සැකකරුවෙක් ගෙල වැල ලා ගනියි | දිනමිණ

සැකකරුවෙක් ගෙල වැල ලා ගනියි

කටුගස්තොට පොලීසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු අද අලුයම් කාලයේදී ගෙල වැල ලා ගෙන මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගංජා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

26 හැවිරිදි කටුගස්තොට පට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුට එරෙහිව මීට පෙර ද ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න