කළුතර ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ ශිෂ්‍යත්ව ප්‍රදානය | දිනමිණ

කළුතර ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ ශිෂ්‍යත්ව ප්‍රදානය

උදයගිරියේ ධම්මසිරි හිමියෝ ශිෂ්‍යත්වලාභී සිසුවකුට පාවහන්, පොත් බෑග්, පොත් පාර්සලය ඇතුළු අධ්‍යාපන උපකරණ (රු: 3500/=) පාර්සලය ප්‍රදානය කළ අයුරු.එම උත්සවයට සහභාගිවීමට පැමිණ සිටි ජපානයේ හි‍රෝෂිමා විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරණ උදයගිරියේ ධම්මිස්සර හිමියන්ට උග්ගල්බඩ ත්‍රිවිධ හමුදා රණවිරු සුබසාධක සංගමය මගින් නිකුත් කළ උපහාර තිළිණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක සමන් අතුකෝරාළ මහතා විසින් ප්‍රදානය කරනු ලැබූ අයුරු.

කළුතර ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ නවවැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය උග්ගල්බඩ ත්‍රිවිධ හමුදා රණවිරු සුබසාධක සංගම් ශාලාවේදී පැවැත්වුණි.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ ජපන් භාෂා පාසලේ අධ්‍යක්ෂ මහරගම සෝමරතන හිමියන් විසින් සංවිධාන කර තිබූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේදී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මුලටියන, පනාපිටිය, උග්ගල්බඩ යන ගම්වල පාසල් සිසුන් 200 දෙනෙක් තෝරාගන තිබුණි.

එම ශිෂ්‍යත්ව ලැබීම සඳහා අදාළ දරුවන්ගේ සුදුසුකම් වූයේ මව, පියා හෝ ඒ දෙදෙනාම ජීවතුන් අතර නැති වීම සහ එම දරුවන් අධ්‍යාපනයේ අති විශේෂ දස්කම් දක්වා තිබීමයි.

මේ ශිෂ්‍යත්ව ප්‍රදානයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජපානයේ හිරෝෂිමා විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳව ආචාර්ය උපාධියක් හදාරන උදයගිරියේ ධම්මසිරි හිමියෝ සහභාගි වූහ.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංවිධානයේ කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ අධ්‍යක්ෂ මහරගම සෝමරතන හිමි සහ විශ්‍රාමලත් විදුහල්පති විල්ප්‍රඩ් වීරසිංහ මහතාද කථා කළ අතර ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියන් නැටුම් හා ගීත ගායනා ඉදිරිපත් කරමින් සභාව ප්‍රබෝධමත් කළහ.

වාද්දුව සමූහ 

 

 

නව අදහස දක්වන්න