බංග්ලාදේශ මැතිවරණයෙන් මෂ්රාෆි මොර්ටාසාට ජයක් | දිනමිණ

බංග්ලාදේශ මැතිවරණයෙන් මෂ්රාෆි මොර්ටාසාට ජයක්

 බංග්ලාදේශ ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක මෂ්රාෆි මොර්ටාසා එරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 274418 ක් ලබා විශිෂ්ඨ ජයග්‍රහණයක් සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව තිබේ.
 
ජාත්‍යන්තර ක්‍රිකට් නායකත්වය දරන අතරතුර පාර්ලිමේන්තු නියෝජනය කරන පළමු ක්‍රිකට් නායකයා වශයෙන් මොර්ටාසා ලෝක ඉතිහාසයට එක්වේ.
 
මොර්ටාසා නාරායිල් -2 ආසනයෙන් තරග වදිමින් 96% ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
 
ඉකුත් නොවැම්බර් මස සිට ඡන්ද කටයුතු ආරම්භ කළ මොර්ටාසා පසුගියදා පැවැති කොදෙව් සංචාරයෙන් ඉවත්ව සිටියේ පාදයේ ආබාධයක් හේතුවෙනි.
 
ඒ අතරතුර මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා තිබේ.
 
මෝර්ටාසා තරග කළ එරට අගමැති ෂික් හසීනා මහත්මියගේ පක්ෂය මෙවර මහ මැතිවරණයෙන් ජය ගත්තේය.

නව අදහස දක්වන්න