ඊජිප්තුවේ මෙහෙයුමකින් ත්‍රස්තයින් 40ක් මරුට | දිනමිණ

ඊජිප්තුවේ මෙහෙයුමකින් ත්‍රස්තයින් 40ක් මරුට

ඊජිප්තුවේ ගීසා හි සංචාරක බස් රථයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදු කළ ආරක්ෂක මෙහෙයුමකින් සැඟවී සිටි ත්‍රස්තවාදීන් 40 දෙනකුට වැඩි පිරිසක් ඝාතනය වූ  බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අනාවරණය කරයි. 
 
මෙම ත්‍රස්තයින් විසින් සංචාරක පරිශ්‍ර, දේවස්ථාන හා හමුදා නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව අනාවරණය වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 
 
කෙසේ වෙතත් වියට්නාම් ජාතික සංචාරකයින් තිදෙනෙකුට හා ඊජිප්තු ජාතික මග පෙන්වන්නකුට මරු කැඳවමින් ගිසා පිරමිඩ ආසන්න මාර්ගයේ සිදු වූ ප්‍රහාරයේ වගකීම මේ වන තුරු කිසිවකුත් බාර ගෙන නැත.
 
 එහෙත් පැරණි වාර්තා වන්ට අනුව ඊජිප්තු වේ සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාර දියත් කරනුයේ ඉස්ලාමීය සටන්කාමීන්ය . 

නව අදහස දක්වන්න