කැබිනට් පත්‍රිකා අධ්‍යනයට කමිටුවක් | දිනමිණ

කැබිනට් පත්‍රිකා අධ්‍යනයට කමිටුවක්

අසේල ලියනගේ

රජයේ අත්‍යවශ්‍ය යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කැබිනට් පත්‍රිකා අධ්‍යනය කිරීමට කමිටුවක් පත්කර ජනතාවට අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

පසුගිය මාස දෙකේ රටේ පැවැති දේශපාලන ගැටලු නිසා ජනතාවගේ ආර්ථිකයට මෙන්ම, රටේ ආර්ථිකයට විශාල පාඩුවක් වූ බවත්, එම නිසා වත්මන් රජයෙන් යෝජනා වී ඇති සංවර්ධන ව්‍යාපෘති හා ජනතාවගේ ජනජීවිතයට අත්‍යවශ්‍ය යෝජනා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කමිටුව එක්සත් ජාතික පෙරමුණ යෝජනා කර තිබෙන බව දිනමිණට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

දේශපාලන අස්ථාවරත්වය මත සම්මත කිරීමට නොහැකි වූ අය-වැය එළැබෙන මාර්තු මාසයේ ජනතාවට සහනදායී ලෙස ඉදිරිපත් කිරීමට පාලාපොරොත්තු වන බවත්, අඩපන වූ සංචාරක කර්මාන්තය, ආපනයනය, විදේශ විනිමය ගලාඒම, රාජත්‍රාන්තික සබදතා නැවත සංවර්ධනය කිරීම සඳහා විදිමත් අයවැයක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාගේ සහයෝගය ද තමා බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට (2) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එහිදී කැබිනට් පත්‍රිකා අධ්‍යනය කිරීමේ කමිටුව පත්කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

නව අදහස දක්වන්න