ලොකු බලපෑමක් නැහැ. මේ පොඩි කොටසක්නෙ. ඔයා කොහොමද කියන්නෙ මේකෙ හානිය ව්‍යාප්ත වෙනවා කියලා. එකක් මතක තියා ගන්න මාධ්‍යට කියන්න කලින් අපිට කියන්න (ගොවියන්ට තර්ජනාත්මකව පැවසීය)

රටේ මාධ්‍ය වගකීම පිළිබදව පවා හයක් හතරක් නොතේරන මෙවැනි අමන නිලධාරින් රට තුළ සිටීම රටක සංවර්ධනයක් සිදුවනවාද වරෙක ප්‍රහේලිකාවකි.


කේ.ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ


නව අදහස දක්වන්න