බණ්ඩාරගම පොලීසියේ වාර්ෂික සුහද හමුව දා | දිනමිණ


 

බණ්ඩාරගම පොලීසියේ වාර්ෂික සුහද හමුව දා

චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් රුවන්දි විහංගා දැරිය ත්‍යාග ලබමින්

බණ්ඩාරගම පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරි මහත්ම මහත්මීන්ගේ සේවය අගයා තිළිණ ප්‍රදානය කිරීමේ වර්ෂික සුහද හමුව පසුගිය 30 දා රයිගම ලංකා උත්සව ශාලාවේදී පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

එහිදි පොලිස් නිලධාරි මහත්ම මහත්මීන්ගේ දරුදැරියන් සඳහා චිත්‍ර තරගයක් පවත්වා ත්‍යාග පිරිනැමීමද සිදු කෙරිණ .

පානදුර කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන , බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කේ.ඩි.එස් සජීවනා , ප්‍රවිණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්ම මහත්මීන්ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ .

මෙම වැඩසහන බණ්ඩාරගම පොලිස් ස්ථානාධීපති ඩබ් .එල්.කේ වික්‍රමරත්න මහතාගේ මෙහෙය වීමෙන් සංවිධාන කෙරිණ .

හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

සටහන සහ ඡායාරූප හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

 

 

 

නව අදහස දක්වන්න