O/Lදෙවන අදියරේ ඇගයීම් ලබන 08 සිට | දිනමිණ

O/Lදෙවන අදියරේ ඇගයීම් ලබන 08 සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
 
මධ්‍යස්ථාන 29 ක් මේ සදහා යොදාගන්නා අතර පාසල් 06 ක් අදාළ කාලය තුළ සම්පූර්ණයෙන් වසා දැමෙන බවත්, සෙසු පාසල් 23 වසා දැමීමකින් තොරව සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවේය.
 
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වනදා සිට 31 වන දා දක්වා සිදුකරනු ලැබීය.

නව අදහස දක්වන්න