කිං ඛාන්ගේ අඟුටුමිටි රංගනය | දිනමිණ

කිං ඛාන්ගේ අඟුටුමිටි රංගනය

බින්දුව බොහෝ අංකවලට වටිනාකමක් ලබා දුන්න ද එහි අගය ගැන කිසිවකුට අවබෝධයක් නැත. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කිසිවක් කරගත නොහැකි අසරණ පුද්ගලයන් සේ දැකීමට ද සමාජය හුරුවී තිබේ.

එහෙත් බින්දුවේ ද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ද වටිනාකම සුන්දරත්වය ලොවට කියන සිනමා නිර්මාණයක් බොලිවුඩයේ ආනන්ද් එල් රායි අධ්‍යක්ෂවරයා විසින් නත්තල් සමයේ තිළිණ කර තිබේ. ඒ සීරෝ ය. සීරෝ සිනමා පටයේ කතා නායකයා අඟුටු මිටි බව්වා සිං, ප්‍රේමය පතන තරුණයකි. එහෙත් ඔහුගේ මිටි භාවය පෙමෙහි පසමිතුරා බවට පත්වේ.

නාසා ආයතනයේ විද්‍යඥවරියකවූ ආෆියා භින්දර් තරුණිය ඔහුට මුණ ගැසෙන්නේ ඔය අතරේදීය. ඇය සෙරිබ්‍රල් පාල්සි නම් ස්නායු රෝගයෙන් පීඩා විඳින රෝද පුටුවේ දිවි ගෙවන තරුණියකි.

සුපිරි තාරකාවකවූ මධුවිතට ඇබ්බැහිවූ බබිතා ඔහුට සමීප වන තුරු දෙදෙනා සොඳුරු පෙමක අසිරිය වින්දහ. මේ තුන් කොන් පෙම් සටනේ අවසන ජය ගන්නේ කවුරුන්ද? ත්‍රිකෝණ ආදර කතා සුලබ නමුත් බව්වා සිං ( ශාරුක් ඛාන් ), ආෆියා භින්දර් ( අනුෂ්කා ෂර්මා ), බබිතා කුමාරි ( කත්‍රිනා කායිෆ් ) බොලිවුඩයට ගෙන එන්නේ අලුත්ම මාදිලියේ ආදර කතාවකි.

මේ නවමු අත්දැකීම විඳීම‍ට රසිකයෝ අන්තර්ජාතිකව පෙළ ගැසී සිටිති. ශාරුක් මෙන්ම අනුෂ්කා රඟන චරිතය ද ප්‍රේක්ෂක මනාපය දිනා ඇත.

අනුෂ්කා ආෆියාගේ චරිතය නිරූපණය කිරීම සඳහා නිවෙසේ පවා මාසයක්ම සිට ඇත්තේ රෝද පුටුවකය. කත්‍රිනාගේ රංගනය මුළු සිනමා පටයේම දක්නට ලැබෙන්නේ විනාඩි 25 ක් පමණි.

සීරෝ කිහිප ආකාරයකින් සුවිශේෂීය. මේ අකාලයේ ජීවිතයෙන් සමුගත් බොලිවුඩයේ පළමු සුපිරි තරුව ශ්‍රී දේවියගේ අවසන් රංගනයයි. ඇය ආරාධිත කෙටි රංගනයක් ඉදිරිපත් කළ ද එය සදානුස්මරණීයය. එමෙන්ම ඉන්දියානු රිදී තිරයේ කුරුමිට්ටකුගේ චරිතය ප්‍රධාන චරිතය වූ සිව්වැනි අවස්ථාවයි. මින් පෙර කමල් හසන් ( අපූර්ව සහෝදරාර්හල්), ජොනි ලිවර්

( ආශික් ) , අනූපම් ඛේර් ( ජාන් ඒ මාන් ) අඟුටු මිටි චරිත නිරූපණය කර තිබේ. අනුෂ්කා රඟන සෙරිබ්‍රල් පාල්සි රෝගී තරුණියගේ චරිතයට මුලින්ම තෝරා ගෙන තිබුණේ දීපිකා පදුකෝන්ය.

එහෙත් දින ප්‍රශ්නයක් නිසා ඇයට ඒ චරිතය නිරූපණය කිරීමට නොහැකි විය. එහෙත් ඇය විශේෂ පෙනී සිටීමකට සහභාගී වූවාය. සල්මන් ඛාන්, කාජල්, රාණි මුඛර්ජි, ආලියා බාත්, කර්ෂ්මා කපූර්, ජූහි චව්ලා වැනි අතිශය ජනප්‍රිය තරු රැසක් සිනමා පටයේ කෙටි දර්ශන සඳහා පෙනී සිටිති.

සිනමා පටයේ වැඩි කොටසක් රූ ගත කෙරුණේ මූම්බායි සිනමා නගරයේදීය. නාසා ආයතනයේද රූගත කිරීම් සිදුවූ අතර මින් පෙර ස්වදේශ් සිනමා පටය සඳහා ද ශාරුක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රූ ගත කිරීම් සිදුකර ඇත. සීරෝට ගීත 4 ක් ඇතුළත්ය.

සිනමා පටය සඳහා මුලින්ම නිර්දේශවී තිබුණේ කත්‍රිනා මෙරි ජාන් නාමයයි. පසුව විවිධ නම් නිර්දේශවූ අතර අවසන බින්දුව යන අදහස ඇති සීරෝ නම මේ සිනමා ප්‍රේම වෘතාන්තයට යොදන ලදී.

සිනමා පටය නිපදවීමට ඉන්දියානු රුපියල් කෝටි 200ක් වැයවූ අතර එතරම් වියදමක් දරා නිපදවූ සිනමා පටයක ශාරුක් රංගනයේ යෙදෙන්නේ ප්‍රථම වරටය.

ඔහු සිය 53 වැනි උපන් දිනය සැමරුවේ සිනමා පටයේ පෙම්වතියන් වූ කත්‍රිනා සහ අනුෂ්කා සමඟය. සිනමා පටයේ ට්‍රේලරය නිකුත් වූයේ ද එදිනය. උපන් දිනයදා ශාරුක් සිනමා පටයේ දර්ශන ඇතුළත් කේක් ගෙඩියක් කපා සතුට බෙදා හදා ගත්තේය.

සීරෝ ප්‍රේක්ෂකයන්ගේ 2018 වසරේ දැවැන්ත බලාපොරොත්තුවකි. පැය 24 කදී සිනමා පටයේ ට්‍රේලරය මිලියන 54 කට වැඩි ජනකායක් නරඹා පැයකදී වැඩිම පිරිසක් නැරඹූ සිනමා පටය ලෙසින් වාර්තා පොතට එක්වීමෙන්ම ඒ බව සිතා ගත හැකිය.

යූ ටියුබයෙන් එය දිනකදී මිලියන 100කට වඩා නැරඹීම ද වාර්තාවකි. දෙසැම්බර් 21 වැනි දින සිට තිරගත වන සීරෝ ශාරුක් ඛාන්ගේ බිරිය ගෞරී ඛාන්ගේ නිෂ්පාදනයකි.

චම්පිකා දීපානි රණ­සිංහ

නව අදහස දක්වන්න