පුත්තලම ජගත් ආබාධිත සැමරූ දා | දිනමිණ

පුත්තලම ජගත් ආබාධිත සැමරූ දා

පුත්තලම් දිස්ත්‍රික්කයේ ජගත් ආබාධිත දිනය සමරමින් ආණමඩුව සුදම්පායේදී පුත්තලම් දිස්ත්‍රික් ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන අයුරින් ආබාධිතයින් සදහා සංස්කෘතික සංදර්ශණයක් පවත්වා සම්මාන පිදීම පසුගියදා ප්‍රා ‍ෙද්ශීය ලේකම් වරුන්ගේ ප්‍රධානත්වයෙන් වොයිස් ආයතනය සමග වර්ල්ඩ් විෂන් ජාත්‍යන්තරය එක්වී සිදු කෙරුණී. ශ්‍රව්‍ය දෘෂ්ඨි අක්ෂි ආබාධිත දරුවන් විසින් ඉදිරිපත් කෙරුණු සංස්කෘතික සංදර්ශණය තුලින් නරඹන කාගේත් නෙත් වලට කදුළු උණන තත්වයට රංගනයන් ඉදිරිපත් කෙරුණි. ඉදිරිපත් කෙරුණු සියළු අංගයන් සදහා සම්මාන හා සහතික පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණි. මොවුන් අතරින් තෝරාගත් දරුවන් කිහිප දෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ ශිෂ්‍යත්ව පහසුකම්ද ලබාදීමට කටයුතු කෙරුණි.

පුත්තලම දිසා විශේෂ ලංසගේ සිරිවර්ධන

නව අදහස දක්වන්න