ජනපති රුවන්වැලි සෑ පරිශ්‍රයේ සේපාලිකා පැළයක් රෝපණය කරයි | දිනමිණ

ජනපති රුවන්වැලි සෑ පරිශ්‍රයේ සේපාලිකා පැළයක් රෝපණය කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (31) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික වතාවත් සඳහා එක්විය.

ස්වර්ණමාලී මහා සෑ රඳුන් උදෙසා සිදුකරන ලද විශේෂ මුරුතැන් දානමය පූජාව සඳහා ද සහභාගී වී ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා අනතුරුව රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තේ ය. මේ අතර රුවන්වැලි සෑය පුදබිම පරිශ්‍රයේ සේපාලිකා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි.

හිටපු ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, තිස්ස කරලියද්ද, හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න